Author: Buzzer Editor

එවරස්ට් කඳු මුදුන විෂබීජවලින් පිරුණු තැනැක් යැයි ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පළ කළ ලිපියක දැක්වෙයි. මෙම ලිපිය පළ කර ඇත්තේ ‘ආක්ටික්, ඇන්ටාක්ටික්, ඇල්පයින් රීසර්ෂ්’ නමැති විද්‍යා සඟරාවේය. මුහුදු මට්ටමින් මීටර් දහස් ගණනක් ඉහළින්, අධිල සීතල කාලගුණයක් පවතින එවරසට් හෙවත් හිමාල කන්ද වසර පුරා හිමෙන් වැසී පවතී. එවරස්ට් කන්ද තරණයට යන කඳු නගින්නන් බොහෝ දෙනකු රෝගී වෙයි. කිවිසුම් යවයි. මෙම රෝගී පුද්ගලයන්ගේ විෂබීම සියල්ල සීතල වාතාශ්‍රයේ විසිරී පැතිරී පවතී. මිනිසා ලෙඩ කරන වයිරස වර්ග බොහොමයක් හිමාල අඩවියේ සීතලේ තැන්පත් වී ඇතැයි විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කර තිබේ. ඊට අමතරව, වසර ගණනාවක් තිස්සේ එවරස්ට් තරණය කිරීමට ගොස් මියගිය කඳු නගින්නන්ගේ…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට දුන් දීමනා මෙලෙස කප්පාදු කෙරෙනු ඇත. මෙම වියදම් කප්පාදු කිරීමේ තීරණය මාර්තු විසි වැනි දා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සියල්ල අද (16) දිනයේ පාසල් සඳහා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඊයේ (15) වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා. ඒ අනුව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා කරන බැවින් අද සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට නියමිතයි.

Read More

‘ෆ්‍රෙඩී’ සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ 99 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් දැඩි ලෙස සුළි කුණාටුවෙන් බැට කෑ බවය. සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ඇතැයි ද පැවැසෙයි. මියගිය සහ තුවාල ලැබූවන්ගේ ගණන තව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසා ඇත. සුළි කුණාටුව හේතුවෙන්, මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ. (බීබීසී) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා ලබා දී ඇතැයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාව ගෙවමින් සිටින දුෂ්කර කාලයේදී මෙරටට සහාය වීම පිළිබඳව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ස්තුතිවන්ත වන බව සබ්රි මහතා තැබූ සටහනේ දැක්වේ. එසේම නැවත වරක් ඉන්දියාවට , පැරිස් සමාජයට සහ චීනයට ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමන…

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් නවසීලන්ත එක්දින සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයින් වන හිටපු නායක කේන් විලියම්සන්, වත්මන් නායක ටිම් සවුති, දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් සහ ආරම්භක පිතිකරු ඩෙවොන් කෝන්වේ ඉවත් වී ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමේ අරමුණෙන් ඔවුහු එසේ ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්ව සිටිති. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසු ඔවුහු ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටිති. එක්දින සංචිතයේ නායකත්වය ටොම් ලේතම් හට හිමිව තිබෙන අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පළමු වරට නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබේ. මෙම එක්දින තරගාවලියට නම් කළ ක්‍රීඩකයින් කාණ්ඩ…

Read More

යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනි. පසුගිය දා අග්‍රාමාත්‍ය සුනාක් සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන, බිරිඳ අක්ෂාතා මූර්ති, දියණියන් සහ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු සුරතලා නෝවා ද සමඟ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ ඇවිදීමට ගියේය. හයිඩ් පාර්ක් උද්‍යානයේ නීතිය, බලු සුරතලුන් උද්‍යානයට රැගෙන එන්නේ නම්, හිමිකරු එම සතා දම්වැලකින් හෝ පටියකින් හෝ බැදගෙන සිටිය යුතු වෙයි. එසේ කළ යුතු වන්නේ උද්‍යානයේ වනජීවින්ට බලු සුරතලුන්ගෙන් හිංසාවක් පීඩාවක් සිදුවිය හැකි බැවිනි. කෙසේ නමුත් සුනාක් පවුල ඔවුන්ගේ බලු සුරතලා උද්‍යානයට රැගෙනවිත් සිටියේ දම්වැලකින් ඌ ගැට ගසාගෙන නොවෙයි. උද්‍යානයේ සිටි පොලිස් නිලධාරිනියක, අග්‍රාමාත්‍යවරයා…

Read More

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

චාල්ස් රජු සහභාගී වූ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දේව මෙහෙයකදී ශ්‍රී ලාංකික යුගලයක් වන රොෂානි ඇබේ (Roshani Abbey) සහ නුවන් හියු පෙරේරා (Nuwan Hugh Perera) වායෝ කණ්ඩායමේ ප්‍රසිද්ධ ගීතයක් වූ ‘අනගතයේ’ ගායනා කළහ. වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය දින සේවයේදී West End තරු වන රොෂානි ඇබේ (Roshani Abbey) සහ නුවන් හියු පෙරේරා (Nuwan Hugh Perera) මෙම ගීතය ගායනා කළහ. චාල්ස් රජු පළමු රාජාණ්ඩුව ලැබූ පසු බිසව වන කැමිලා රැජින සමඟ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය දින සේවයට සහභාගී වූහ එම ප්‍රාසාංගික අවස්ථාව පහතින් නැරඹිය හැක. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More