Author: Buzzer Editor

භූමි කම්පාවෙන් බිමට සමතලා වුණු නිවසක සුන්බුන් අතරින් හමුවුණු අලුත උපන් බිලිඳිය (Aya) යහතින් පසුවන බවත් ඇයට නම් තැබීම සිදුවුණු බවත්, අලුත් මාපියන් හමුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිරියාවේ ජෙන්ඩිරිස් නගරයේ නිවසක සුන්බුන් අතරින්, මෙම බිලිඳිය හමුවෙද්දී ඇය පෙකණිවැල මගින් මියගොස් සිටි මවට සම්බන්ධ වී සිටියාය. ඇගේ මව පමණක් නොව, පියා ද සුන්බුන් අතරේ මියගොස් සිටියේය. බිලිඳියට නම් තබා ඇත්තේ ‘ආයා’ යනුවෙනි. ‘ආයා’ යන්නෙහි අර්ථය ‘හාස්කම’ යනුවෙනි. බිලිඳිය බාර ගැනීමට ඇගේ පියාගේ සොහොයුරා ඉදිරිපත් වී ඇතැයි සිරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම පළාතේත් බදුල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Read More

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කළ රුපියල් ලක්ෂ ගණනක යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකුගේ සේවය අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ. අදාල නිලධාරීන් සිව්දෙනා එම ව්‍යාපෘතියේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් බවත් අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවැසීය. මෙම පුද්ගලයන් සොරකම් කර ඇතැයි කියන යකඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. (ලංකාදීප)

Read More

වැල්ලවාය ප්‍රදේශයට ඊයේ මැග්නිටියුඩ් ඒකක 3 ක භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බුත්තල, වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලට මෙය වාර්තාවී ඇති අතර මේ තුළින් කිසිඳු අනතුරක් නොමැති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read More

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ තේරීම් කාරක සභා සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ නම් පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා මෙලෙස සාමාජිකයන් පත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ සාමාජිකයන් පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවන දිනය වූ ඊයේ (09දා) දිනය නිමා වන විට දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 202ක් ලබා සිටියේය. එහි දී යළිත් වරක් විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් සිටි ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 84ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 67ක් ලබා ගත්තේය. එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පළමු සිවුදින තරගයේ දී ද්විත්ව ශතකයක් ලැබූ නිශාන් මධුශ්ක මෙම තරගයේ පන්දු 118ක් තුළදී තම ඉනිම සඳහා හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි. චාමික කරුණාරත්න කඩුලු හතරක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවා…

Read More

බ්‍රිතාන්‍ය සංචාරය අවසන් කළ සැණින්, සෙලෙන්ස්කී සිය ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිවරාගෙන ප්‍රංශයේ පැරිස් අගනුවර බලා ගියේය. පැරිස් අගනුවරදී ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගෙන් ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැරිස් අගනුවර බලා පැමිණි පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. පැරිසියට ආ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පිළිගැනීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් ද පැමිණ සිටියේය. රුසියන් ප්‍රහාරවලට මුහුණ දීමට යුක්රේනයට අවශ්‍ය සහාය දිගටම ලබා දෙන බවට ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවේ ප්‍රතිඥා දුන්නේය. රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට ජයග්‍රහණය කිරීමට ඉඩ ලබා දිය යුතු නැතැයි යන්න තම…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත්, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මිට්සුබිෂි සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වූ කාරණා අතර තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබේ. මිට්සුබිෂි…

Read More

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලබන 15 වනදායින් පසුව තීරණයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාදවීම බලශක්ති අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී ඇති බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. තිබෙන සම්පත් ප්‍රමාණය කළමණාකරනය කරගත යුතු බවත් එසේ කළමණාකරනය කරගතහොත් අඛණ්ඩ විදුලි සැපයුමක් හෝ පවතින විදුලි කප්පාදුව තුළින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More