- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සුදුසු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉකුත් ජනවාරි මස 09 වනදා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රථවාහනවලට සහ විදුලි ජනක යන්ත්‍රවලට වෙන් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එම දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි අදාළ දිවුරුම් ප්‍රකාශය තුළින් පෙන්වාදී තිබෙන්නේ. පවතින තත්ත්වය හමුවේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන…
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිය දෙවැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඊයේ (07 වැනිදා) සමත් විය. එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ලසිත් කෲස්පුල්ලේ එම ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ වෙනුවෙන් වාර්තා කළේය. තරගයේ ඊයේ පැවැත්වීමට නියමිත පන්දුවාර සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වර්ෂාවෙන් අපතේ ගිය අතර ඒ අනුව ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 3ක් දැවී ලකුණු 190ක් රැස්කරගෙන සිටියේය. ශතක ලාභී ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ ඒ වන විට නොදැවී ලකුණු 122ක් ලබා සිටි අතර නායක නිපුන් ධනංජය…
භූමි කම්පාවෙන් විපතට පත්වුණු තුර්කි වැසියන් ගැන සොව පළ කරමින්, අත්දැකීම් බහුල විශේෂඥයන්ගෙන් සමන්විත දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් කඩිනමින් තුර්කියට පිටත් කර හැරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පියවර ගෙන තිබේ. භූමි කම්පාවෙන් පසු සුන්බුන් අතරේ සිරවුණු තුර්කි වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් පැය 24 පුරා ලහිලහියේ සිදුවෙමින් පවතින අතර ජාත්‍යන්තරයේ සහාය ද තුර්කි රජයට ලැබී තිබේ. භූමි කම්පාවෙන් තුර්කියට සිදුවුණු හානිය දුටු සැණින්, ඒ ගැන කම්පාවට පත් වුණු අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, කියා සිටියේ හැකි සෑම අයුරින්ම තුර්කියට සහාය පළ කරන බවය. තුර්කිය බලා ගිය බි්‍රතාන්‍ය දිවි ගලවා ගැනීමේ කණ්ඩායම 79 දෙනකුගෙන් සමන්විතය. සන්බුන් අතර සිරවුණු පිරිස් සොයා ගැනීමට විශේෂයෙන් පුහුණු කළ…
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට අදාල නව ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කළේය. ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර මෙම ගිවිසුම අත්සන් කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක හරිත වර්ධක ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්‍ගේ හිටපු මහ ලේකම් බන් කී මූන් මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබීය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ මහතා ද ලෝක හරිත වර්ධක ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් (Frank Rijsberman) මහතා ද ගිවිසුමට අත්සන් කළහ. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ…
අද (08) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ සඳහන් කළේ. වර්ජන කාලසීමාව තුළදී හදිසි ප්‍රතිකාර සේවා සීමා කිරීමක් සිදු නොකරන අතර හදිසි සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
ගෙමිදුලක ස්ථාවර පොකුණක් වෙනුවට තාවකාලිකව ගොඩනැගූ පොකුණක් සකසා ගෙන තිබුණේ නම් ඔබට එය ගැටළුවක් නොවී අවශ්‍ය වුවහොත් ඊට වඩා සුදුසු යැයි වැටහෙන ස්ථානයක පොකුණක් තනා ගැනීමට අප ඔබව මෙම ලිපිය හරහා උත්සුක කරමු. තාවකාලික පොකුණක් යැයි අප නමින් සඳහන් කළද එහි ස්ථාවර පොකුණක දක්නට ලැබෙන සුන්දරත්වය ඒ ආකාරයෙන්ම පවතින පරිදි සකසා ගැනීම හරහා ගෙමිදුලට නොමද සුන්දරත්වයක් එකතු කරගත හැකිවේ. අවශ්‍ය ද්‍රව්‍ය, ප්‍රථමයෙන්ම පොකුණ ඉදිකිරීමට අවශ්‍ය ස්ථානය තෝරාගෙන රබර් ජල නළය තුළ එහි සීමාව ලකුණු කර ගන්න. ඉන් අනතුරුව රබර් නාලය ඉවත් කර මැද කොටසේ පස් බෑවුමක් ඇති වන පරිදි පිටතට දමා ගන්න. එමගින් පොකුණෙහි ඉඩ ප්‍රමාණය මතුවන අතර ඒ මතුපිට…
රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙය 2022 අතුරු අයවැය යෝජනාවක් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාපිත අරමුදල් ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි එම කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත්…
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs): සඳහා ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර විය. ‘Best Corporate Citizen Awards 2022’ සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ විප්ලවීය කසළ කළමනාකරණය’ සහ ‘මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා කෘෂිකර්මාන්තය සහ ජීවනෝපාය සඳහා ජලය සඳහා ප්‍රවේශය’ (WALK) ව්‍යාපෘති මෙසේ සම්මානයට පාත්‍ර විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ආයතනයන් සිය ආයතනික ඉලක්ක හඹා යන අතරම පාරිසරික, සමාජීය සහ ආර්ථික තිරසාරත්වයට වෙනුවෙන් අදාළ ආයතනවල හොඳම භාවිතයන් ඇගයීමට ලක් කෙරේ. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (MRFs) යනු ප්‍රථම වරට පිළිගත් සුවිශේෂී මුලපිරීමකි. එය රටේ ප්‍රථම විස්තීර්ණ…
ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලාෆ් සමාගම තීරණය කර තිබෙනවා. වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,