Author: Buzzer Editor

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා ගෙවන තරග ගාස්තු තෙගුණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව සීමිත පන්දුවාර තරගයක් සඳහා ක්‍රීඩිකාවකට මෙතෙක් ගෙවූ ඇමරිකානු ඩොලර් 250ක මුදල ඇමරිකානු ඩොලර් 750ක් දක්වා ඩොලර් 500ක මුදලකින් ඉහළ දමා තිබේ. පසුගිය 31 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර එම වැටුප් වැඩි වීම පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි. තවද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන සෑම තරගයක් (ද්විපාර්ශ්වික තරගාවලි හෝ ජාත්‍යන්තර තරගාවලිවල) සඳහා එක් ක්‍රීඩිකාවකට ඇමරිකානු ඩොලර් 250ක අමතර මුදලක් ද හිමි…

Read More

සමක ගිනියාව යන නමින් හැඳින්වෙන අප්‍රිකා රාජ්‍යයේ ‘මාබර්ග්’ වසංගතයක් පැතිර යන බව වාර්තා වේ. ‘මාබ(ර්)ග්’ යනු මීයන් ආදී සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්තවන මාරක වයිරසයකි. ආසාදිතයන් බහුලව වාර්තා වන ‘කී-නිට්යෙම්’ නමැති පළාත මේ වනවිට ‘ලොක්ඩවුන්’ කරමින් ආසාදිතයන් සහ ආශ්‍රිතයන් විරෝධායනය කර ඇතැයි ද පැවැසෙයි. වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද පියවර ගත් බව සමක ගිනියා සෞඛ්‍ය අමාත්‍ය මිතෝහා ඔන්ඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. සමක ගිනියාව යනු මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ, වර්ග කිලෝමීටර් 28,000 (වර්ග සැතපුම් 11,000) ස්වෛරී රටකි. අතීතයේ ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වූ සමක ගිනියාවට එම නම යෙදී ඇත්තේ, රට සමකය සහ ගිනියා බොක්ක යන…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 20 ත් 30ත් අතට අගයක පැවතීමට ඉඩකඩ ඇත. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 සිට 45 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ඇමරිකානු රජයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ (14) දින පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණි. මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C – 17 A Globemaster – III වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිතා කර තිබූ අතර මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පිටත්ව පැමිණ තිබේ.…

Read More

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ඊයේ මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ජන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් නොමැති බව පවසා තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වැඩි දුරටත් ආරංචි වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

නව සුරාබදු පනතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා. 1912 වසරේදී හඳුන්වාදී ඇති සුරාබදු ආඥාපනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ අනුව සුරාබදු ආඥාපනත සහ දුම්කොළ බදු පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වාදීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරණාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. (නෙත් නිව්ස්, දිවයින)…

Read More

අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙමගින් ප්‍රධාන වශයෙන්ම ඩීසල් මිලදී ගැනීම සිදුකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් බිලියන 5ක ප්‍රදානයක් ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජයේ එකඟතාව පළකර ඇතැයිද ඇමැතිවරයා කීවේය. (දිවයින)

Read More

එංගලන්ත ලයන්ස් සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. ඒ අනුව කලකට පසුව මෙම සංචිතය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද කැඳවා තිබීම විශේෂත්වයක්. අදාළ සංචිතය පහතින්, Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 20 ත් 30ත් අතට අගයක පැවතීමට ඉඩකඩ ඇත. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 සිට 45 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

භූමි කම්පා හේතුවෙන් සිරියාවේ මිලියන 5.3 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. භූමි කම්පාවෙන් පීඩාවට පත් වී සිටින්නේ වසර 12 ක් තිස්සේ පවතින සිරියානු සිවිල් යුද්ධය නිසා අසරණ වුණු වැසියන් බව ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. භූමි කම්පාවලින් මියගිය සිරියානු වැසියන් ගණන 4,500 පසු කර තිබේ. භූමි කම්පාවලින් වැඩිපුර හානි සිදුවූයේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල පාලනයේ පවතින ඇලෙප්පෝ නගරය ඇතුළු ප්‍රදේශ රැසකි. භූමි කම්පාවෙන් විපතට පත්වුණු සිරියානු වැසියන්ට ආධාර ලබා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. විපක්ෂ දේශපාලන…

Read More