- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. සැකසහිත ලෙස මියගොස් සිරි නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන ඇද මත තිබූ බව පැල්මඩුල්ල පොලිසිය පවසයි . නිවසට උදෑසන පැමිණි මෙහකාරිය ඒ බව දැක තිබේ. නීතිඥවරියගේ සැමියා 30 රාත්‍රි සිට නිවසේ නොසිටි බව ඔහු පොලිසියට ප්‍රකාශයක් කර තිබේ. මෙම නිවසට පැමිණ උදයේ සිට පස්වරුව වෙන තෙක් සේවය කරන කාන්තාවකගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලඹාගෙන ඇත. පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණි ස්ථාණීය පරික්ෂණය සිදු කළේය. එහිදී ප්‍රදේශවාසි කාන්තාවක්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලඹා දුන්නේය. මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ අය පැල්මඩුල්ල පොලිසියට දැනුම් දි ඇතැයි පොලිසිය…
මෙම දිනවල පවතින තදබලම ගැටලුවක් ලෙස උෂ්ණත්වය ඉහළ යාම පෙන්වා දිය හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා. මේ හේතුවෙන් දවසකට පානය කරන ජල ප්‍රමාණය ඉතාමත් වැදගත් බවත්, විශේෂයෙන්ම වයසට අවුරුදු 05ට අඩු දරුවෙකු දිනකට අවම වශයෙන් වතුරු වීදුරු 02ක් හෝ දිනකට පානය කළ යුතු බවත්, දරුවන්ගේ වයස අනුව බොන වතුර ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ඇය පවසා සිටියා. පාසල් යන දරුවෙකු අවම වශයෙන් වතුර වීදුරු 4 සිට 6 දක්වාද, වැඩිහිටියෙකු අවම වශයෙන් වතුරු වීදුරු 10ක ප්‍රමාණයක්වත් පානය කළ යුතු බවත් පාසල් යන දරුවන් වතුර බීමට හුරු විය බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියා. මෙවැනි ආකාරයේ…
ශ්‍රී ලාංකික සිනමාවේ තවත් පුරෝගාමියෙකු වූ ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංහල සිනමාවට “හන්තානේ කතාව” චිත්‍රපටය තුළින් ප්‍රවිෂ්ඨයක් ලබාගන්න ඔහු සම්මාන රැසකින් ද පිදුම් ලැබූ කලාකරුවෙකු ද වනවා. ඔහු මිය යන විට 82 වන වියේ පසුවුණා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් අර්ජුන රණතුංග මහතා කටයුතු කරන්නේ නම් ක්‍රීඩා ඇමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස තමාට තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව ක්‍රීඩා ඇමැතිවරයාට තමා දැනුම් දුන් බවද සුදත් චන්ද්‍රසේකර මහතා එම ලිපියේ සඳහන් කර ඇත. ජාතික ක්‍රීඩා සභාව පෙරේදා රැස්වීමට නියමිතව තිබුණද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් සූම් තාක්ෂණය ඔස්සේ හෝ සහභාගි නොවීම පිළිබඳව විමතියට පත්නොවන ලෙසත්, “අප සියලු දෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන්…
වහාම රුසියාවෙන් පිටවෙන්නැයි රුසියාවේ සිටින ඇමෙරිකානුවන්ට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු ඇඟවීමක් කර තිබේ. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් නුවර සිටින ඇමෙරිකන් ජාතික ප්‍රවෘත්ති වාර්තාකරුවකු වන මාධ්‍යවේදී ඉවාන් ගෙර්සොවික් අත්අඩංගුවට ගැනීමට රුසියන් ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමඟය. මාධ්‍යවේදී ඉවාන් ගෙර්සොවික්, අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙනි. ඉවාන් ගෙර්සොවික් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකන් රජය, රුසියානු රජයට සිය අප්‍රසාදය ද පළ කර තිබේ. මීට පෙර, මේ අයුරින්, රුසියාවේ සිටින සියලු ඇමෙරිකානුවන්ට වහා රුසියාවෙන් පිටවී යන්නැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කළේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය…
ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවත් මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වත්හු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති. ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදී මීට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය. අදාළ කමිටුව විසින් අයි.එම්.එෆ් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය…
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩකටයුතු ලබන මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකු සහ භාණ්ඩාගාර ප්‍රධානීන් පවසනවා. ඒ අනුව එය මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයේ ප්‍රතිව්‍යූහගතකරණයක් කිරීමට අවධානය යොමුව ඇති බව එසේම සෙසු භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර දේශීය ණය සඳහා ස්වෙච්ඡා ණය ප්‍රශස්තකරණයක් බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, කොළඹ සිට ඩුබායි දක්වා සිදුවන සිය දෛනික ගමන් වාර වැඩි කරන ලදී. මෙම ගමනාන්ත දෙක අතර දෛනික සේවා 2023 මාර්තු 26 සිට ආරම්භ වීම සිදු විය. දෙරටෙහි සංචාරකයින්ගෙන් ලැබුණු ඉල්ලුමට සහ එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ඉල්ලුම ඉහළ යාමක් අපේක්ෂා කිරීම හේතු කොටගනිමින් මෙම තීරණයට එළඹ ඇති අතර සතියකට 4 වතාවක් ලෙස දිනපතා ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට නියමිතය. මෙම මාර්ගය දිගු ගුවන් ගමන් සඳහා සංක්‍රමණ ගමනාන්තයක් ලෙස යොදාගන්නා බැවින් සංචාරකයින් අතර ජනප්‍රිය බවක් උසුලයි. FitsAir හි විධායක අධ්‍යක්ෂ අමර් කාසිම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.…