- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණෙන බව ඇමෙරිකන් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ තමන්ට කල් තියා දැනුම් දී තිබුණු බව රුසියන් ෆෙඩරල් බුද්ධි අංශ ප්‍රධානී බෝර්ට්නිකෝව් පවසයි. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සහ වෙනත් ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් මත ගැටුම් පැවැතියත්, ආරක්ෂක අංශ සහ බුද්ධි තොරතුරු දෙරට අතරේ හුවමාරු වෙයි. බයිඩන් කීව් අගනුවරට පැමිණෙන බව ඇමෙරිකානුවන් පවා දැන සිටියේ නැත. ඒ බව දැන සිටියේ ඇමෙරිකන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ, යුක්රේන ආරක්ෂක අංශ සහ රුසියන් ආරක්ෂක අංශ පමණක් යැයි මේ වනවිට තහවුරු වී තිබේ. කෙසේ නමුත් බයිඩන් කීව් අගනුවරට පැමිණෙන බව දැනගත් විට රුසියන් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පවසා ඇත්තේ ජනාධිපති…
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2023/24 වර්ෂය සඳහා නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා තේරි පත්විය. නව නිළධාරි මඩුල්ල පත්කර ගැනීම සඳහා වූ නිළවරණය ඊයේ (22) එම අධිකරණ පරිශ්‍රය තුලදි පැවත්විණි. සභාපති තනතුර සදහා වූ ජන්ද විමසීමේදී ඉතිහාසයේ වැඩිම ඡන්ද පරතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට ජේශ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා සමත් විය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත් ජන්ද 164 ලබා ගත්තේය. කොළඹ විශ්වවිද්‍යාලයෙ නීතිපීඨයේ සහ ශ්‍රීලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශාන්ත හේරත් මහතා වසර 30කට ආසන්න කාලයක් වෘත්තීය ප්‍රවීනත්වයක් සහිත නීතිඥවරයෙක් වන ඒ මහතා ශ්‍රීලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයාද වෙයි. එම ජන්ද විමසීමේදී උප සභාපති තනතුරු දෙකක් සදහා වූ…
මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවන අතර මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442 ක් බවයි සඳහන් වන්නේ. මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් ජාතික පද්ධතියකට එක් කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ.
රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනය තනි නොකරන බවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ප්‍රතිඥා දුන්නේය. රුසියන් ආක්‍රමණය වසර ගණනක් දිග් ගැස්සුණත්, ඇමෙරිකාව යුක්රේන රජයට ලබා දෙන සහාය අඩු නොකරන බවට ද යුක්රේන ජනාධිපතිවරයා හමුවෙමින් බයිඩන් පැහැදිලි කළේය. මෙය යුක්රේන ජනාධිපතිවරයාගේ මහත් සතුටට හේතුවක් විය. කෙසේ නමුත් බයිඩන් යුක්රේනයට පැමිණීම සම්බන්ධයෙන් රුසියාව විරෝධය පළ කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණීම රුසියන් යුක්රේන යුද්ධය ලෝක යුද්ධයක් දක්වාත්, පසුව න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් ඔඩුදුවනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම රජය දරන උත්සාහයට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මේ වන විට විරෝධතාවයක් දියත් කර තිබෙනවා. සභාව මැදට පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වෙමින් සිටිනවා. මේ අතර පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබුවා. (නෙත් නිව්ස්) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නව ඕවර 50 තරඟාවලියක් පවත්වනු ලබන්නේ ආණ්ඩුකාර කුසලානයට සහභාගී වන ක්‍රීඩා සමාජ, ප්‍රධාන සමාජ 2022 වාරයෙන් ඉවත් වූ සමාජ සහ වසර 100 කට වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති දිඹුල C&AC සහභාගීත්වයෙනි. 2023 පෙබරවාරි 25 වන දින ආරම්භ වන නව තරඟාවලිය, දැනට පැවැත්වෙන ප්‍රධාන සමාජ 23න් පහළ තරඟාවලියේ කොටස්කරුවන් නොවන දක්ෂ තරුණ ක්‍රීඩකයින්ට දස්කම් දැක්වීමට සහ නිරාවරණය වීමට අවස්ථාව සලසා දෙනු ඇත. නව තරඟාවලිය “ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත සමාජ තරඟාවලිය 2023 – අවුරුදු 23 න් පහළ (ඕවර 50)” ලෙස හැඳින්වේ. මෙම මංගල තරඟාවලියේ සාර්ථකත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලි කමිටුවේ…
තුර්කි සිරියා දේශසීමාවේ තවත් නව භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙසය. තුර්කි බලධාරීන් පැවැසුවේ මෙම නව භූමි කම්පාවෙන් තිදෙනකු මියගිය බවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය. මෙම නව භූමි කම්පාවෙන් ද හානි සිදුවූයේ පසුගිය 6 වැනිදා සහ 7 වැනිදා තුර්කිය සහ සිරියාව කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 7 ඉක්මවූ ප්‍රබල භූමි කම්පාවලින් සහ පසුකම්පනවලින් විනාශ වුණු නගර සහ ගම්මානවලටය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ මාධ්‍යට පැවසීය. වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ සිට ලැබෙන බව කී මහාචාර්වරයා, වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු යැයි තරයේ විශ්වාස කරන බව ද සඳහන් කළේය. මුදල් ඇමතිවරයා වන එක පුද්ගලයකුගේ අභිමතය පරිදි ඡන්දය පැවැත්වෙනවාද? නැද්ද යන සියලුම දේ තීරණය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.