- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව ණය අර්බුදය විසඳීමට සහ ණය පීඩාවට පත් රටවලට පහසුකම් සැලසීමට නිල ද්වී පාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ බහු පාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අවශ්‍ය බවට ජී – 20 හමුවේදී අවධානය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය සම්බන්ධයෙන් පොදු රාමුවක් යටතේ කාලෝචිත සහ ක්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සඳහන් කරන්නේ.
ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දක්වා අවස්ථා 06කදී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 05කදී ශූරතාව හිමිකර ගැනීමට සමත්වී තිබෙනවා. දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
චීනයේ 19 හැවිරිදි තරුණයෙකුට ඇල්ෂයිමර් රෝගය වැළඳී ඇතිබව ලෙස දැක්වෙන පුදුම සහගත පුවතක් විදෙස් මාධ්‍ය පවසයි. 19 හැවිරිදි තැනැත්තකුට ඇල්ෂයිමර් රෝගය ආසාදනය වූ බව වාර්තා වන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ඇල්ෂයිමර් යනු මතකය අඩු කරන මොළයට බලපෑම් කර, මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන රෝගී තත්ත්වයකි. මූලිකවම මෙම රෝගයට ලක් වන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උකසට තැබූ ජංගම දුරකතනයක් බේරා ගැනීමට ගිය දෙදරුපියකුට පහරදී මරා දමා ඔහුගේ මාමන්ඩියගේ හිසට තුවාල සිදුකළ මව සහ පුතුන් තිදෙනකු සැකපිට පසුගිය 24 දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අදාළ සැකකරුවන් නීතිඥ අනුරාධ රණසිංහ මහත්මියගේ මාර්ගයෙන් අඟුලාන පොලිස් ස්ථානයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය. පහරකකෑමට ලක්වු මරණ කරුගේ මාමණ්ඩිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කොට සිටි බව පොලිසිය පැවසීය. සැකකාර මව ළඟ උකසට තබා රුපියල් හාරදහසක් ලබා ගෙන ඇති ඡංගම දුකරතනයක් එම උකසින් බේරා ගැනීමට යෑමේදී මෙම ආරවුල සිදුව ඇතැයි පොලිසිය පැවසීය. රුපියල් හාරදහසකට උකසට තැබූ ජංගම දුරකථනය බේරා ගැනීමට නම් රුපියල් 8000 ක් අවශ්‍ය…
ජනාධිපතිවරයා සමඟ ඊයේ (25) පැවති සාකච්ඡාවේ දී අපේක්ෂා කර අයුරින් විසදුමක් නොලැබුණු බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. බදු සංශෝධනය පිළිබඳව පොදු මතය එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ නමුත්, මාර්තු 01 වනදායින් පසුව ආරම්භ කරන විරෝධතා මාලාව අත්හැරීම සඳහා අවශ්‍ය කරන ධනාත්මක ප්‍රතිචාරයක් මෙම සාකච්ඡාවේ දී නොලැබුණු බවද, ඒ හේතුවෙන් එම විරෝධතා ඉදිරියටම ගෙන යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවා. කෙසේ නමුත් මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද, බදු සංශෝධනය වෘත්තීයවේදීන්ට දරාගැනීමට හැකිවන මට්ටමකට ගෙන එනතෙක් සටන අත්නොහරින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 03 වැනිදා ප්‍රකාශයටපත් කරන බවද සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බවද පවසයි. එමෙන්ම ඡන්ද විමසීමට අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. (දිවයින) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුළත්ව සිටිනවා. මෙම සංචිතයට නවක ක්‍රීඩක නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායකද ඇතුලත්ව තිබීම විශේෂත්වයක්. නිශාන් මධුෂ්ක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් හා ශතක දෙකක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමඟ ටෙස්ට් තරඟ 02ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ප්‍රථම තරඟය මාර්තු 09 වනදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය පහතින්, Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
උතුරු කොරියාවේ මිසයිල තර්ජනවලට එරෙහිව, ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී යුද අභ්‍යාසයක් පැවැත්වීය. ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් ‘පෙන්ටගනය’ නිවේදනය කළේ උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජන පිටුදැකීමට මෙම යුද අභ්‍යාසය ආරම්භ කළ බවය. ඉදිරියේ දී ජපන් හමුදාව ද එම යුද අභ්‍යාසයට හවුල් කර ගැනීමට ඇමෙරිකාව සහ චීනය බලපොරොත්තු වෙයි. ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මෙම යුද අභ්‍යාසය ආරම්භ කළේ උතුරු කොරියානු හමුදාව තවත් මිසයිල හතරක් අත්හදා බැලීමත් සමඟය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.