Author: Buzzer Editor

මීට දින කිහිපයකට ප්‍රථම ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා. උද්ධමනය ඉහළම මට්ටමක පැවැති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණයි. ඒ අනුව මේ වන විට 59% ක ආහාර උද්ධමනයක් පවතින ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ දසවන ස්ථානයේ පසුවන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට නියමිතය. ඒ, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ අයර්ලන්ත සංචාරය අතරතුරේය. 1998 වසරේ දී, උතුරු අයර්ලන්තයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙමින් සාම ක්‍රියාවලියක් ස්ථාපිතක කළේ ඇමෙරිකාව මැදිහත් වෙමිනි. බයිඩන්, උතුරු අයර්ලන්තයට පැමිණෙනු ඇත්තේ එම සාම ක්‍රියාවලියේ 25 වැනි සංවත්සරය නිමිත්තෙනි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල අද දින (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද දහවල් 12:11 ට ආනමඩුව, දඹුල්ල, බෙල්ලනේවල සහ කල්කුඩා යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාව හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

භෞතිකව මුදල් භාවිතයෙන් තොරව බස් හා දුම්රිය ටිකට්පත් QR තාක්ෂණය හරහා තමන්ටම ලබාගත හැකි ක්‍රමවේදයක් මේ වසර තුළදී හඳුන්වාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඇතැම් පළාත්වල බස් රථ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් නියමිත මගී ප්‍රවේශපත්‍ර ගාස්තු ඩිපෝවට භාර නොදෙන බවද, ඊට විසඳුමක් ලෙස මුදල් භාවිතා නොවන මෙම නව තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

Read More

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව 17 වන වරටත් “වසරේ ජනතා සන්නාමය” වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සම්මානය තුළින් සිංගර් ශ්‍රී ලංකා කල්පවතින පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ අත්පත් කරගෙන ඇති පරමාධිපත්‍යය හා විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු වේ. මෙම අවස්ථාව පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.”ශ්‍රී ලාංකීය ජනතාව විසින් පිරිනමන ලද මෙම සම්මානය පිළිබඳ අපි නිහතමානීව ආඩම්බර වෙනවා. පාරිභෝගික හදවත්වල අප සන්නාමය…

Read More

රුසියන් යුක්රේන අර්බුදය නිමා කිරීමට නම්, රුසියාවට ‘වාසි’ වන ආකාරයේ සාම සැලැස්මක් අවශ්‍ය බව රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පවසයි. රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට සාම සැලැස්මක් සකස් කළ යුතු වන්නේ නව ලෝක ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් යැයි ද රුසියන් විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. එවැනි සාම සැලැස්මක් සකස් නොවන්නේ නම්, යුද්ධය දිගටම කරගෙන යෑම හැර වෙන කිසිදු විකල්පයක් නොමැති බව ද රුසියන් විදේශ ඇමැතිවරයා පැහැදිලි කර තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක අද (09) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම අද (09) හවල් 12:12 ට මාදම්පේ, කොහිලපොකුණ, කයිකාවල, නිළඹේ සහ ඔන්දච්චිමඩම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

පාස්කු ඉරිදා (Easter Sunday) දිනය අද (09) යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උට්ඨානය ලැබීම හෙවත් මරණයෙන් නැගී සිටීම සිහිකිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙනවා. දින හතලිහක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක්වන බවයි සඳහන් වන්නේ. අද දින සෑම සියලු කිතුනු දෙව්මැඳුරකම විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙන අතර සියලු දෙව්මැඳුරුවලට විශේෂ පොලිස් රැකවරණය ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Read More

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. එසේ යෝජනා කළහොත් එහි අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ. යෝජනා කිරීමට බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ නම් දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. රේඩාර් පද්ධතිය පිහිටවූවොත් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව එයට ලැබෙන බවත් චීන විද්‍යා…

Read More