- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (13) තීරණය කළේය. ළමා මන්දපෝෂණය තුරන් කිරීම සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වනතෙක් පාරිතෝෂික නොගෙවූ සේවකයන් 18,000කට අධික පිරිසකට කඩිනමින් පාරිතෝෂික මුදල් ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළේය. මෙම වැඩපිළිවෙල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 19 ක් වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සවස අමාත්‍ය මණ්ඩලය රැස්විය. රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම අමාත්‍ය මණ්ඩලයේ දී ගත් තීරණය අනුව පියවර…
පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමෙන්තුව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් මෙලෙස නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදු කළ නොහැකි බවට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
McLarens සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ Mobil Lubricants සඳහා බලයලත් අලෙවිකරු වන McLarens Lubricants Ltd, සිය ලියාපදිංචි අලෙවිකරුවන් 3000ක් අතරින් විශිෂ්ටතම කාර්ය සාධනයන් සහිත අලෙවි නියෝජිතයින් ඇගයීමේ සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමා කරන ලදී. මෙම සම්මාන උළෙල සඳහා දිවයිනේ නන්දෙසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම කාර්ය සාධනයන් පෙන්වූ හවුල්කරුවන් සහභාගී වූ අතර විවිධ කාණ්ඩ 7ක් යටතේ සම්මාන 74ක් මෙහිදී පිරිනමන ලදී. මෙය සම්මාන ප්‍රදානෝත්සවයක්, රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ Jetwing Blue Negombo හි එක් රැයක නවාතැන් ගැනීමක් සහිතව සංවිධානය වී තිබුණි. මේ පිළිබඳව අදහස් දක්වමින් McLarens සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂෙහාරා ද සිල්වා මෙනවිය සඳහන් කළේ, “අපගේ අලෙවි නියෝජිතයන්…
ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැති 3 වැනි අන්තර්ජාතික රංගසේනා නාට්‍ය උළෙලේදී ශ්‍රී ලාංකේය තරුණ නාට්‍යවේදී දේවින්ද වික්‍රමසිංහ හට ‘රංග නාට්‍ය ශාස්ත්‍ර ‘ විශේෂ ගෞරව සම්මානය ද ඔහුගේ ‘‘මම අඩ කුඹයි‘ නාට්‍යයේ සිංහයාට රඟ පෑ ප්‍රදීප් රාමවික්‍රමට රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයක් ද හිමිවිය. පසුගිය 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැති මෙම නාට්‍යය උළෙලට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක නාට්‍යවේදීන් නාට්‍ය ඉදිරිපත් කර තිබුණි. දේවින්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ ‘මම අඩ කුඹයි‘ නාට්‍යය එක් රංගන ශිල්පියකු පමණක් විනාඩි 30 ක කාලයක් රංගනයේ යෙදීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකීය ජාතික කොඩියේ සිටින සිංහයා, එයින් බැසමින් සිදුකරන පාපොච්චාරණයක්…
2023 පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ඉරිදා (19) දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාරගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා. එලෙස මැතිවරණ කොමිසමේ නියමය පරිදි භාරගන්නා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පෙබරවාරි 20 වනදා සිට මාර්තු 03 වනදා දක්වා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු සිදුකරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ. ලිපි බෙදීම් තැපැල් කාර්යාල 2000 කට අධික සංඛ්‍යාවක් හා ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය 7800 ක පමණ පිරිසක් සිටින බවත් ඔවුන් හරහා මෙම කාර්ය සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
කාන්තා පන්දුවාර විස්සයි විස්ස 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ජය ගැනීම සදහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 15 කට සහ විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවීගිය අතර හර්ෂිතා සමරවික්‍රම හා…
මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ගෙබි්‍රයෙල්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව නවසීලන්තයට කඩා වැදුණි. නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිට නවසීලන්ත වැසියන් දහස් ගණනක් මේ වනවිට විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවය. ‘ගෙබි්‍රයෙල්’ සුළි කුණාටුව නවසීලන්තයට හමා ආවේ ඔස්ට්‍රේලියාව පසු කරමිනි. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට නවසීලන්ත කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබුණි. ඕක්ලන්ඩ් නගරයට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බව ද පැවැසෙයි. නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇත. විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී තිබේ. මිලි මීටර් 200 ක වර්ෂාපතනයක් ද සමඟ සුළිකුණාටුව හමා ආවේ පැයට…
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බවයි සඳහන් වන්නේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෝටිපති ව්‍යාපාරිකයකු වු ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජාකර්තා හී තට්ටු නිවාස සංකීරණයකදී අභිරහස් ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට යාමට නියමිතව ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. මෙම ඝාතනය පසුගිය 02 දින සිදුව ඇති අතර මෙම ඝාතනයෙන් පසු ඔනේෂ් සුබසිංහගේ බ්‍රිසීල ජාතික බිරිඳ සහ ඇගේ සහයිකාව බව කියන බ්‍රිසීල ජාතික කාන්නාව සිව් හැවිරිදි දියණියද රැගෙන එම නිවසින් පලාගොස් ඇති බවටබ වාර්තා වේ. පසුව එම පිරිස කටාර් බලා පලාගොස් ඇති බව ජාකර්තා පොලිස් විමර්ශන තොරතුරු අනාවරණය කරයි. පසුගිය ජනවාරි 20 වෙනිදා නිවාඩුවක් ගත කිරීමට ඔනේෂ් සිය බිරිඳ දියණිය සහ බිරිඳගේ සහයිකාව සමඟ ඉන්දුනීසියාවට…
අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් රජයේ රෝහල්වල හදිසි සැත්කම් හා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.