Author: Buzzer Editor

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ තිබූ ඉඩම් අක්කර 234ක ප්‍රමාණයක් ගොවි ජනතාවට නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට අයත් ඉඩම් ඒ අනුව නිදහස් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පවැත් වුණා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.‍ විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි. කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. සැත්කම සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවුණු අතර, සැත්කමින් පසු කේට් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද නැත. මේ වනවිට, විලියම් කුමරුන්ගේ පියා, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද පිළිකාවකින් පීඩා විදී. චාල්ස් රජු, රාජකීය කටයුතුවලින් ඈත් වී, ප්‍රතිකාරවලට යොමු වූයේ පසුගිය පෙබරවාරියේය. කේට් මිඩ්ල්ටන් කුමරියගේ පිළිකා තත්වය සම්බන්ධයෙන් වැඩි විස්තර කිසිවක් වාර්තා වී නැත.…

Read More

රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ආර්ථික අර්බුදය හේතුවෙන්, අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින්, විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ. රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇති විය. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පාකිස්තානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය අපේක්ෂා කරයි. ඒ සඳහා පාකිස්තාන රජය, මූල්‍ය වගවීම් ප්‍රවර්ධනය කිරීම සම…

Read More

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමත්වී තිබෙනවා. ඒ අනුව පැතුම් නිස්සංක එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 3 ක් ඉදිරියට පැමිණෙමින් 8 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. චරිත් අසලංක එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 14 වන ස්ථානයේ රැඳී සිටිනවා. එසේම ජනිත් ලියනගේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල 87 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි. ලොව සතුටින්ම සිටිය හැකි රටවල් තේරීම සෑම වසරකම සිදුවෙයි. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. මෙවර, රටවල් 143 ක් සම්බන්ධ කර ගනිමින් ජනමත සමීක්ෂණ පවත්වා, සතුටින්ම සිටින රටවල ලැයිස්තුව සකස් කෙරුණි. දළ දේශීය නිෂ්පාදනය, වැසියන්ගේ ආයු අපේක්ෂා කාලය, ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලී බව, රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු පදනම් කර ගනිමින් ලොව සතුටින්ම…

Read More

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft සමාගම අතර අත්සන් තැබීම සිදුකර තිබෙනවා. දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය Smart පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

උ. කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් ද. කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත. උ. කොරියාව, දකුණු කොරියාවට මෙසේ මිසයිල ප්‍රහාර එල්ල කළේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් දකුණු කොරියාවේ සංචාරයකට පැමිණීමත් සමඟය. පසුගිය දා දකුණු කොරියාව සහ ඇමෙරිකාව දින 11 ක් තිස්සේ යුද අභ්‍යාසයක් ද පැවැත්විණි. මෙය ද උතුරු කොරියාවේ දැඩි විරෝධයට හේතුවක් විය. උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන් වී සිටින්නේ එකම ජාතියකි. කොරියාව උතුරු සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන් වූයේ කොරියන් යුද්ධයෙන් පසුවය. දකුණු කොරියාවට ඇමෙරිකාවේ සහාය හිමිවන අතර, ඇමෙරිකන් සෙබළු 27,000 ක් දකුණු කොරියාවේ රැඳී සිටිති. ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි…

Read More

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් තරග දෙකකින් සමන්විත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ඔහුට අත්හිටුවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ. පසුගියදා නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි එක්දින තරගයේදී හසරංග විනිසුරුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බවට පත්ව තිබෙනවා. පසුගිය වසරේ ටෙස්ට් තරග රටාවෙන් විශ්‍රාමගත් ඔහු යළි බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් සංචිතය සඳහා යලි කැඳවා තිබුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. මිලියන 970 කට ආසන්න ඡන්ද මධ්‍යස්ථාන දස ලක්ෂ පනස් දහසක් රට පුරා පිහිටුවීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අභ්‍යාසය ලෙස ඉන්දීය මහ මැතිවරණය සැලකෙයි. මහ මැතිවරණය පැවැත්වෙන්නේ අදියර 4 ක් යටතේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය තවත් විශිෂ්ඨ ජයක් අපේක්ෂා කරයි. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයත් සමඟ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, සිසුන්ගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව උදෙසා විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දෙන බවයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More