- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
රාගම ශික්‍ෂණ රෝහලේ විදුලි ජනන යන්ත්‍රවල දෝෂයක් හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සහ රෝගීහු ඊයේ (31) රාත්‍රී දැඩි අපහසුතාවට පත්වූහ. වෛද්‍යවරුට ජංගම දුරකථනවල එළියෙන් රෝගීන් පරීක්‍ෂා කිරීමට සිදුවූ බවත් පැයක පමණ කාලයකින් විදුලි සැපයුම යථා තත්වයට පත්වූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් රාත්‍රී 9.30 ට පමණ පැවසීය. (ලංකාදීප)
ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවයි.
26,000කට වඩා වැඩි ගුරුවරු පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව දැනට රාජ්‍ය සේවයේ තුළ සිටින අයගෙන් එම බඳවා ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ලෝකයේ කුඩාම දෙවැනි රාජ්‍යය ලෙස සැලැකෙන මොනකෝ හි වසර පුරාම පවතින ශීතල හා උණුසුමත් රැඳි ප්‍රසන්න දේශගුණය නිසා සංචාරකයෝ බොහෝ ඒ වෙත ආකර්ෂණය වේ. මේ සූදානම් වන්නේ ලොව දෙවන කුඩාම රාජ්‍ය පිළිබඳව ඔබට කියන්න. ධන කුවේරයන්ගේ රාජ්‍යයක් ලෙස සැලැකෙන ලොව දෙවන කුඩාම රාජ්‍යය වන මොනකෝ උතුරෙන්, නැගෙනහිරෙන් හා බටහිරෙන් ප්‍රංශයට මායිම් වී දකුණෙන් මධ්‍යධරණී මුහුද පිහිටා තිබේ. එහි ජනගහනය 39,309ක් ලෙස 2020 වන විට දැක්වෙන අතර ඉන් 30%ම කෝටිපතියන් වේ. මෙහි දේශ සීමාව කි.මී. 5.47ක් පමණි. මොනකෝ මෙතරම් සෞභාග්‍යමත් රාජ්‍යයක් වී ඇත්තේ එහි දේශපාලන ස්ථාවරභාවය නිසා වන අතර එය කුමාරයකු විසින් පාලනය කරනු ලබයි. එසේම මුළු අවුරුද්ද පුරා පැවැත්වෙන සුපිරි…
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. ‘ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය’ මෙරටදී පිරිනෑමෙන උච්චතම සම්මානය වේ. කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. එම සම්මානය 2023 පෙබරවාරි 03 වැනිදා පිරිනැමීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ…
ඉන්දියාවේදී පෙරේදා (29වැනිදා) රාත්‍රියේ පවත්වන ලද ලෝක කුසලාන පිරිමි හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජර්මනිය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. 2018 ලෝක කුසලාන ශූරතාව සහ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගනිමින් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානයේ රැඳී සිටින බෙල්ජියමට එරෙහිව දඬුවම් පහර (08 seconds penalty Shoot Out) ආශ්‍රිතව ගෝල් 05 – 04 ක් ලෙස ජයග්‍රහණයේ මිහිරි රස පානය කිරීමට ජර්මානුවන්ට හැකි වූහ. 2002 සහ 2006 දෙවතාවේ ශූරතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක වෙමින් වසර 17කට පසු මෙවර ලෝක කුසලානයට හිමිකම් කියන්නට ජර්මනිය සමත් විය. මෙවර ජර්මනිය සහ බෙල්ජියම අතර පැවති තීරණාත්මක අවසාන මහා තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම…
පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 120 ක් යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. බෝම්බය පිපිරී යෑමෙන් මුස්ලිම් පල්ලියට පමණක් නොව, පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට ද දරුණු ලෙස හානි සිදුවුණු බව ද පැවැසෙයි. ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවුණු තුවාලකරුවන් බේරා ගැනීම ලහිලහියේ සිදුවිය. එය සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් අයි.එස්. ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යැයි අනුමාන කෙරේ. පාකිස්තානයේ සුන්නි සහ ෂියා මුස්ලිම් ආගමික ගැටුම් බහුලය. පසුගිය වසරේ මාර්තු මාසයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනකු ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරය එල්ල කළේ අයි.එස්.…
ගිනිකොණ දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව ගිනිකොණ දෙසින් අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 85.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ජනවාරි 31 සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී 2023 පෙබරවාරි 01 පෙරවරුවේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ නිසා උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස්…
බොලිවුඩයේ සිනමාවෙිදීන් වන සංජය කපූර්, චුන්කි පාන්ඩේ සහ සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය. සංජය කපූර්, චුන්කි පාන්ඩේ කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණි මොහොතේ මෙලෙස මුණගැසී සාකච්ඡා පැවැත්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා ලබාදිය හැකි උපරිම සහය ලබා දෙන අතර , ඒ වෙනුවෙන් බොලිවුඩයේ සුපිරි තරු මෙරටට කැදවාගෙන එන බවට සංජය කපූර් සහ චුන්කි පාන්ඩේ තමා සමග පැවසීයැයි හරින් ප්‍රනාන්දු මහතා කීය. (ලංකාදීප)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු L.T.B දෙහිදෙණිය විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ ධුරයට අභියාචනාධිකරණයේ සභාපති M.K.P ප්‍රනාන්දු පත්කිරීමට ජනාධිපතිවරයා සිදුකර ඇති නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා. N.B.P.D.S කරුණාරත්න අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රැස්වී තිබුණා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.