Author: Buzzer Editor

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත්, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Read More

යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව කිරින්ද පොලීසිය පවසයි. මෙම මැලේසියානු ජාතික සංචාරකයා කැබ් රථයකින් රියදුරා ද සමග යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි. මැණික් ගඟ ආසන්නයේදී රථයෙන් බැස මුහුදු ප්‍රදේශයට මොහු පා ගමනින් ගොස් ඇතත්යළිත් නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කිරින්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අතුරුදන්ව සිටින මෙම සංචාරකයා සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. (ලංකාදීප)

Read More

මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඉහළ බලපෑමක් එල්ලව ඇති බව සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් අවධාරණය කර තිබෙනවා. ගොවීන් අලෙවිය සඳහා තණකොළ වගා කරන්නේ නම් ඒවා ඉහළ මිලකට මිල දී ගැනීමට හැකියාව ඇති බවත්, එසේත් නැත්නම් රජය විසින් තෘණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්නේ නම් තම මුදල් ආයෝජනය කර තණකොළ වගා කිරීමට හැකියාවක් ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා. එම නිසා ශ්‍රී ලංකාවේ තණකොළ වගාව කෘෂිකාර්මික බෝගයක් ලෙස වගා කිරීම සඳහා එය කෘෂි…

Read More

යුක්රේනය ආක්‍රමණයට යැවූ හමුදා වහා ආපසු ගෙන්වා ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට නියෝග කර ඇත. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි. එහිදී රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගයට සාමාජික රටවල් 141 ක් විරෝධය දැක්වීය. යුක්රේනයට යැවූ රුසියන් හමුදා වහාම ආපසු ගෙන්වා ගන්නැයි ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට එම රටවල සහාය හිමිවිය. එම යෝජනාවට විරෝධය දක්වමින් රුසියාවට සහාය දුක් රටවල් ගණන 93 කි. චීනය සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. රුසියාව සම්බන්ධයෙන් මෙම නව යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සම්මත කර ගැනීම සිදුවූයේ රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර වසරක් ගත වෙද්දීය. (AFP) තවත්…

Read More

රේගුව මගින් රඳවාගෙන තිබූ පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සදහා ආනයනය කර තිබූ උපකරණ තොගය වහාම නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම උපකරණ තොගය රේගුව බාරයේ රඳවාගෙන ඇත්තේ ඒවා ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාද දෝෂයක් නිසා බවද අමාත්‍යවරයා සඳහන් කරයි. උපකරණ පිළිකා රෝහලට අවශ්‍ය ඒවා බවට එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ලිඛිතව තහවුරු කළ බවද ඉන් පසුව ඒවා මුදාහැරි බවද අමාත්‍යවරයා කීවේය. (දිවයින)

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 10 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය සඳහා විනිසුරු කේ.ටී. චිත්‍රසිරි පත්කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ වගේම හිටපු වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් සහ හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක යන පුද්ගලයන් ද ඇතුලත් වේ. අදාළ නිවේදනය පහතින්, Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

මීටර් 1.5 ක විෂ්කම්භයක් ඇති අබිරහස් ගෝලාකාර වස්තුවක්, ජපානයේ හමාමාට්සු නගරයට අයත් මුහුදු වෙරළට ගොඩගසා තිබේ. එම වස්තුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ගෝලාකාර වස්තුව, පළමුවෙන්ම දකින්න ලැබුණේ උදෑසන වෙරළට ආ නගර වැසියන් කිහිප දෙනකුටය. ඔවුන් ඒ බව නගර බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නේය. පොලිසිය සහ හමුදා පැමිණ මුහුදු වෙරළ ජනතාවට තහනම් කලාපයක් කළේය. ඒ, ගෝලාකාර වස්තුව, දෙවැනි ලෝක යුද සමයේ භාවිතයට යොදා ගත් මුහුදේ රැඳවූ පුපුරා නොගිය බෝම්බයක් යැයි ද සැක කළ බැවිනි. බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් ද එය පරීක්ෂා කිරීමට පැමිණියේය. එක්ස් කිරණ පරීක්ෂණයකින් අනාවරණය වූයේ ගා්ලාකාර වස්තුව තුළ කිසිවක් නොමැති බවය. ගෝලාකාර වස්තුවේ ‘හැඩල’ දෙකක් ඇතැයි ද පැවැසෙයි.…

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

අලුතෙන් මැතිවරණ කොමිසමක් පත්කර හෝ මැතිවරණය තබන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පො.පෙ) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසීය. මැතිවරණ කොමිසමේ තුන් දෙනෙක් විතරක් ඡන්දය පවත්වන දිනය පිළිගෙන තිබේ නම් අලුතින් කොමිසමක් පත් කර හෝ ඡන්දය පවත්වන ලෙසද ජයසේකර මහතා සඳහන් කළේය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වන අතර ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බවයි. විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නැගී සිටිමින් පැවසූයේ මැතිවරණ කොමිසම නැවත පත් කළ යුතුය කියා ජයසිරි ජයසේකර මහතා කළ යෝජනාව තමා විසින් ස්ථිර කරන බවයි. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ…

Read More

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලද යන්න සම්බන්ධයෙන් විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමට යෑමේ ප්‍රතිවිපාක ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් ඇති බවයි ඔහු අදාළ ලිපිය මඟින් පෙන්වාදී තිබෙන්නේ. අනාගතයේ ආර්ථිකයේ සිදුවන බිඳ වැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් වගවෙන බවත් එයට වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද වැළැක්විය නොහැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව එල්ල වන ජනතා විරෝධය නිසා ශ්‍රී…

Read More