Author: Buzzer Editor

චීනයේ දැඩි විරෝධය මැද තායිවාන ජනාධිපතිනී සායි ඉංග් වෙන්ග් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවිය. තායිවාන ජනාධිපතිනී සායි ඉංග් වෙන්ග් ලතින් ඇමෙරිකා රටවල සංචාරයක නියැලුණාය. ඇය ආපසු තායිවානයට යෑමට ඇමෙරිකාවේ කැලිෆෝනියාවට පැමිණි අවස්ථාවේදී, කතානායක කෙවින් මැකාති හමුවුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ. ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දේශපාලනඥයන් පිරිසක් ද තායිවාන ජනාධිපතිනිය හමුවීමට පැමිණ සිටි බව ද පැවැසෙයි. චීනය තවමත් සලකන්නේ දූපත් රාජ්‍යයක් වන තායිවානය තමන්ට අයත් එකක් බවය. ඇමෙරිකාව සමඟ තායිවාන ජනාධිපති සබඳතා පැවැත්වීම චීනය විරෝධය දක්වන්නේ එබැවිනි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද දින (07) දහවල් 12:13 ට කොරලවැල්ල, ඉංගිරිය, කිරිඇල්ල, ඇඹුල්දෙණිය, හල්දුම්මුල්ල, රත්මල්වෙහෙර සහ වරදෙනියාව යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

කතෝලික ජනතාවට ඉතා වැදගත් දවසක් වන මහ සිකුරාදා දිනය අදට (07) යෙදී තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ කුරුසියේ ඇණ ගැසීම සිහිකිරීම සඳහා ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් අද කටයුතු කරනු ලබනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.

Read More

අද (07) දිනයේ සිට ලබන 18 වන දින දක්වා සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, අද දිනයේ සිට ලබන 15 වන දින දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් ධාවනය සිදුවන බවයි. එසේම 15 වනදා සිට 18 වනදා දින දක්වා පිට පළාත්වල සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා බස් රථ වැඩි ප්‍රමාණයක් යොදවන බවත් මේ සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ 7000 ක් පමණ යොදවන බවද ඔහු සඳහන් කළා.

Read More

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවූ රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (05 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවසීය. මේ ආයතනවලට මුදල් වෙන් කිරීම යනු මෙරට පොදු ජනතාවගෙන් එක්රැස් කර ගත් බදු මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීම බව ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. මේ බව රටේ සියලු පාර්ශ්වයන් අවබෝධ කරගත යුතු බව ද මේ නිසා ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන නොයා ඉදිරියේදී නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. “උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39 ක් ලාභ ලබන අතර 13…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත්කර තිබූ නියෝගය ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (06) යළි කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවූ අතර ඔහු මේ වන විට ඇප මත නිදහස් කර තිබෙනවා. ඔහු​ගේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු පිළිබඳ සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව මගින් දූෂණ වංචා 30 ක් පමණ අනාවරණය වී ඇත. 2014 වසරේ සිට 2022 දක්වා පාපන්දු ආයතනයේ පාලනය ගෙන ගිය හිටපු නිලධාරීන් එම වංචා සහ දූෂණවලට සම්බන්ධ වී ඇති බවටද එම කමිටු වාර්තාව මගින් අනාවරණය වී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පෙරේදා (04 වැනිදා) සඳහන් කළේය. එම දූෂණ සහ වංචාවලට සම්බන්ධ බවට වාර්තාව මගින් අනාවරණය වූ හිටපු නිලධාරීන්ට ඉදිරි නිලවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබානොදෙන බවද ඇමැතිවරයා පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්…

Read More

ඉන්දියාවේ උතුරුදිග සික්කිම් පළාතේ සිදුවුණු හිම කඳු නායයෑමකින් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 17 කි. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ සංචාරකයෝ බොහෝ දෙනෙක් වෙති. නායයෑමට හසුවීමෙන් සිරවුණු ගණන 30 ක් යැයි ද පැවැසෙයි. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර ඇතැයි ඉන්දීය හමුදාව පවසයි. දිවි ගලවා ගැනීමේ කටයුතු සිදුවන්නේ ඉන්දීය හමුදාවේ මැදිහත් වීමෙනි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (06) දින බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් අද දිනයේ දහවල් 12:13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල, කුඹුක්වැව සහ යාල යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවයි කාලගුණ…

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැරගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. මේ අතර වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇතැයි ද, එම ආරංචි මාර්ග පවසයි. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනකු රට හැර යෑම නිසා එම ඒකකය පසුගියදා වසා දැමූ අතර, ප්‍රතිකාර ලැබූ ළමා රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කළේය. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි විය. මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ගිය බව දන්නා…

Read More