Author: Buzzer Editor

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර දැනට පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුරදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 ඉක්මවූ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට අවස්තාව හිමිවුවා. මීට පෙර කුමාර් සංගක්කාර ලකුණු 12400 ක්, මහේල ජයවර්ධන ලකුණු 11814 ක් ලබාගෙන ඇති අතර අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7000 සීමාව පසුකර යාමට සමත් වුණා. අද දිනයේ ඔහු ලකුණු 47 ක් ලබාගෙන සිටියදී දැවී ගියා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම 2024 නොවැම්බරයේ ආරම්භ කරන බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර තිබෙන්නේ යළිත් වරක් සඳ තරණය ඉලක්ක කර ගනිමිනි.’ආටිමිස් 1′ පළමු අත්හදා බැලීමේ මෙහෙයුම පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේ සාර්ථකව සිදුවිය. එහිදී ‘ඔරායන්’ ගගන කැප්සියුලය මිනිසුන් රහිත අත්හදා බැලීමකට යොදා ගැණුනි. ‘ඔරායන්’ ගගන කැප්සියුලය, දින 25 ක කාලයකින් පසු සඳට ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට පැමිණියේය. නාසා ආයතනය ‘ඔරායන්’ කැප්සියුලය නිර්මාණය කර ඇත්තේ ගගනගාමීන් සඳ ගෙන යෑමේ අරමුණින්ය. ‘ආටිමිස් 1’ මෙහෙයුම යටතේ සඳට ගිය ‘ඔරායන්’ කැප්සියුලය ආපසු පෘථිවියට පතිත කළේ පැරෂූට් ආධාරයෙනි. 2024 නොවැම්බරයේ ඇරැඹෙන ‘ආටිමිස් 2’…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40 -50) ක් පමණ වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

පළාත් පාලන මැතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මහත්මිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යවා තිබේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාලසීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරීන් 35 දෙනකු සහ රාත්‍රි කාලයේ 28 දෙනකු අවශ්‍ය බවත් ඒ සඳහා නිලධාරීන් ලබා දෙන්නැයි ඉල්ලමින් මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට විදුලි බිල අඩුකළ හැකි බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා. ඒ අනුව නව ජනන සැලසුම ක්‍රියාත්මක කිරීම හරහා මෙලෙස විදුලිබිල අඩු කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

Read More

“Ong Bak” සිනමාපට මාලාව හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කල රංගන ශිල්පියා තමයි ටෝනි ජා (Tony jaa). “Tatchakorn Yeerum” හෙවත් ටෝනි ජා (Tony jaa) උපත ලබන්නෙ 1976 වර්ෂයේ පෙබරවාරි මස 5 වනදා තායිලන්තයේ සූරිම් වල (Surin, Thailand). සූරින් ප්‍රදේෂයේ ඉතා දුෂ්කර ග්‍රාමීය පරිසරයක උපත ලබන ටෝනි ජා “Kuy” ජන කණ්ඩායම නියෝජනය කරන ජන සමාජයකින් පැවත එන්නෙක්. ලාඕස්, කාම්බෝජ හා තයිලන්ත ජනතාව මිශ්‍ර වූ ජන සමාජයක් වූ මේ Kuy වරුන්ට තායි, කාම්බෝජ් හා ලාඕස් භාෂා තුනම කතා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා කුඩා කල සිටම ටෝනිට මෙම භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමේ හැකියාව පැවතුනා. ගොවිතැනින් ජීවත් වූ ටෝනි ජා (Tony…

Read More

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කළේය. විපක්ෂ නායක කාර්යාලයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීය. පසුගිය 23 වනදා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක පත් කරනු ලැබීය. (දිවයින) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

විදුලිබල මණ්ඩල සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වෙනවා. ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව අද දිනයේ ලංකාව පුරා විදුලි සේවකයන් කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

6 වැනි වරටත් කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ දිනයේ සමත් වුණා. ඒ 2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාව පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කරමින්. පළමුව තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත් අතර Beth Mooney නොදැවී ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේ දී Shabnim Ismail හා Marizanne Kapp කඩුලු 2 බැගින් බිද හෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක්…

Read More

චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා කරමින්, එම අර්බුදය අවසන් කිරීමට චීන ජනාධිපතිවරයාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. ඒ අනුව, ප්‍රශ ජනාධිපතිවරයා ලබන අප්‍රේල් මාසයේ චීනයේ බෙයිජීං අගනුවර බලා යනු ඇතැයි ප්‍රංශ ජනාධිපති මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. රුසියාව යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කර වසරක් සම්පූර්ණ වී තිබේ. රුසියාාව යුක්රේනය ආක්‍රමණය කළේ බටහිර හිතවාදී යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවට එරෙහිව බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට වසරක් සම්පූර්ණ වෙද්දී, එම අර්බුදය අවසන් කිරිමේ අරමුණින්, කරුණු 12 ක සාම සැලැස්මක් චීනය සකස්…

Read More