- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
බස්නාහිර සහ මධ්‍යම පළාත්වල පාසල්වල අද (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ අද (15) පැවැත්වීමට නියමිතව තිබූ 10, 11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 09 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග එළඹෙන 21 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළා. ඒ වාගේම මධ්‍යම පළාතේ අද (15) පැවැත්වීමට නියමිතව තිබූ 6 සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ වාර විභාග එළඹෙන 17 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති අතර 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා…
ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාදීමට මැලේසියානු රජය එකගතාව පළ කර තිබෙනවා. එම එකගතාව පළ කර ඇත්තේ මැලේසියාවේ නිල සංචාරයක නිරත විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍ය සෆුදින් බින් ස්මයිල් අතර පැවැති සාකච්ඡාවකදීයි. ඒ අනුව නේපාලයට පමණක් දැනට ලබාදෙන ආරක්ෂණ සේවා සඳහා ශ්‍රී ලංකාවට ද අවස්ථාවක් ලබාදීමටයි මැලේසියානු බලධාරීන් එකගතාව පළ කර ඇත්තේ. එම සාකච්ඡාවට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුමංගල ඩයස් ද එක්ව තිබෙනවා. (නෙත් නිව්ස්)
මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වල ඇති විශ්ව විද්‍යාල වලට ඇතුළත් වන වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට ශික්ෂණ රෝහල් ලෙස භාවිතා කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. (දිවයින) මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.
ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය සහභාගි වන තුන්කොන් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම 2023 මාර්තු 15 සිට අප්‍රේල් 3 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි සංචාරය කිරීමට නියමිතව ඇත. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන තුන්කොන් තරඟාවලියේ අවසන් මහා තරඟය 2023 මාර්තු 30 වන දින Tolerance Oval හිදී පැවැත්වේ. තුන්කොන් තරගාවලියට සහභාගී වීමට අමතරව, කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට එරෙහිව ද්විපාර්ශ්වික සීමිත එක්දින තරඟ දෙකක් ද ක්‍රීඩා කරනු ඇත. (Sri Lanka Cricket) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
මෙක්සිකෝවේ ගුවන්ජුවාටෝ පළාතේ තැබෑරුමක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 7 කි. ‘එල් එස්ටාඩියෝ’ නමැති එම තැබෑරුමේ වෙඩි තැබීම සිදුවූයේ රාත්‍රී 11 ට පමණය. මියගිය පිරස අතර පිරිමින් 7 දෙනකු සහ කාන්තාවන් තිදෙනකු සිටින බව පැවැසෙයි. සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩි තැබීම සිදු කර තිබේ. එය අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සැහැසි ක්‍රියාවක් යැයි පොලිසිය පවසයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොළඹ සොයිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ඇගේ සැමිය පිහියකින් කපා බරපතල තුවාළ සිදු කර ඇතැයි ගම්පහ නුංගමුව පොලිසිය කියයි. බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි. වෛද්‍යවරිය පිහියකින් කපා තුවාල සිදුකළ බව කියන ඇයගේ සැමියා මෙවර පළාත් පාලන මැතිවරණයට සමගි ජන බල වේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවකට තරග කරන අපේක්ෂකයකු බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය. මෙම වෛද්‍යවරියගේ පිට ප්‍රදේශයේ සහ අතක කැපුම් තුවාල පෙනෙන්නට ඇතැයි ද පොලිසිය පොලීසිය කියයි. වෛද්‍යවරියගේ ජංගම දුරකථනයේ ඇතුලත්ව තිබූ බව කියන දුරකථන අංකයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු සැමියා මෙවැන්නක් කර ඇති…
ජනාධිපති ලේකම්වරයා විසින් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෑතකදී හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණා. එම නිකුත් කල අදාළ ගැසට් නිවේදනය පහතින් ඔබට දැකගත හැක. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු 2 කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා ගත්තා. සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබාගත් අතර පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළා. ආක්‍රමණශීලී පන්දු යැවීමක් වාර්තා කලේනම් මෙම ලකුණු පුවරුව තවත් ලකුණු 50ක් 60ක් හෝ අඩුවෙන් දිස්වීමට බොහෝ ඉඩකඩ තිබුණි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී…
95 වන ඔස්කාර් සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණා. සුවිශේෂත්වය නම් මෙම සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත කිරීම සිදු නොවනු ඇති අතර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් මෙවර භාවිතා වන බවයි නොයෙකුත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙවර ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ Everything Everywhere All at Once චිත්‍රපටයයි. ලැබූ සම්මාන කිහිපයක් පහතින් මෙලෙස සඳහන් කරමු. දැකගත හැකිවූ තවත් එක් විශේෂ කරුණක් වූයේ ඔවුන් අධ්‍යක්ෂනය කළ Everything Everywhere All at Once චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන රැසක් දිනාගැනීමයි. එමෙන්ම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොදම චිත්‍රපට ගීතය සඳහා ඉන්දීය චිත්‍රපටයක්…