- ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි
- ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි
- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
Author: Buzzer Editor
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ආසියාවේ ආර්ථික බලවතා චීනය වන අතර, ලතින් ඇමෙරිකා කලාපයේ ආර්ථික බලවතා වන්නේ බ්‍රසීලයයි. එහෙයින්, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රක සබඳතා ශක්තිමත් කර ගැනීම ජනාධිපති ලූලාගේ අරමුණ වී තිබේ. වාමාංශික නායක ලූලා ද සිල්වා සමඟ ඔහුගේ බිරිඳ රොසැන්ගෙලා ද මෙම සංචාරයට එක් වී සිටී. ඔවුන් පිළිගනු ලැබුවේ චීන නියෝජ්‍ය විදේශ ඇමැති සෙයි ෆෙංග් විසිනි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් ඊයේ දින පැවැත්වීමට නියමිතව තිබුනා. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව දොඩන්දූව දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (13) දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් විහාරාධිපති හිමිනම සහ රියදුරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලීසිය කියයි. විහාරධිපති හිමියන් දහවල් දානයකට වඩිමින් සිටියදී මාතර සිට වව්නියාව බලා ධාවනයවූ දුම්රියේ උන්වහන්සේ ගමන් ගත් මෝටර් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි. මේ දුම්රිය හරස් මාර්ගයේ විදුලි ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය නිසි ආකාරයෙන් කියා නොකරන බව ප්‍රදේශවාසිහූ කියති. (ලංකාදීප)
අද දිනයේ (14) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චි, වවුනියා, මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
අද දින (13) දහවල් 12:11 ට මන්නාරම, පෙරියමඩු, පුලියන්කුලම සහ කෝකිලායි යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එම සංචිතය සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වනවා. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් උතුරු අයර්ලන්තය බලා පැමිණියේය. 1998 වසරේ දී, උතුරු අයර්ලන්තයේ දේශපාලන කටයුතුවලට ඇමෙරිකාව මැදිහත් වී, සාම ක්‍රියාවලියක් ස්ථාපිත කළේය. ජනාධිපති ජෝ බයිඩන් උතුරු අයර්ලන්තයට යන්නේ එම සාම ක්‍රියාවලියේ 25 වැනි සංවත්සරය නිමිත්තෙනි. උතුරු අයර්ලන්තය බලා යෑමට ‘එයාර් ෆෝස් 1’ ගුවන් යානයට ගොඩවීමට පෙර, බයිඩන් කියා සිටියේ සාම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑම වැදගත් බවය. සාම ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයේ ද සහාය හිමිවිය. ‘බෙල්ෆාස්ට්’ එකඟතාව ලෙස හැඳින්වෙන්නේ ද මෙම සාම ක්‍රියාවලියයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
දියණියගේ හිසට ඇසිඩ් හැලීමට ගිය පියා ද ඇසිඩ් වැදීම නිසා බරපතළ පිළිස්සුම් තුවාල ලද දියණිය ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. සැකකරු තදින්ම බීමට ඇබ්බැහි වී සිටින අයෙක් බව කියති. මොහු නිතර බීමතින් පැමිණ දියණියට සහ පවුලේ අයට කරදර හිරිහැර කරන අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. පිලිස්සුම් තුවාල ලබා සිටින විසිපස් හැවිරිදි දියණිය දෙදරු මවක් වන අතර සැකකරු 52 හැවිරිදි වියේ පසුවන අයෙකි. සැකකරු බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි. එම රබර් කර්මාන්ත ශාලාවෙන් ඇසිඩ් බෝතලයක් සොරා ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි. (ලංකාදීප)
වර්ජනය තාවකාලිකව අවසන් කළද උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් තැබීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බවයි එම සංගමය සඳහන් කරන්තේ.
හෙට (13) සහ අනිද්දා (14) දිනවල සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. එනමුත් සුරාබදු රබී 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍රලත් හෝටල් වල නේවාසික සංචාරකයන්ගේ පහසුව උදෙසා එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධව නිකුත් කළ නිල නිවේදනය පහතින්,
තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ පී. සරා ඕවල් සහ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන සීමිත පන්දුවාර කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් මෙම තරගාවලියේ එක්දින තරග අංශය පැවැත්වෙනු ඇත. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.