- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
2023 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගයෙන් ඊයේ (06 වැනිදා) අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තේය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 56ක් ලබා ගත්තාය. ශ්‍රී ලංකා ඉනිම පුරාවට පන්දුවට පහරදුන් හර්ෂිතා සිය ඉනිම සඳහා පන්දු 47කට මුහුණ දුන් අතර ඉන් පන්දු හතක් ඇය…
අද (07) නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් තුර්කිය කැලැඹිණි. සිරියානු දේශ සීමාවට කිලෝ මීටර 90 පමණ දුරින් තුර්කියේ මෙම භූමිකම්පාව හට ගත්තේය. භූමි කම්පාවට පසු අතුරු කම්පන අවම වශයෙන් 40 ක් පමණ ඇති ව තිබේ.එක් පසු කම්පනයක ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ගත් බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත. භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ඉතාලි බලධාරීන් සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර පසුව එය ඉවත් කර ගැනීමට පෙළඹුණි. සිරියානු සහ තුර්කි වැසියන් නින්දේ පසුවෙද්දී මෙම භූමි කම්පාව හට ගෙන ඇත. සිරියානු අග නගරය වන ඩමස්කස් හි බලධාරීන් රජයේ පාලන ප්‍රදේශවල භූමි කම්පාව හේතුවෙන් මියගිය…
අරනායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ තරුණ පියකු ගොඩිගමුව අම්බලමේ දී සිය දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුත් දිවි නසා ගෙන ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මරා දමා ඇත්තේ වයස අවුරුදු හයක සහ අවුරුදු නවයක දරුවන් දෙදෙනකු බව පොලිස් ආරංචි මාර්ග කියයි. පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙසේ මරා දමා ඇත්තේ ත්‍රිත්මි කරුණාරච්චි නව හැවිරිදි සහ දෙනුවන් කරුණාරච්චි හය හැවිරිදි වියේ පසුවන්නන් බවත් ඝාතනය කළ බවට සැකකර පියා තිස්තුන් හැවිරිදි වසන්ත කරුණාරච්චි යන අයගේ සිරුර ගොඩිගමුව අම්බලමේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත. (ලංකාදීප)
එළඹෙන 08 වනදා පෞද්ගලික අංශයේ සිදුකරන ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා. ඒ අනුව පෞද්ගලික අංශයේ සිදුකරන එදිනෙදා සාමාන්‍ය සේවා 08 වනදා දිනය තුළ සිදු නොවන බවත් හදිසි ප්‍රතිකාර සේවා පමණක් සිදුකරන බවයි ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් අද (07) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ. අසාධාරණ බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් තවමත් පිළිගත හැකි පිළිතුරක් ලැබී නොමැති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි පාකිස්තානයේ හිටපු හමුදා පාලක ජනරාල් (විශ්‍රාමික) පර්වේස් මුෂාරෆ් ඩුබායිහිදී පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත වී ඇත. 1999 කාර්ගිල් යුද්ධයේ නිර්මාණ ශිල්පියා වූ 79 හැවිරිදි ඔහු ඇමයිලොයිඩෝසිස් නම් දුර්ලභ රෝගයකින් පෙළුණු අතර ශරීරය පුරා අවයව හා පටක වල ඇමයිලොයිඩ් නම් අසාමාන්‍ය ප්‍රෝටීනයක් ගොඩනැගීම නිසා ඇති වූ දුර්ලභ රෝගයක් බව ඔහුගේ පවුලේ අය පවසයි. ඔහු ඩුබායි නුවර “American Hospital” හි ප්‍රතිකාර ලබමින් සිට ඇත. ඔහු 2016 වසරේ සිට ඩුබායි හි පදිංචිව සිටියේය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
Celcius Solutions (PVT) Ltd හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්‍ෂ කමල් ඩෝල් මහතා CEO 2022 සම්මාන උළෙලේදී ‘වසරේ කාර්යශූර ව්‍යවසායකයා’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. අති විශිෂ්ට විධායක සහ ව්‍යාපාරික නායකයින් හඳුනාගෙන ඔවුන්ව ඇගයීම සඳහාම CEO Magazine වෙතින් මෙම සම්මාන උළෙල දියත් කරනු ලබයි. “මේ වසරේ කාර්යශූර ව්‍යවසායකයා වීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටු වෙනවා. Celcius පවුලේ සෑම සාමාජිකයෙකුටම ඔවුන්ගේ කැපවීම සහ සහයෝගය වෙනුවෙන් මම ස්තූති කරනවා. ඔවුන් නොසිටින්නට මට මෙම සම්මානය ලබා ගැනීමට නොහැකි වන්නට තිබුණා. මෙම සම්මානය ඔවුන්ගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඑලයක් ලෙස හඳුන්වන්න පුලුවන්”. කමල් ඩෝල් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. කනිෂ්ඨ විකුණුම් විධායකයෙකු ලෙස සිය ගමන ආරම්භ කළ ඔහු…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වත්මන් ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති බැන් කි මූන් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු අද (06) අලුයම 2.00 ට පමණ සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 309 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
යාපනය කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති සිව්දින ක්‍රිකට් තරගය ඊයේ (05 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. පළමු දිනයේදී වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 199ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ලකුණු 289ක් ලබා ගත්තේය. ලකුණු 90ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ යාපනය කණ්ඩායම තරගය නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 229 ක් ලබා ගෙන සිටියේය. ඒ වන විට යාපනය කණ්ඩායම ලකුණු 139 ක් ඉදිරියෙන් සිටි අතර යාපනය කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි ඉනිමේ…
යුක්රේනය රජයට එරෙහි යුද ආක්‍රමණය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊශ්‍රායලයට, රුසියාව අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, ඇමෙරිකාවේ කීමට යුක්රේනයට ආයුධ ලබා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණයට විරෝධය පළ කරමිනි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ඉකුත් දා මැදපෙරදිග සංචාරය කරමින් ඊශ්‍රායලයට පැමිණියේය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇන්තනි බ්ලින්කන් සහ අග්‍රාමාත්‍ය නෙදන්යාහු අතරේ සාකච්ඡා පැවැත්විණි. රුසියන් හමුදාවට පහර දීමට යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එහිදී කැමැත්ත පළ කළේය. ඊශ්‍රායලය රුසියන් යුක්රේන යුද්ධයටට මැදිහත් වී, යුක්රේන හමුදාවට සහාය දක්වමින් අවි ආයුධ ලබා දෙන්නේ නම්, ඊශ්‍රායලයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගැනීමට තමන් පසුබට නොවන බව රුසියානු රජය පැහැදිලි…