Author: Buzzer Editor

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකියාව පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Read More

Deep Jungle Music and Cultural Festival music ප‍්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක‍්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවත් එකී චක‍්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසත් හිඟුරක්ගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය ඊයේ (17) නියෝග කළේය. හබරණ අලි කොරිඩෝවට යාබදව පෙබරවාරි 17 සිට 20 දක්වා පැවැත්වෙන ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් යන සංගීත ප‍්‍රසංගයට එරෙහිව පරිසරවේදීන් කිහිප දෙනෙකු විසින් ඊයේ (17) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ ගොනුකළ නඩුකරයේ දී හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙසේ නියෝග කළේය.පොලිස් චක්‍රලේඛයට අනුව පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන…

Read More

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ලබන 22 වනදා සි​ට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිති ඇතුළු ක්ෂේත්‍ර රැසක් මේ සඳහා සහයෝගය පළකර ඇති බවයි සඳහන් වන්නේ. වෘත්තීය සමිති වෙන් වෙන්ව සිදුකළ විරෝධතා මේ වන විට එක් ස්ථානයකට එක්වී ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය අවසන් කිරීමේ කිසිදු අදහසක් තමන්ට නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියන් හමුදා මෙහෙයවූයේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ අනුව, ලබන 24 වැනිදාය රුසියන් යුක්රේන යුද්ධයට වසරක් සපිරෙයි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ රජයට, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවලින් ආධාර සහ අවි ආයුධ පවා හිමිවෙයි. රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී යුක්රේනයට එසේ අවි ආයුධ ලැබෙද්දී රුසියන් යුක්රේන යුද්ධයේ අවසානයක් අපේකෂා කළ නොහැකි බවය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ආනයනික බිත්තර භාවිත කරනු ලබන්නේ බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත් සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව බේකරි කර්මාන්තය සඳහා බිත්තර යොදා ගැනීමට අදාල උපදෙස් මාලාවක් සකස්කරන ලෙසද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ කොතලාවල මහත්මියට උපදෙස් දී ඇත. බිත්තර මගින් කුරුළු උණ රට තුළට ඇතුළුවීම වලක්වා ගැනීම සඳහා මෙම පියවර ගනු ලැබේ. රටේ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ. (දිවයින) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත්…

Read More

මෙවර කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවී තිබෙනවා. මුලින්ම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි. නායිකා චමරි අතපත්තු ලකුණු 16 කට දැවී ගිය අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34 ක් හා විශ්මි ගුණරත්න ලකුණු 24 ක් ලබා ගත්තා. නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 15 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 113 ක් ලබා ගනිමින් ජයග්‍රාහී…

Read More

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස සායිෆ් අල් අදෙල් පත් කර තිබේ. සායිෆ් අල් අදෙල් ඊජිප්තු හමුදාවේ පවිශේෂ කාර්ය බලකායේ සාමාජිකයකු ලෙස රාජකාරි කළ අයෙකි. අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පිහිටුවීමට පුරෝගාමියා වූයේ ඔසාමා බින් ලාඩන්ය. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්‍රස්තවාදීන් මගී ගුවන් යානා යොදා ගනිමින් ඇමෙරිකාවට පහර දුන්නේ බින් ලාඩන්ගේ උපදෙස් මතය. ඇමෙරිකන් හමුදා සහ බුද්ධි අංශ පාකිස්තානයේ ජීවත් වුණු ඔසාමා බින් ලාඩන් ඝාතනය කළේ 2011 වසරේදීය. ඉන්පසු බින් ලාඩන්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ අයිමාව් අල් සවහීරි, අල් කයිඩා නායකයා බවට පත් විය. පසුගිය 2022 වසරේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නිවසක සිටිද්දී, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන යානා මිසයිල…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අද (17) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 20 ත් 30ත් අතට අගයක පැවතීමට ඉඩකඩ ඇත. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 සිට 50 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත්…

Read More

කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් හතළිස් හැවිරිදි කාන්තාවකට බස් රථය තුළදී ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන නාවික හමුදා සෙබලෙකු ඊයේ 15 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකාර සෙබළා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක රාජකාරි කරන අයෙකි. කාන්තාවට සිදු වූ බව පැවසෙන ලිංගික අතවරය ගැන පොතුහැර පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් මල්පිටිය ප්‍රදේශයේදී බස් රථය නතර කරගෙන සැකකාර සෙබළා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි. ලිංගික අතවරයකට පත් වූයේ යැයි කියන කාන්තාව පොලීසියට කළ ප්‍රකාශය අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි…

Read More

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබෙනවා. මෙලෙස ඔහුගේ කාර්යාලය මුද්‍රා තබා ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව බවටයි සඳහන් වන්නේ. ජනක රත්නායක මේ වනවිට විදේශගතව සිටින බවයි සඳහන් වන්නේ.

Read More