- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
ලෝක ඉතිහාසයේ පළමු වරට, ඉස්ලාමීය රාජ්‍යයක් වන, සෞදි අරාබිය නිරෝජනය කරමින්, එරට යුවතියක්, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට නියමිතය. මෙම සුරූපිනිය රූමී අල්කතානීය. ලොව ඉතාමත් ජනප්‍රිය තරගාවලියක් ලෙස, විශ්ව රූ රැජින තරගාවලිය සැලකෙන අතර, පළමු වරට එය නියෝජනය කිරීමට තමන්ට අවස්ථාව උදාවීම සතුටට කරුණක් බව රූමී අල්කතානී පවසා ඇත. Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.
ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩා හි වෙසෙන දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත. මෙම තහනම ක්‍රියාත්මක වූයේ ජනපද ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුවය. ඒ අනුව අවුරුදු 14 ට අඩු දරුවන්ට, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යෑම තහනම් වේ. දැනට ජනපදයේ සමාජ මාධ්‍ය භාවිතා කරන අවුරුදු 14 ට අඩු දරුවන්ට උපදෙස් දී ඇත්තේ වහා ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කරන ලෙසටය. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය මුඛ සෞඛ්‍ය සන්නාමයක් වන Clogard, සිය නවතම නිෂ්පාදනය වන, Clogard Pro Clean Toothbrush ශ්‍රී ලාංකික වෙළඳපොළට හඳුන්වා දෙයි. මුඛ සනීපාරක්ෂාව ඉහළ නැංවීම පිළිබඳව සිය අවධානය තවදුරටත් යොමු කරමින් Clogard දත් බුරුසු පවුලට අලුතින් එක් වන මෙම නවතම Pro Clean Toothbrush නිෂ්පාදනය තුළින් මුඛ සෞඛ්‍ය පිළිබඳව පෙරළිකාර වෙනසක් ඇති කිරීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අපේක්ෂා කරයි. මෙම නවතම Clogard Pro Clean දත්බුරුසුවෙහි ඇති සුවිශේෂී Power Tip විශේෂාංගය මඟින්, දත් මැදීමේ දී මුඛයේ ළඟා වීමට අපහසු ස්ථාන වෙත පහසුවෙන් ළඟා වෙමින් හොඳින් දත් හා මුඛය පිරිසිදු කිරීමේ හැකියාව ලබා දෙයි. එමඟින් පරිපූර්ණ, ඵලදායී මෙන්ම තෘප්තිමත් විය හැකි අන්දමේ දත්මැදීමේ…
භූතානයේ නිල සංචාරයක නියැලෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට, භූතානයේ ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා භූතානයේ තිම්පු අගනුවරට පැමිණියේ ද භූතාන රජුගේ ඇරැයුමක් පිළිගනිමිනි. මීට දින කීපයකට පෙර, භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ නවදිල්ලියේ සංචාරය කළේය. භූතානයට පැමිණෙන්නැයි භූතාන රජු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කළේ, භූතාන අග්‍රාමාත්‍යවරයා හරහාය. ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මෝදි මෙම දිනවල ඉතාමත් කාර්ය බහුල පුද්ගලයෙකි. එවැනි අවස්ථාවක වුවත්, තම ආරාධනාව පිළිගනිමින් භූතානයට පැමිණීම භූතාන රජුගේ පැසැසුමට හේතුවක් විය. ඉන්දියාව සමෘද්ධිය කරා රැගෙන යන අග්‍රාමාත්‍ය මෝදි සුවිශේෂී නායකයකු බව පවසමින්, භූතානයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට…
සුපිරි හොලිවුඩ් නළු 76 හැවිරිදි ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් සැත්කමකට භාජන කර ඇත. ඒ, පේස් මේකර් උපකරණයක් හදවතට සම්බන්ධ කිරීම සඳහාය. මේ බව නිවේදනය කළේ ද ආනෝල්ඩ්ය සිය එක්ස් ගිණුම හරහාය. අනෝල්ඩ් මීට පෙර හදවත් සැත්කම් 3 කට මුහුණ දී ඇත. සැත්කමින් පසු තමන් ටික දිනක් විවේක ගන්නා බව ද ආනෝල්ඩ් පවසා ඇත. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Associated Motorways (Private) Limited (AMW), ජපානයේ Yamaha Motor Co. Ltd. (YMC) හි බලයලත් නියෝජිතයා ද වේ. Yamaha යතුරු පැදි හා ස්කූටර් වෙනුවෙන්ම විශේෂ කොට ප්‍රවේශමෙන් නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන පෙළක් වන යමාලූබ් ලිහිසි තෙල්, ශ්‍රී ලංකාව තුළ බෙදා හරින, එකම බලයලත් බෙදා හරින්නා AMW වේ. Yamaha යතුරුපැදි සහ ස්කූටර්වල ආරක්ෂාව හා කාර්ය සාධනය හොඳින් පවත්වා ගැනීම සඳහා ඒ පිළිබඳව මනා අවබෝධයක් ඇති ඉංජිනේරුවන් විසින් එය සංවර්ධනය කර තිබේ. ඉන්ධන මනාව රඳවා තබා ගැනීම යමාලූබ් විසින් ප්‍රශස්තව සිදු කරයි. අයහපත්ම පරිසර තත්වයක දී වූව ද, දැඩි ආරක්ෂිත තට්ටුවක් පවත්වා ගනිමින් එන්ජිම් දිරාපත් වීම වළක්වා…
උතුරු කොරියාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ, උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි. කොරියානු රජය වෙනුවෙන් එම නිවේදනය නිකුත් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජාංග්ය. නායක කිම් ජොන් උන්ට පසු උතුරු කොරියාවේ බලවත් චරිතයක් වන්නේ කිම් යෝ ජාංග්ය. ‘පුළුවන් ඉක්මනින්, නායක කිම් ජොන් උන් හමුවන්න ඕනෑ, ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා කැමැත්ත පළ කර තිබෙනවා.’ යැයි කිම් යෝ ජාංග් පවසා ඇත. උතුරු කොරියාව සහ ජපානය අතරේ…
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල අද (25) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ. රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි එම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිත බව සඳහන්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 80 වියේ පසු වු ඒ මහතා සන්නිවේදන විෂයට අදාළ මහාචාර්වයවරයෙකු සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කළේය. ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති ද ඊට ඇතුළත්ය. ඔහු විසින් රචනා කළ කෘතින් අතරින් ‘සමාජ මුහුණුවර’ 1984 වර්ෂයේ සහ ‘යථාර්ථය සහ නිර්මාණ’ 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ සඳහා අයදුම් කිරීමේදී මාසයක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නම් ඩොලර් 25ක්ද, මාස තුනක් සඳහා ඩොලර් 50ක්ද, මාස හයක් සඳහා ඩොලර් 75ක්ද, අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ඩොලර් 200ක්ද අය කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.