Author: Buzzer Editor

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඕෂධ ප්‍රනාන්දු සහ නිශාන් මධුශ්ක ගේ ද්විත්ව ශතක සම්බන්ධතාවයේ ශක්තියෙන් තම දෙවැනි ඉනිමට මනා අත්තිවාරමක් දමාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිමේ ලබාගත් ලකුණු 331ක දැවැන්ත ලකුණු පරතරය ලකුණු 103ක් දක්වා අඩු කර ගැනීමට ඊයේ (01 වැනිදා) සවස සමත්ව තිබුණි. තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයට තරගය නිමා වන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 228ක් රැස් කරගෙන සිටියේය. එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට ඕෂධ ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු ලකුණු 134 ක් ලබා ගත්තේය. හතරේ පහර 18ක් තම ඉනිමට එකතු කරගත් ඕෂධ අනෙක් ආරම්භක…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි.100කට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර…

Read More

මැදපෙරදිග රටවල නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීන පාලනයේ පවතින බටහිර ඉවුරේ රාමල්ලා නුවරට පැමිණ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවිය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, පලස්තීනය බලා පැමිණියේ, ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය. රාමල්ලා නුවරදී, පලස්තීන ජනාධිපති හමුවුණු අවස්ථාවේදී, ඊශ්‍රායල රජය පලස්තීනයට අයත් ඉඩම්වල අනවසරයෙන් ජනාවාස ඉදිකිරීම සාකච්ඡාවට බඳුන් විය. කොන්දේසි විරහිතව සෑම විටම ඊශ්‍රායලයට දීමට තමන් සූදානම් යැයි ඇමෙරිකාව පැවැසුවත්, පලස්තීන ප්‍රදේශවල ජනාවාස ඉදිකිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැහැදිලි කළේය. ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳිය හැක්කේ ද්වී රාජ්‍ය විසඳුමකින් පමණක් යැයි ද බ්ලින්කන් පෙන්වා දුන්නේය. (රොයිටර්)…

Read More

ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම මේ වනවිට ලහිලහියේ සූදානම් වන අතර, එහි මූලික කටයුතු සිදුකරනුයේ ණය පදනම මත බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ආයතන ණය පදනම මත භාණ්ඩ සහ සේවා මිලදී නොගත යුතු බවත් එම නියෝගය කඩ කරන රාජ්‍ය නිලධාරීන් අදාළ වියදම්වලට පෞද්ගලිකව වගකිව යුතු බවටත් ජනාධිපතිවරයා පෙරේදා (31) අලුත් නියෝගයක් නිකුත් කළේය. නව නියෝගය හේතුවෙන් මැතිවරණ කොමිසමට ණය පදනම මත ඉන්ධන ලබාදීම, මුද්‍රණ කටයුතු සිදුකිරීම, රාජ්‍ය සේවකයන්ගේ සේවය ලබාගැනීම ආදී කටයුතුවලට තවත් බාධාවක් එල්ලවී ඇතැයි ද වාර්තා වේ. මැතිවරණ කොමිසම මෙතෙක්…

Read More

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 ක් වනවා. එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ. අදාළ නිවේදනය පහතින්,

Read More

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත් අද (01) සිට එළඹෙන 28 වනදා දක්වා Online ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව පළාත් තේරීම්භාර නිලධාරීන් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මාර්තු 09 වනදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) ආරම්භ වූ සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම සිය නමට ගැළපෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු113 ක් ඉදිරියෙන් සිටීමට සමත් වූයේය. ඒ අතර කඩුලු7ක් ද තවත් ඉතිරිව සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ දැවී ගොස් තිබුණේ කඩුලු 3ක් පමණි. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 136කට සීමා කිරීමට මැතිව් ෆිශර් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කර දැමූ මැතිව් ෆිශර් ලකුණු 34 කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහුට අනගි සහායක් ලබාදුන් ලියාම්…

Read More

රුසියන් යුක්රේන යුද්ධයේ දී, අවි ආයුධ සහ මූල්‍ය සහාය ලබා දෙමින් බ්‍රිතාන්‍යය යුක්රේනයට සහාය දැක්වීමට තීරණය කළ අවස්ථාවේදී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට දුරකතන ඇමතුමක් දී මරණ තර්ජන එල්ල කළ බව බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් පුටින් තමන් විනාශ කරනවායැයි තර්ජනය කළ බව හිටපු අග්‍රාමාත්‍ය ජොන්සන් පවසා තිබේ. ජොන්සන් මේ බව පවසා ඇත්තේ බීබීසී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් කරන එම චෝදනා සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ රුසියන් රජය හෝ කිසිවක් පවසා නැත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ…

Read More