Author: Buzzer Editor

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය. අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි. ඔවුන් 26 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බවත් පොලිසිය කියයි. ඉකුත් 30 වෙනි දින ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබූ අතර ඔහුගේ මළ සිරුර ඊට දින දෙකකට පසු පැලවත්ත එම් ඩි එච් පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ පාවෙමින් තිබියදී තලංගම පොලිසිය මගින් සොයා ගෙන තිබිණි. ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී මෝටර්…

Read More

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් එන්. නානායක්කාර පත්කර තිබෙනවා. එම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ පසුගියදා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරු වලින් එක් පුරප්පාඩුවක් සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙක් වන ඩග්ලස් එන්. නානායක්කාර මුදල් අමාත්‍යාංශය විසින් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03.00 ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගිය 25 වනදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබුණා. ඒ අනුව, පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කොමිෂන් සභා සාමාජිකයින් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ උපදේශකවරයකු සහ සංවර්ධන උපදේශකවරයකු වශයෙන් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පත් කරනු ලැබ ඇත. පෙබරවාරි 01 වැනිදා සිට මෙම පත්වීම බලපැවැත්වේ. මෙම පත්කිරීම පිළිබඳව සුසන්තිකා ජයසිංහ මහත්මිය ප්‍රකාශ කර තිබුණේ තමන් එම අභියෝගය ඉතා සතුටින් භාර ගන්නා බවයි. “මේ අභියෝගය මං ඉතා සතුටින් බාරගන්නවා. තරුණ ක්‍රීඩිකාවන්ට ශක්තියක් වෙන්න මට පුළුවන්. මේ අභියෝගය භාර ගෙන ඔවුන් අනාගත තරු බවට පත් කරන්න මං උත්සාහ කරනවා. ඇත්තටම මේ පත් කිරීම පිළිබඳව මට ඉතා සතුටුයි.” ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම කාන්තාව වන සුසන්තිකා ජයසිංහ මහත්මිය තවත් අන්තර්ජාතික තරගවලදී ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්…

Read More

බැලූනය සම්බන්ධයෙන් හටගත් නව අර්බුදය මුල්කොට ගනිමින්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කළ බව ධවල මන්දිරය නිවේදනය කළේය. වසර ගණනාවකට පසු, ඇමෙරිකාවත් චීනයත් අතර, පැවැත්වීමට නියමිතව තිබූ පළමු ඉහළ මට්ටමේ සකච්ඡාව සඳහා සහභාගී වීමේ අරමුණින් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා බෙයිජීං බලා යෑමට සූදානමින් සිටියේය. ඒ, පසුගිය සතියේ කළ මැදපෙරදිග සංචාරය අවසන් කිරීමෙන් පසුවය. බැලූනය සම්බන්ධයෙන්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් චීන රජය දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ, චීනය තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බවය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

නවම් පුර ‍පසළොස්වක පොහොය දවස ශාසනික වශයෙන් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සම්බුද්ධ චරිතය හා සම්බන්ධව ඉතා වැදගත් සිදුවීම් මේ නවම් පුර ‍පසළොස්වක පොහොය දිනයේ සිදුවෙලා තියෙනවා. ඒ අතර ඉතාම වැදගත් සිදුවීම තමයි, සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම. මෙම තනතුරු උන්වහන්සේලාට හිමි වූයේ සංසාරයේ බොහෝ කාලයක් තිස්සේ පුරන ලද පාරමිතා අනුවයි. එදා දම් සබා මණ්ඩපයේ සිටි බොහෝ තෙරුන් වහන්සේලා මේ තනතුරු අපේක්ෂා කළත් බුදුරජාණන් වහන්සේ මේ තෙරුන් වහන්සේලා දෙනම සංසාරයේ පුරන ලද පාරමිතා දැක උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කර මේ තනතුරු පිරිනමා තියෙනවා. ඒ අනුව සැරියුත් මහරහතන් වහන්සේ දකු‍ණත් සව් හා ධර්මසේනාධිපති ලෙසත්, මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

රට තුළ ඉතා විශාල ආර්ථික අර්බුද තත්වයක් පැනනැගී තිබුනත් මේ වන විට ඉදිකිරීම් ඇන හිටීමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ඉදිකිරීම් සමාගම් වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැදුම්කරයක්‌ ලබා දී ඇති බව ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. එමෙන්ම අදාළ ගෙවීම් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

නවම් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයක් ලෙස සලකුණු කර ඇත. මෙම පොහොය දිනය සාමාන්‍යයෙන් සමරනු ලබන්නේ පෙබරවාරි මාසයේ පළමු පුර පසළොස්වක පොහොය දිනයේදී වන නමුත් සමහර වසරවල එය ජනවාරි අගදී සිදු විය හැකිය. මෙම පුර පසළොස්වක පොහොය වැදගත් සිදුවීම් දෙකක් සනිටුහන් කරන බැවින් ශ්‍රී ලංකාවේ බෞද්ධයන් සඳහා විශේෂ වැදගත්කමක් දරයි. පළමුවැන්න සාරිපුත්ත (සැරියුත්) සහ මොග්ගල්ලාන (මුගලන්) ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ප්‍රධාන ශ්‍රාවකයන් දෙදෙනා (අග්ගාසාවක) ලෙස පත්වීම සිහිපත් කරයි. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු පවත්වන ලද ප්‍රථම බෞද්ධ මහා සංඝ සම්මේලනයක් පැවැත්වීමද නවම් පොහොය දිනයේදී සිහිකරනු ලබයි. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන් වෙත ලබා දුන් ඉගැන්වීම් පදනම් කර…

Read More