Author: Buzzer Editor

අවසර ඉල්ලා තිබූ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග මෙතෙක් ක්‍රියාත්මක විදුලි කප්පාදුව අද සිට නතර කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, මීට පැය කීපයකට පෙර පැවැත්වුනු මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසයි. ඒ වාගේම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. (නෙත් නිව්ස්)

Read More

යොවුන් අධ්‍යක්ෂක චානක පෙරේරා ගේ අනගි නිමැවුමක් වූ ‘ගජමෑන්’ චිත්‍රපටය මේ වනවිට වාර්තා පිට වාර්තා තබමින් සාර්ථක ලෙස ඉදිරියටම යමින් පවතිනවා. ඔහු මෙම චිත්‍රපටය සාදන්නට මුල පිරුවේ ඔහුට අවුරුදු 20 දීය. එලෙස වැඩ පටන්ගන්නා විට, ඔහුගේ වැඩක් මේ තරම් දුරක් මේවගේ වගේ ආකාරයෙන් එලියට එයි කියලා අදහසක් ඔහුගේ හිතේ අහලකවත් තිබුණේ නෑ කියා මීට දවස් කීපයකට උඩදී ඔහු ප්‍රසිද්ධ youtube නාලිකාවකට ප්‍රකාශ කර තිබුනා. අදවනවිට ශ්‍රී ලාංකේය සිනමාවේ සියලුම ආදායම් වාර්තා බිඳ හෙළමින් ‘ගජමෑන් 3D’ අතිසාර්ථකව තිරගත වෙනවා. මේ වන විට ගණන් බලා ඇති අන්දමින් ‘ගජමෑන්’ සමස්ත ආදායම මිලියන 250 ඉක්මවා තිබෙනවා. එක් සති අන්තයක තබන වාර්තා ඊළඟ සති අන්තයේදී…

Read More

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගය අද පස්වරු 6.30 ට පමණ පටන් ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාව මීට පෙර පැවති තරග දෙකම ජයගත් අතර දැන්වන විට පළමු කාණ්ඩය යටතේ ප්‍රබල ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් පසුවනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

නවසීලන්තයේ වෙලිංටන් නගරයේ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 අගයක් ගත් භූ කම්පනයක් ඊයේ (15) හටගෙන තිබේ. භූමි කම්පාව හේතුවෙන් වෙලිංටන් නගරයේ තත්පර කිහිපයක ශක්තිමත් සෙලවීමක් සිදුව ඇත. පුද්ගලයන් 10000 කට අධික ප්‍රමාණයක් අවතැන් වෙමින් 4 දෙනකුට මරු කැඳවූ ගෙබ්‍රියෙල් සුළි කුණාටු නවසීලන්තයට කඩා වැදී දින කිහිපයක් ගත වෙත්ම මෙම භූමි කම්පාව හටගෙන තිබේ. භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් අපදා වාර්තා වී නොමැත. (බීබීසී පුවත්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 25 ත් 35ත් අතට අගයක පැවතීමට ඉඩකඩ ඇත. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 සිට 50 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් පෙරේදා (14) මධ්‍යම රාත්‍රී සිට ගිණුම්ගත කිරීම අත්හිටුවීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. මුදල් ගෙවා තිබුණ ද බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව මහජන බැංකුවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමය කීය. මහජන බැංකුවේ ගිණුම්වලට මුදල් තැන්පත් කරන බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සබරගමුව ප්‍රාදේශීය කළමණාකාරවරයා බෙදුම්කරුවන්ට දැනුම්දී ඇති බව ද බෙදුම්කරුවෝ කියති. (ලංකාදීප)

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (16) දිනයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන බවත් එසේ නොහැකි වුවවොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ප්‍රබල භූමි කම්පා වලින් සහ පසුකම්පන වලින් තුර්කියේත් සිරියාවේත් කුඩා දරුවන් මිලියන 7 ක් පීඩාවට පත්වී සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය පවසයි. ‘යුනිසෙෆ්’ සංවිධානය පවසන ආකාරයට, භූමි කම්පාවෙන් හානි සිදුවුණු තුර්කියේ පළාත් 10 ක වෙසෙන කුඩා දරුවන් මිලියන 4.6 ක් සහ සිරියාවේ කුඩා දරුවන් මිලියන 2.5 ක් මෙසේ උන්හිටිතැන් අහිමි වී, කිසිදු පහසුකමක් නොමැතිව පීඩාවට පත් වී සිටින ‘යුනිසෙෆ්’ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යළි නගා සිටුවීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඉතාලි රජයේ ප්‍රසාදය හිමිවන බව එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩමන්ඩෝ සිරියේලි පවසා තිබෙනවා. ඒ, එරට නිළ සංචාරයක නිරත මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි. එම අවස්ථාවේදී මෙරට ජනතාව වෙනුවෙන් ඉතාලි රැකියා අවස්ථා හිමිකරදීම සඳහා සංක්‍රමණික සේවක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීම කෙරෙහි ද අවධානය යොමුවී තිබෙනවා. මෙරට ආර්ථික ස්ථාවරත්වයට සංචාරක ක්ෂේත්‍රය මූලිකවම දායක වන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන් බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය…

Read More

ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාවට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 13 වැනි දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 2006 වසරේ අප්‍රේල් 24 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි. ගිනි අවි ආඥාපනත පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධ චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා තිබුණි. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ…

Read More