Author: Buzzer Editor

බස්නාහිර, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More

මහරගම ඩිපොවේ පසුගිය වසර තුළ ඉන්ධන ලීටර් 64,000 අස්ථානගත වී ඇතැයි එහි විමර්ශනයක් මගින් අනාවරණය වී ඇත. පසුගිය වසරේ ජනවාරි පළමු වැනි දා සිට වසර අවසානය දක්වා කාලය තුළ මෙම ඉන්ධන ලීටර් තොගය අස්ථානගත වී ඇති අතර ඉන් ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ. වසර අවසානයේ දී සිදුකරන ලබන ගණන් බැලීමේදී මේ බව හෙළිව ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා ලංගම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල්) මංගල ජයතිලක මහතා ගණකාධිකාරිවරුන් ගෙන් සමන්විත 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර එහිදී ද මෙම වංචාව තහවුරු වී ඇත. (ලංකාදීප)

Read More

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට නියමිත අතර එම බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා රුපියල් 35ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි. ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් මේ වන විට ආනයනය කර තිබෙනවා.

Read More

‘ද වයර් (The Wire)’, ‘ද ෆ්‍රින්ජ් (The Fringe) යන රූපවාහිනී කතාමාලාවන් මෙන්ම, ‘ජෝන් වික්’ චිත්‍රපට මාලාවෙන් ද අතිශය ජනප්‍රිය වුණු ඇමෙරිකන් රංගන ශිල්පී ලාන්ස් රෙඩික් (Lance Reddick) දිවි මඩලෙන් සමුගත්තේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 60 කි. ලාන්ස් රෙඩික් මියගොස් ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර ඔහුගේ නිවසේ සිටිද්දීය. එය ස්වභාවික මරණයක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කිසිවක් මෙතෙක් අනාවරණය වී නැත. (රොයිටර්) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සාමාජිකයෙක් ලෙස කුෂාන් ජයසූරිය මහතා පත්කිරීමේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව නොමග යවමින් මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කර ඇති බවත් එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවත් මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. PUCSL කොමිෂන් සභා පනතට අනුව ලැදියා අතර ඝට්ටනයක් ඇති පුද්ගලයෙක් සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කළ නොහැකි බව කියන ඒ මහතා කුෂාන් ජයසූරිය මහතා විදුලිබල කර්මාන්ත ආශ්‍රිත සමාගමකට සම්බන්ධ යැයි ද සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මස 14 වැනිදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමෙන් පසුව පත්වීම් ලිපිය නැවත කැඳවා ඇති බවත්…

Read More

විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට රුපියල් ලක්ෂ 11ක පොලී රහිත ණය මුදලක් ලබාදීම යළි ඇරඹීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සඳහා රාජ්‍ය බැංකු 3ක් හරහා පොළී රහිත ණය පහසුකමක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙහිදී තාක්ෂණික පාඨමාලා සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් සාකච්ඡා වට කිහිපයකින් පසු මුදල් අමාත්‍යංශය විසින් අනුමැතිය ලබාදී ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය හෙට (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3.30 ට Wellington නුවර Basin Reserve හිදී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පැවති පළමු ටෙස්ට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුපිරි සන්නායකයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන රංග ඩයස් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදු කර ඇති අතර හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටේෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙන් මෙම සුපිරි සන්නායක ද්‍රව්‍යය නිර්මානය කිරීමට සමත්වී තිබෙන්නේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට තවත් තැනකට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේදී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමය. මහාචාර්ය රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ…

Read More

අයර්ලන්ත ජාතික කණ්ඩායම අප්‍රේල් මාසයේදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත. තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයර්ලන්ත ක්‍රිකට් ආයතනය අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව කලින් සැලසුම් කළ පරිදි එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග දෙකක් වෙනුවට ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත. ලබන අප්‍රේල් 9 වැනිදා අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More