Author: Buzzer Editor

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන හා අවසන් එක්දින තරග කඩලු 6 කින් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එක්දින තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා. තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 41 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත…

Read More

අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා මැයි මස 22 වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. එම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ට අදාළව ලේඛන ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීම් කළේය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු විසින් එම පෙත්සම් ගොනුකර තිබුණි. (දිවයින)

Read More

ශ්‍රී ලංකාව හා සත්කාරක නවසීලන්තය අතර තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා. ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 158 ක්. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයකු වීමට ෆින්ලන්තයට අනුමැතිය ලබා දීමට තුර්කි පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. ෆින්ලන්තයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දිය යුතු ද නැද්ද යන්න තුර්කි පාර්ලිමේන්තුවේ දී කළ ඡන්ද විමසුමේ දී මැති ඇමැතිවරුන් සියලු දෙනා ඒකමතිකව ඊට කැමැත්ත පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. තුර්කිය ද ‘නේටෝ’ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකි. තුර්කි රජයට එරෙහිව කටයුතු කර නිසා ෆින්ලන්තයට ගොස් ජීවත් වන විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු බොහෝ දෙනෙක් වෙති. ඊට අමතරව තුර්කිය විසින් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කළ බොහෝ දෙනෙක් ද ෆින්ලන්තයේ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා වගවීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත. විනිවිදභාවය රටක පාලනය ශක්තිමත් කරන බැවින් ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතා සංවර්ධනයට සහාය වීමට UNFPA කැපවී සිටින බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් පැවසූ බව රුවන් විජයවර්ධන මහතා කීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද මෙම හමුවට සහභාගී විය. ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් නිල වශයෙන් අනුමත කළ දකුණු ආසියාවේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු…

Read More

සංශෝධනය වූ නව බස් ගාස්තු අද (31) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති අතර අනෙකුත් බස් ගාස්තු 12.9% කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More

ශුද්ධෝත්තම අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හට පෙනහළු ආසාදනයක් ඇතිවීම හේතුවෙන් දින කිහිපයක් රෝහල් ගතවී සිටීමට සිදුවනු ඇති බව වතිකානුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය දින කිහිපය පුරාවට ශ්වසනය කිරීමේ අපහසුතාවයෙන් පෙළමින් සිටි බවත් වතිකානුව විසින් නිවේදනය කර ඇති අතර, උන්වහන්සේට කොවිඩ් ආසාදනය වී නොමැති බවත් පවසා තිබෙනවා. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, පසුගියදා 30 වැනි වරට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ දී උත්කර්ෂවත්ව සමරනු ලැබීය. ජෝර්ජ් කීට් පදනමේ සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දිගු කාලීන සහයෝගීතාවක් වන කලා පොළ, කලාකරුවන්ට සහ මූර්ති ශිල්පීන්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ගැනුම්කරුවන්, කර්මාන්ත වෘත්තිකයන් සහ දේශීය කලා ප්‍රජාව සමඟ සම්බන්ධ වීමටත් ඉඩ සලසන ශ්‍රී ලංකාවේ විශාලතම සහ දීර්ඝතම එළිමහන් ප්‍රදර්ශන වේදිකාවයි. කොවිඩ් වසංගතයෙන් පසුව ප්‍රථම වරට පවත්වන ලද කලා පොළ ප්‍රදර්ශනය, මෙවර වැඩිහිටි කලාකරුවන් 312ක්, ළමා කලාකරුවන් 358ක් සහ නරඹන්නන් 33,000කගේ අනගිභවනීය ප්‍රතිචාරයන් සහ සහභාගීත්වය ආකර්ෂණය කර ගැනීමට සමත් විය. කලා පොළ ප්‍රථම වරට සහභාගී වූ කලාකාරිනියක…

Read More

ලෝක වෙළඳපොල මිල පහළට යනවිට පමණක් නොව ඉහළට යන විටද පාරිභෝගිකයාට සාධාරණයක් වීම සඳහා මිල ස්ථායි කිරීමේ අරමුදල වහාම ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යම් හේතුවක් නිසා ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවකදී එම අරමුදල හරහා රජයට ඒ සඳහා දායක විය හැකි බවයි. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More