Author: Buzzer Editor

ශ්‍රී ලංකා රජය විසින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත මගින් මූලික මානව හිමිකම් ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීමට බලධාරීන්ට බලය ලබාදෙන බව Human Rights Watch සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා. රජය විසින් පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත යුතු බවත්, ඕනෑම ත්‍රස්ත විරෝධී පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කරන බවට උපදේශන හරහා සහතික විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ. මෙම පනත් කෙටුම්පත මගින් ගැටලු විසඳීම වෙනුවට දේපල හානි, සොරකම් හෝ මංකොල්ලකෑම් වැනි අපරාධ ඇතුළත් කිරීමට ත්‍රස්තවාදයේ නිර්වචනය පුළුල් කර ඇති බවත්, රැස්වීමේ සහ කතා කිරීමේ නිදහසට ඇති අයිතිය සීමා කිරීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත්…

Read More

ටයිම් සඟරාව මගින් නිකුත් කර ඇති 2023 වසර ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ. නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇති අතර තෙවන ස්ථානය කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට හිමිවී තිබේ. ටයිම් සඟරාව විසින් මෙවර නම් කළ ලොව වඩාත් බලගතු පුද්ගලයින්ගේ වාර්ෂික ලැයිස්තුවට අනුව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් සිව්වන ස්ථානයටත් සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී පස්වන ස්ථානයටත් පත්වී ඇත. (WION නිව්ස්, දිවයින) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු183ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 06ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. ටිම් සෙයිෆර්ට් 88යි.පන්දු යැවීමේදී ළහිරු කුමාර 38/3 යි. මෙම ජයග්‍රහණයන් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 02ක් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එහි කුසලානය හිමි කරගත්තේය. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ‘බ්‍රික්ස්’ සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව සඳහා නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වෙයි. මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‘බ්‍රික්ස්’ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ද පැවැ​සෙයි. නව මුදල් ඒකකයක් හඳුන්වා දීම යෝජනා කර ඇත්තේ රුසියාවය. රුසියානු – යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට රුසියාව මුහුණ පා සිටී. නව මූල්‍ය ඒකකයක් නිර්මාණය වනු ඇත්තේ ඒ අනුවය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. අද දින (08) දහවල් 12:12 ට බෙම්මුල්ල, තිහාරිය, පුපුරැස්ස, තෙරිපැහැ, වඩිනාගල සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Read More

පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා ඊයේ (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා (25) නැමැති තරුණියකි. පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ යමින් සිටියදී ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවකු ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ…

Read More

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතු වල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා. ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (06) පස්වරුවේ කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළෙඳ සංගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් පදික වෙළෙඳුන් සදහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය. මූල්‍යමය ගැටලු හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබිණි. සුව සැරිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මහඟු සේවයක් ඉටු කරන සේවාවක් වන අතර, මෙම කාලෝචිත පරිත්‍යාගය එම සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට උපකාරී වනු ඇත. 2016 වර්ෂයේදී ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව මෙම ගිලන් රථ සේවය ආරම්භ කරන ලදි. විශේෂයෙන්ම දිවයිනේ දුෂ්කර පළාත්වල ජීවත් වන, සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමින් හිමි වන ජනතාවට හදිසි සෞඛ්‍ය සේවාවන් සැපයීම…

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන්ට දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් විදේශ ගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. එම නිලධාරීන් විදේශ ගත වීමක දී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරිහූ අමාත්‍යවරයාට යෝජනාවක් කළහ. කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බවත් වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ…

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු වාර 20යි 20 පිතිකරුවන් අතර 23 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත්ව තිබේ. දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 20යි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල දහතුන් වන ස්ථානයේ රැඳී සිටියේය. නවසීලන්තය සමග පැවැති පළමු 20යි 20 තරගයේ දී දැක් වූ දක්ෂතා හෙතුවෙන් අසලංක සහ මහීෂ් මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත. කෙසේ වෙතත්, පැතුම් නිස්සංක 15 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙන අතර ඔහු පළමු තරගයේදී ලකුණු බින්දුවකට දැවී ගියේය.…

Read More