Author: Buzzer Editor

දවස අලුත් වන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අලුත්ම රැල්ල තමයි හයිඩ්‍රාෆේෂල් (HydraFacial) කියන්නේ. හයිඩ්‍රාෆේෂල් කියන්නේ පළපුරුදු සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ අනුදැනුම යටතේ විශේෂඥවරයෙකු ලවාම සිදුකර ගත යුතු පියවර හතරකින් යුත් සත්කාරයක්. ඒ පිළිබඳ වැඩිදුර සටහනක් මෙම ලිපිය හරහා දැනුවත් යන්නයි මේ සූදානම. ඉහත සඳහන් කළ පරිදි හයිඩ්‍රාෆේෂල් (HydraFacial) පියවර හතරකින් සමන්විත වෙනවා. ඒ අධි පිරිසිදු කිරීම එහෙමත් නැත්නම් ක්ලෙන්සර් කිරීම ගැඹුරින් පිරිසුදු කිරීම එක්ස්ෆෝලියේට් උකහා ඉවත් කිරීම එහෙමත් නැත්නම් එක්ස්ට්‍රෑක්ටි හා සමට පෝෂණීය සීරම් වලින් තෙතමනය ලබා දීම යන අදියරයන්. මෙහි පළමු පියවරේදී සිදු වන්නේ සම මතුපිට බැඳී තිබෙන මියගිය සෛල හා සීරම ඉවත් කරමින් සම අධි පිරිසිදු කිරීමකට ලක් කිරීමයි. මින් සමේ…

Read More

රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරතවනවා. ඒ අනුව එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සතුන්ට ප්‍රතිකාර කිරීමේ සේවා ඇතුළු කටයුතු බිඳ වැටිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Read More

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කරමින් ඉන්දීය රුපියල් කෝටි 313 සීමාව පසු කර ඇත. ඊට අමතරව, ඉන්දීය සිනමා පටයක් ආරම්භක සතියේ වැඩිම ආදායමක් වාර්තා කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කරමින් Pathaan චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 166 කට වඩා හිමි කරගෙන ඇතැයි ද පැවැසෙයි. ෂාරුක් ඛාන්ගේ සිනමා නිර්මාණයක් මෙසේ තිරගත වන්නේ 2018 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි. දීපිකා පදුකෝන්, ජෝන් එබ්‍රහම් ද චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති. Pathaan චිත්‍රපටය, ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සිද්ධාර්ත් ආනන්ද්ගේ සිනමා නිර්මාණයකි. Pathaan චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එය සිද්ධාර්ත් ආනන්ද් මීට පෙර නිර්මාණය කළ ක්‍රියාදාම චිත්‍රපට අතරට Pathaan…

Read More

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම ඊයේ (29 වැනිදා ) සමත් විය. යාපනය කණ්ඩායම සමග පැවැති එම තරගයේදී ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ පන්දු වාර 56 යි එක් පන්දුවකදී කඩුලු 5ක් අතැතිව එම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූහ. එහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සනෝජ් දර්ශක නොදැවී ලකුණු 60 ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර ඔහුට අනගි සහායක් ලබාදුන් නායක මිනෝද් භානුක අර්ධ ශතකයක් ලබා ගනිමින් දස්කම් දැක්වීය. කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම මුල් ඉනිම සඳහා ලකුණු 62 ක් ද,…

Read More

වසර 2025 දී අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් හටගනු ඇතැයි අමෙරිකානු ගුවන් හමුදා ජෙනරාල්වරයෙකු වන ජෙනරාල් මයික් මිනිහන් අනතුරු අගවා තිබේ. ජෙනරාල් මයික් මිනිහන් පවසා ඇත්තේ මෙම යුද්ධය, චීනය අයිතිය ඉල්ලන තායිවානය මුල්කොට ගනිමින් හටගනු ඇති බවය. මෙම 2024 දී තායිවාන ජනාධිපතිවරණය මෙන්ම, ඇමෙරිකන් ජනාධිපතිවරණ ද පැවැත්වීමට නියමිතය. එම ජනාධිපතිවරණ ප්‍රතිඵල යුද්ධයක් සඳහා චීනයට නිමිත්තක් සකස් කර දෙනු ඇතැයි පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් අද (ජනවාරි 30) සවස්කාලයේ සිට දිවයිනේ වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ…

Read More

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් ඊයේ දහවල් අභාවප්‍රාප්ත වූවා. මියයන විට ඔහු 82 වන වියේ පසු වුනා. සුදු කරල් වේදිකා නාට්‍ය හරහා වේදිකාවට පැමිණි ඔහු මයාදේවී, ජගන් මා වේදිකා නිර්මාණවලට දායක වූ අතර ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ “ඉන්ගම්මාරුව” , ගජමන් නෝනා ආදී ටෙලි නිර්මාණ රැසක තිර රචකයා ලෙසද කටයුතු කර තිබෙනවා. (දිවයින) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මෙතෙක් මුද්‍රණයට යොමුකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර නොමැති බවයි. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

කෝන් ශාකය යනු? මිනිසාට වැළඳෙන විවිධ වූ රෝගාබාධයන් ගැන සලකා බලන කල අපට පෙනී යන්නේ මේ රෝග සියල්ලම පාහේ ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුව වා පිත් සෙම් යන තුන්දොස්වල වෙනස් වීම බවයි. මේ නිසා අපගේ ප්‍රතිකාර පද්ධතිය සැකසී තිබෙන්නේ මෙම දෝෂවල වෙනස්කම් මඟ හරවා නියම තත්ත්වයට පත් කිරීම පිණිස වෙයි. මේ සඳහා ශාක සත්ව සහ පාර්ථිව යන කොටස් තුනම යෝග්‍ය අයුරින් යොදා ගනු ලබයි. මේ සඳහා යොදා ගනු ලබන තුරුලතා සමූහය ඉතා විශාල වන අතර ඒ අතුරින් එක් ශාකයක් ලෙස කෝන් ශාකය හැඳීන්විය හැකිය. ඖෂධීය වශයෙන් මෙම ශාකයේ පංචාංගය විවිධ ඖෂධ යෝග සඳහා ගනු ලබන අතර මෙහි හටගනු ලබන ගෙඩි…

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම් එම් මොහොමඩ් මහතාටද සිය ධූරයෙන් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ඔහු පැමිණිලි කර ඇති අතර මේ වන විට ඔහුට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා. මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර ඇති බවද, එම තර්ජන සියල්ල එකම දුරකථන අංකයකින් WhatsApp ඔස්සේ සිදු කර ඇති බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.

Read More