- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගය ලකුණු 192 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කළා.වැඩිම ලකුණු ලෙස එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක් ලබා ගත්තා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 178 ක් පමණි. එම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූ අසිත ප්‍රනාන්දු බංග්ලාදේශ කඩුලු 4 ක්…
රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානය කැලැඹිණි. තායිවානය යනු චීනය අයිතිය ඉල්ලන චීනය අසල පිහිටි වෙනම පාලනයක් සහිත රාජ්‍යයකි. මේ අයුරින් ප්‍රබල භූමි කම්පාවකින් තායිවානය කැලැඹුණේ වසර 25 කට පසුව යැයි ද පැවැසෙයි. ගොඩනැගිලි සහ නිවාසවලට හානි සිදුවූවත්, මරණ කිසිවක් වාර්තා වී නැත. තුවාල ලැබූ ගණන 50 කි. භූමි කම්පාව හටගත්තේ තායිවානයේ වේලාවෙන් උදේ 8 ට පමණය. භූමි කම්පාවත් සමඟ පිලිපීනය, ජපානය ඇතුළු අසල්වැසි රටවලට සුනාමි අනතුරු නිකුත් කළ නමුත් පසුව එම අනතුරු ඇගවීම් අහෝසි කෙරුණි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
2023 වසරේ දී මෙරටට බී ළුෑණු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් උපයාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූ බව එහි සභාපති පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව 2023 වසරේ රු. 92 ට ගෙන්වන ලද බී ළුෑණු කිලෝවක් ඔරුගොඩවත්තේදී රු.365කට අලෙවි කොට ඇති බවත්, ඒවා පාරිභෝගිකයා අතට පත්වන විට කිලෝවක මිල රු. 700කට ආසන්න වන බවයි ඔහු පෙන්වා දුන්නේ. අර්තාපල් කිලෝවක් රු.110කට ගෙන්වා ඇතත් ඒවා අලෙවි කොට ඇත්තේ රු.840කට බවත්, ඒ භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිපදෙනා දළ වශයෙන් ලබා ඇති ආදායම කෝටි 8,000ක් බවද, ඒ අයථා ලාභ ලැබූ අයට බදු අය නොකොට ඇති…
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද සිදුකර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය HE. Zuhair M.H. Dar Zaid වෙත වෙත නිල වශයෙන් භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසක් අනුව ආරම්භ වූ Children of Gaza Fund නම් අරමුදල වෙත මේ වන විටත් පරිත්‍යාගශිලී බොහෝ පිරිසක් අරමුදල් බැර කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා…
මෙරට පාරිභෝගිකයින්ගේ නාඩු සහල් සඳහා පවතින ඉල්ලුම සම්පූර්ණ කිරීම සඳහා නව සහල් ප්‍රභේදයක් වෙළඳපොළට හඳුන්වා දීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ රතු කැකුළු නාඩු බවට පරිවර්තනය කර මෙහිදී ගෝල්ඩන් රයිස් නමින් වෙළඳපොළට නිකුත් කරන බවයි. වී මිලදී ගැනීම සඳහා මේ වන විට දිවයින පුරා වී ගබඩා 37ක් විවෘත කර තිබුනද තවදුරටත් වී අලෙවි මණ්ඩලය සඳහා වී ලැබෙමින් පවතින්නේ හම්බන්තොට, අම්පාර හා මොණරාගල යන දිස්ත්‍රික්කවලින් පමණක් බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ වැඩිදුරටත් පැවසුවේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී ඩැනියෙල් බාලාජි දිවි ගමනට සමුදුන්නේය. හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මෙසේ මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි. මිය යන විට ඔහු 48 හැවිරිදි විය. ඩැනියෙල් බාලාජි Kaakha Kaakha, Polladhavan, Vettaiyadu Vilayaadu, සහ Vada Chennai ඇතුළු චිත්‍රපට 40 කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නව බද්දක් හඳුන්වා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආනයන අපනයන බදු සරල කිරීම මෙම තීරණය ගැනීමට එක් හේතුවක් බවයි අද (29) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති. මෙය සිදුවනු ඇත්තේ, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් නිසා යැයි ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. ගෝලීය උණුසුම ඉහළ යද්දී, ධ්‍රැවීය අයිස් තට්ටු දියවීම වේගවත් වෙයි. එය පෘථිවියේ හරයට බලපෑම් එල්ල කරයි. පෘථිවිය කැරැකෙන වේගය වැඩිවෙයි. ඒ අනුව, අනාගතයේ දිනයක, හෝරා සටහන්කරුවන්ට පෘථිවියේ ඔරලෝසුවල වේලාව, එක තප්පරයක් අඩු කිරීමට සිදුවනු ඇත. මෙය මීට පෙර ලෝක ඉතිහාසයේ සිදු නොවූ දෙයක් වීම විශේෂත්වයකි. තත්පරයකින් කාලය වෙනස් වීම, සුළු දෙයක් යැයි සිතුණත්, අප ජීවත් වන්නේ පරිගණක සමඟ…
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ. කෙසේ නමුත් චීන දේශසීමාවට යාබඳව පිහිටි අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ටිබෙටයේ කොටසක් බැවින් එය චීනයට අයත් බවට චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත. පසුගිය දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංචාරයක ද නියැලිණි. ඒ, එම ප්‍රාන්තය ඉන්දියාවට අයත් බව තහවුරු කරමිණි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, අරුණාචල් ප්‍රන්තය සම්බන්ධයෙන් මෙසේ නිවේදනයක් නිකුත් කර ඇත්තේ ඉන්දියාවට සහාය දක්වමිනි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම කන්ටේනර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රේගු නිලධාරීන් ඉතා උනන්දුවකින් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන්නේ යයි පැවසූ සභාපතිවරයා එම උනන්දුව අනෙකුත් කටයුතු සඳහාද තිබිය යුතු බව ප්‍රකාශ කළේය මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා පැවසුවේ පළුදුවූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු මාළු වර්ග ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ…