- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ආනයන සීමා පනවා ඇති භාණ්ඩවල එම ආනයන සීමාවන් ලිහිල් කරන්නේ නම් එය වඩාත් ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර, පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩවල හා සේවා වල මිල ගණන් ඉදිරියේදී ක්‍රමයෙන් පහළ යා යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. අපනයනය සඳහා රුපියල් ශක්තිමත් වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද, එය තාවකාලික තත්ත්වයක් බවත්, අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම් වල මිල ගණන්ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත්…
එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) දිනයේ නැවත සුළු වැඩිවීමක් ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන් අනුව සිදු වී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.62ක් ලෙස හා විකුණුම් මිල රු.328.90ක් ලෙසයි අද (10) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ. මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින්. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
කැලණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ඊයේ රාත්‍රී පැවැත්වූ උද්ඝෝෂණයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයින් 06 දෙනා අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත නිදහස් කර ඇත.එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මෙසේ මුදාහැරීමට නියෝග කර ඇත. මේ අතර මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමේදී තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ද ශිෂ්‍යාවක් රාගම රෝහලේ ද ප්‍රතිකාර ලබති. (දිවයින)
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355 ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ දිනයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක්, ධනංජය ද සිල්වා ලකුණු 46 ක් හා කසුන් රාජිත ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් වුණා. දවස අවසාන වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කිසිඳු කඩුල්ලක් 5ක්…
ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි බලක් පළාතේ ආණ්ඩුකාරවරයා ඝාතනය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. ආණ්ඩුකාර මොහම්මද් දාවුද් මුසම්මිල් ඝාතනය කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත්‍රස්තවාදීන් යැයි චෝදනා එල්ල වී තිබේ. බලක් පළාතේ අගනුවර ලෙස සැලකෙන්නේ මසාර් ඊ ෂාරිෆ් ය. මොහම්මද් දාවුද් මුසම්මිල් සිය කාර්යාලයේ රාජකාරිවල නියැලෙමින් සිටිද්දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු තලේබාන් සංවමිධානය යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත්තේ 2021 වසරේ දීය. ඉන්පසු ඝාතනයට ලක්වුණු ජ්‍යෙෂ්ඨතම තලේබාන් නායකයා ලෙස මොහම්මද් දාවුද් මුසම්මිල් සැලකිය හැකිය. (බීබීසී) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.
ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 700 ක පමණ තොගයක් සමඟ මුලතිව් පුදුකුඩු ඉරිප්පු දේවපුර ප්‍රදේශයේදී පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. හොර නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් බවට සැලකෙන පරිගණක යන්ත්‍රයක් ඇතුළු උපාංගද සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. (ලංකාදීප)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (10) දිනයේ කැඳවා ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරනවා. ඒ අනුව එහිදී රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවට අද (10) දිනයේ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් ලැබී ඇති බවත් එහිදී මෙම ගැටලුව විසඳෙනු ඇති බවට විශ්වාසක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
රුසියන් – යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියාව කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ හෝ ‘නේටො’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ සමඟ හෝ යුද්ධයකට පැටලෙන්නේ නැතැයි ජගත් බුද්ධි අංශ නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි. සෑම වසරකම ජගත් බුද්ධි අංශ එක් වී, ලෝකයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මෙසේ තක්සේරු වාර්තාවක් එළිදක්වයි. මෙවර එම වාර්තාවේ රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. ‘රුසියාව කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ හෝ නේටෝ හමුදා සමඟ ගැටුමක් ඇති කර ගන්නේ නැහැ. එසේ ගැටුමක් නිර්මාණය වුවහොත් එය මහා විනාශයක් වේවි. තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යාවි. ඒක සියලු දෙනා දන්නවා.’ යැයි බුද්ධි වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. (රොයිටර්) තවත් විදෙස්…
පසුගිය 2022 වසරේ මාර්තු මස මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති උද්ඝෝෂණවලදී පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් අරගලකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබාදුනේය. එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සම් පත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමා විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය. ඒ අනුව අදාළ විරෝධතා සති හතරක් තුළ ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නැවත…