- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
75 වන ජාතික නිදහස් දිනය නිමිති කොටගෙන අද (04) දිනයේ සිරකරුවන් 622 දෙනෙකු ජනාධිපති සමාව ලබාදී නිදහස් කර තිබෙනවා. මත්ද්‍රව්‍ය චෝදනා ලැබ පුනරුත්ථාපනය වූ සහ යහපත් කල්ක්රියාවන් සහිත සිරකරුවන් පිරිසක් මෙලෙස නිදහස් කොට ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි වැඩිදුරටත් වාර්තා වන්නේ.
නිදහස් සටනේ ප්‍රධානතම සෙන්පතියකු වූ ගොංගාලේගොඩ බණ්ඩා ගේ මුල් නාමය වූයේ දාවිත් හෙවත් ඩේවිඩ් ය.දොන් පුල්ලේ වෙදරාළ ආදී නම් වලින් හැදින්වූයේද මොහුමය… වර්ෂ 1843 ඔඅමණ කාලයේදී ගොංගාලේගොඩ බණ්ඩා මදුල්ල ප්‍රදේශයේ වාසය කර ඇති අතර එහිදී ජාතිමාමක,ජාත්යාභිමානී,නිර්භීත සිංහලයන් සමඟ එකතු වී ඉංග්‍රීසීන්ට විරුද්ධව කටයුතු කර ඇත.එම නිසාම මොහු රාජ්ද්රෝහියෙකු ලෙස ඉංග්‍රීසි ආන්ඩුව විසින් ප්‍රකාශයට පත්කොට තිබුනි. තමා රාජසිංහ පවුලට නෑකම් ඇත්තෙකු බව ප්‍රකාශ කරමින් මහනුවර දළදා මාලිගයේ මොහු කලක් වාසය කොර ඇත.විදේශීය පාලනයට විරුද්ධව කටයුතු කිරීමේදී එයට අවශ්‍ය පොදු ජන විශ්වාසය සහ සහයෝගය ලබා ගැනීම වැදගත් බව ගොංගාලේගොඩ බණ්ඩා විසින් අවබෝධ කරගෙන තිබුනි. ඉංග්‍රීසීන් විසින් අය කරන ලද අසාධාරන බදු අහෝසි…
මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ චිත්‍රපටයක් වන ‘මුන්නල්’ නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) හි දී විශේෂ ජූරි සම්මානයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම එම සම්මාන උළෙලේදීම Netpac සම්මානය දිනාගැනීමට ජගත් මනුවර්ණ කොඩිතුවක්කුගේ කුළුඳුල් චිත්‍රපටය වන ‘රහස් කියන කඳු’ චිත්‍රපටය සමත් වුණා. Netpac සම්මානය හිමිවන්නේ ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට වන අතර මින් පෙර ශ්‍රී ලංකාව මෙම සම්මානය හිමිකරගෙන ඇත්තේ එක්වරක් පමණයි. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැති පළමු සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ සවස ඇතිවූ වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිමේ 48 වන පන්දුවාරය අවසන් වූ පසු ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් යළි තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ වන විට වන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 221 ක් රැස්කරගෙන සිටියේය. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගය ජය ගැනීම සඳහා කඩුලු තුනක් අවශ්‍යව තිබූ අතර එංගලන්ත ලයන්ස් කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් තවත් ලකුණු 111 ක් රැස් කර ගත යුතුව තිබුණි. ලකුණු 333ක ඉලක්කයක් හඹා…
ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් දිනය ඉතා උද්යෝගයෙන් හා උද්යෝගයෙන් අද දිනයේ සැමරීම ආරම්භ කෙරීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිදහස් ශ්‍රී ලංකාවේ උපත සැමරීම සඳහා පෙළපාළි සහ විවිධ සංස්කෘතික පෙළපාළි රට පුරාද පැවැත්වේ. රටේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කිරීමේ ජාතික උත්සවය “නමෝ නමෝ මාතා-සියවසකට පියවරක්” යන තේමාව යටතේ අද කොළඹ ගාලුමුවදොර පිටියේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික උත්සවය පෙරවරු 8.30ට ආරම්භ ගාලු මුවදොර පිටියේදී විචිත්‍රවත්ව පටන් ගැනුනි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බළකාය මෙවර නිදහස් දින පෙළපාලියට එක්වන අතර ඊට සංස්කෘතිකාංග…
පෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් විය. මෙම සුනඛයාගේ නම බොබී ය. බොබී, රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයට අයත් සුනඛයකු වන අතර වයස අවුරුදු 30 ක් බව ගිනස් කමිටුව පවසයි. සාමාන්‍යයෙන් රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයේ සුනඛයකු ජීවත් වන්නේ අවුරුදු 12 ක් හෝ 14 ක් පමණි. පෙබරවාරි පළමු වැනිදා වනවිට බෝබීගේ වයස මෙම අවුරුදු 30 ක් සහ දින 226 ක් බව ද පැවැසෙයි. බොබීගේ හිමිකරු ලයනල් කොස්තාය. බොබී ජීවත් වන්නේ පෘතුගාලයේ බටහිර වෙරළ තීරයට අයත් කොන්කිරෝස් ගම්මානයේය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව හමුදාව බාරයේ තිබු පලාලි අධි ආරක්ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14 ක භූමි ප්‍රමාණයක ඉඩම් ඊයේ (3) එහි නීත්‍යාණුකූල හිමිකරුවන් වෙත බෙදාදුන් බව යුද හමුදාව පවසයි. පලාලි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 12.14 ක්, පලාලි අධිආරක්ෂිත කලාපයේ තෙලිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 0.72, කන්කසන්තුරේ මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 50.59ක් සහ මයිලඩි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 16.55 ක ප්‍රමාණයකට අදාල නීත්‍යානුකූල ලිපිලේඛන ඊයේ යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංකේතාත්මතව ප්රදානය කළ බව හමුදාව පවසයි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ…
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන අය ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය , ඒකමතිකව තීන්දු නොගැනීම වැනි කාරනා හේතුවෙන් තමා සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී ඇති බව කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කරනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කළා.