- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
නැෂනල් සුපර් ලීග් සීමිත ඕවර තරගාවලිය යටතේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා ගාල්ල අතර තරගයට අයහපත් කාලගුණය හරස්වීමෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ජැෆ්නා පිලට ලකුණු 55ක ජයක් හිමි විය. කාසියේ වාසිය දිනාගත් සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 233ක් රැස්කර ගත් අතර, ගාල්ල පිල අයහපත් කාලගුණය මැද තරගය නවතා දමද්දී ඕවර් 32.3කදී කඩුලු 9කට ලකුණු 171ක් ලබා සිටි හෙයින් මෙම පහසු ජයග්‍රහණය ජැෆ්නා පිල සතු විය. ගාල්ල පිලට ප්‍රබල තර්ජනයක් වෙමින් පන්දු යැවූ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 3ක්, රවිදු ප්‍රනාන්දු හා ළහිරු මධුසංඛ කඩුලු 2 බැගින් බිඳහෙළීම කැපී පෙණුනි. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා…
ඇෆ්ගනිස්තානයේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම බෝම්බ ප්‍රහාරය තමන් විසින් සිදු කරනු ලැබූවක් බව එරට ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්ත කල්ලිය ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් පැවැසීය. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි මසාර් ඊ ෂරීෆ් නමැති නගරයේය. නගරයේ මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ ෂියා මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් තුළය. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එවිටය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…
ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පාලම කඩාගෙන ගඟට වැටී ඇත. පාලම කඩා වැටෙන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ කාන්තාවක් සිය දරු දෙදෙනා ද සමඟ ගමන් කරමින් සිට ඇති අතර රියදුරා ඇතුළු ඔවුන් සියලු දෙනාම සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම පාලම කඩා වැටීම හේතුවෙන් නිවාස 100කට පමණ ප්‍රවේශ වීමට නොහැකි තත්වයක් උදාවී ඇති අතර විකල්ප මාර්ගයක් නොමැති වීම හේතුවෙන් කිරිදඬුපේ ගම්වාසීහු මහත් දුෂ්කරතාවයට පත්ව සිටිති. රජයේ පාලම් ලක්ෂයක වැඩසටහන යටතේ මේ ස්ථානයේ පාලමක් ඉදිකිරීමට සැළසුම් කර තිබුණ ද මෙතෙක් එම පාලම ඉදිකර නොමැත. දශක ගණනාවක් තිස්සේ ගම්වාසීන් විසින් එහා මෙහා යෑම සඳහා භාවිතා…
ලබන අප්‍රේල් මාසයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේදී ලබාදීමට කටයුතු කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ. ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කර පවත්වාගෙන යාමට නම් ප්‍රතිව්‍යුගතකරණය සිදුකළ යුතු බවද අමාත්‍යවරයා මෙහෙදී වැඩිදුරටත් සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබා ගැනිමට සමත් වුණා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285ක ඉලක්කයක් හිමිවුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 17 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක්, ඇන්ජලෝ මැතිවුස් ලකුණු 115 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Blair Tickner කඩුලු 4 ක්, Matt Henry කඩුලු 3 ක් හා Tim Southee කඩුලු 2 ක් බිඳ හෙළීමට…
ඉන්ෆ්ලුවෙන්සා H3N2 වයිරසය මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් වාර්තා වන අතර එරට සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසුවේ, වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් වුණු පුද්ගලයන් දෙදෙනකු මියගිය බවය. ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා H3N2 මරණ වාර්තා වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. මරණ වාර්තා වන්නේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තවලිනි. හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදිතයන් 90 දෙනෙකු ගත වූ පසුගිය දින කීපයේ ඉන්දියාවෙන් හඳුනා ගැණුනි. කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කරන බව වෛද්‍යවරු කියති. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තිස්සමහාරාම රන්මිණිතැන්න රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී වෛද්‍යවරයකු දිවියාගේ පහරදීමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ බව වනජීවී නිළධාරීහු පවසති. යාල වනෝධ්‍යානයට ආසන්නව දිවියකු මද්දකට හසුව සිටින බවට වන ජීවී නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව ඌව පළාත් බාර වනජීවී වෛද්‍ය ඩබ්ලිවු. ඒ. ධර්මකීර්ති මහතා ප්‍රමුඛ කන්ඩායමක් අද පෙරවරුවේදී රොටවැව ප්‍රදේශයට පැමිණ දිවියා බේරා ගැනීම සදහා මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී එකවරම මද්ද කඩාගත් දිවියා වනජීවී වෛද්‍ය මාලක අබේවර්ධනගේ ඇඟට පැන ඔහුගේ දකුණු අත වැලමිට ප්‍රදේශයෙන් සපා කා තිබේ. වනජීවී නිළධාරීන් ගේ කෑ ගැසීමත් සමඟ දිවියා කැළයට පැන ගොස් තිබුණි. දිවියාගේ පහර දීමෙන් තුවාල ලැබූ…