Author: Buzzer Editor

නායක ශෙවෝන් ඩැනියෙල් අවසන් තරගයේ දී හුදෙකලා සටනක නිරත වූවද අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව පෙරේදා (28 වැනිදා) අහිමිව ගියේය. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 04 ක තියුණු පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා පිලට සිදු වූ බැවිනි. මෙම තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින් ඇෆ්ගනිස්තානු පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 323 ක් ලබා ගත් අතර, එය හඹා යෑමේදී ශ්‍රී ලංකා පිල පන්දුවාර 49.3 කදී ලකුණු 319 කට සියලු දෙනා දැවී ගියහ.…

Read More

තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන්, ග්වාතමාලා සහ බෙලීස් සංචාරයකට යෑමට සූදානම් වෙයි. මෙම සංචාරවලදී තමන් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවීමට සූදානම් බව ජනාධිපතිවරිය පැවැසීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ගුවාතමාලා සහ බෙලීස් සංචාරය අතරතුරදී තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකානු කතානායක කෙවින් මැකාති හමුවුවහොත් ඊට දැඩිව ප්‍රතිචාර දක්වන බව චීනය ප්‍රකාශ කර ඇත. නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත් ජනාධිපති සායි ඉන්ග් වෙන්ගේ ගුවාතමාලා සහ බෙලීස් රටවල සිදු කරන දස දින නිල සංචාරය අවසානයේ ඇමෙරිකානු කතානායක කෙවින් මැකාති මුණ ගැසීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. චීනයේ තායිවාන සබඳතා කාර්යාලයේ ප්‍රකාශිකාවක වන සූ ෆෙන්ග්ලියාන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති සායි ඉන්ග් වෙන්…

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අනුරාධපුරය,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More

මෝටර් රථයකින් පැමිණි පිරිසක් අහංගම මිදිගම සංචාරක අවන් හලක් ඉදිරිපිටදි එම අවන් හලේ අයිතිකරුට ඊයේ (29) රාත්‍රියේ වෙඩිතබා පලා‍ගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි. තුවාලකරු රෝහල්ගතකර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ තත්වය බර පතල බවය. ඔහු තම අවන්හල ඉදිරිපිට යතුරු පැදියක සිටියදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙසේ වෙඩි තබා පලාගොස් ඇති අතර පොලිසිය පැවසුවේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා”ගේ ගෝලයන් පිරිසක් මෙම වෙි තැබිම සිදු කරන්නට ඇතැයි සැකරන බවය. (ලංකාදීප)

Read More

ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් හා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80 දක්වා පහත හෙලන බවයි ත්‍රිරෝද රථ සංගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් වීමටත් සමස්ථ අනුශූරතාව දිනා ගැනීමටත් සමත් විය. DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම ජයග්‍රහණය අප සමාගම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්. DIMO ආයතනය සමාජයට, පරිසරයට සහ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි තිරසාර විසඳුම් සැපයීම තුලින් සියලුම ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට සැමවිටම කැපවී සිටිනවා.” DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව නිරීක්‍ෂණය කරන ලද ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හි විනිසුරු මඩුල්ල, තිරසාරභාවය පිළිබඳව…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇත. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

Read More

මේ වනවිට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව ඔවුන්ට මේ මොහොතේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ. සංස්ථාවේ අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හා අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දැනුම්දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ

Read More

2023 ජුලි 31 සිට අගෝස්තු 22 දක්වා 4 වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වීම නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොබෝ දා පියවර ගත්තා. කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තුනකදී පැවැත්වේ. “මෙම කාල සීමාව තුළ තරගාවලිය පැවැත්වීමෙන් ඉහළම ජාත්‍යන්තර දක්ෂතා ආකර්ශනය කර ගැනීමට අපට හැකි හොඳම අවස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනයට ද ගැලපෙන බැවින් මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී තරගාවලිය පැවැත්වීමට අපි තීරණය කළෙමු,” ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා එසේ පැවසීය. LPL ජූලි-අගෝස්තු කාල සීමාවට මාරුවීම ලීගය මුලින් සැලසුම් කළ “කවුළුවට” නැවත පැමිණීම සනිටුහන් කරයි. Lanka Premier League යනු ජාත්‍යන්තර…

Read More

තායිවානයේ හිටපු ජනාධිපති මා යිංග් ජෝ චීනයේ සංචාරයකට පැමිණියේය. චීනය සහ තායිවානය අතරේ විරසකයයක් පවතී. චීනය තවමත් සලකන්නේ තායිවානය එරට කොටසක් ලෙසය. තායිවානය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1949 කොමියුනිස්ට් විප්ලවයෙන් පසුවය. ඉන්පසු තායිවාන නායකයකු හෝ හිටපු නායකයකු හෝ චීනයේ සංචාරයකට පැමිණ නැත. ඒ අනුව, තායිවානයේ හිටපු ජනාධිපති ජනාධිපති මා යිංග්ගේ මෙම චීන සංචාරය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් යැයි දේශපාලන විහ්ලේෂකයෝ පෙන්වා දෙති. ෂැංගායි නුවර පූඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී චීන බලධාරීන්ගෙන් ඔහුට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. මා යිංග්ගේ තායිවාන ජනාධිපති ධුරය හෙබවූයේ 2008 සිට 2016 තෙක් කාලයේය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත…

Read More