- ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි
- ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි
- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
Author: Buzzer Editor
ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුවු වන විනාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ ගෝමරන්කඩවල අඩවි කාර්යාලයේ බීට්ටු වන නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටටු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පුල්මුඩේ වෙරියපුලත්තු රජයේ කැලෑව ඩෝසර් කිරිම,පන්කුලම පුල්මුඩේ රජයේ කැලෑවේ ගස් කැපිම හා පුල්මුඩේ සුන්තනේරු කුලම් කැලෑවේ ගස් කැපීම පිළිබදව නිසි ලෙස රාජකාරි සිදු නොකිරිම ඒ පිළිබද උසස් නිලධාරින් දැනුවත් නොකිරිම පිළිබදව පරික්ෂණයකින් පසු මෙසේ බීට්ටු වන නිලධාරියාගේ සේවය අත්හිටුවිමට ක්‍රියාකර තිබේ. මේ සම්බන්ධයෙන් නිලධාරින්ගේ කටයුතු නිසි අධික්ෂණයකින් තොරව කටයුතු කළ බවත් උසස් නිලධාරින් කිහිපදෙනකු පිළිබද මූලික විමර්ශනයක් සිදුකරගෙන යන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. (ලංකාදීප)
බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදිය යුතු බවයි සඳහන් වන්නේ. 2021 දී මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ලබාදීමට කටයුතු කර තිබුණා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ගමන්වාර බස්රථ කිහිපයක්ම සූදානම් කර අවසන් යැයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඒ අනුව ඊයේ දිනයේ පෞද්ගලික බස්රථ සියයට 25ක් පමණ ද හෙට දිනයේ සියයට 50ක් පමණ ද ධාවනය වූ බව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ, දුරගමන් සේවා සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ඊයේ (15) සිට ක්‍රියාත්මක කල බවය. (දිවයින)
වැලිගම ගලාකන්ද කොලොන්දණ්ඩ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි තරුණයකුට පහර දී ඝාතනය කළේ යැයි කියන දාසය හැවිරිදි බාලවයස්කාර දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් අය අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ද සිටින බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ එම්. එච්. සමුරංග නැමැති නැමැති අයෙකි. මොහු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාන්තාවක සමග ඇතිකර ගත් ආරවුලක් දුර ගිය යාමෙන් මෙම පහරදිම සිදු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම කාන්තාව කරන ලද දැනුම් දීමක් මත ඇගේ පුතුන් දෙදෙනා ඇතුළු පිරිසක් පැමිණ මෙම…
එක්සත් අරාබි එමීර්හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණු ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ ශ්‍රී ලංකා ශාඛාව නිල වශයෙන් ආරම්භ කිරීම ඉකුත්දා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේදී සිදු වූ අතර අදාළ ක්‍රීඩා සමාජය ලබන මැයි මාසයේ පටන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට නියමිතය. කැලුම් සුජිත් පෙරේරාගේ අදහසකට අනුව 2019 වසරේදී එක්සත් අරාබි එමීර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් මුල් වරට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ආරම්භ කෙරිණි. මේ වන විට මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, ගොල්ෆ්, හොකී, දැල්පන්දු, රග්බි මෙන්ම වොලිබෝල් ආදී ක්‍රීඩා 09ක් එක්සත් අරාබි එමීර්හි ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රියාත්මක වන අතර ක්‍රීඩා සමාජය ආරම්භ කරමින් පළමුවෙන්ම දැල්පන්දු පුහුණු කඳවුරක් පැවැත්වේ. (දිවයින) Buzzer.lk සහ Buzzer…
අද දින (15) දහවල් 12:10 ට නල්ලුර්, පරන්තන් සහ චුන්ඩික්කුලම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඇමෙරිකන් බුද්ධි අංශ සතු රහස් තොරතුරු රැසක් අන්තර්ජාලය ට නිකුත් කිරීම කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම තොරතුරු නිකුත් කිරීම හේතුවෙන් ඇමෙරිකාව සහ මිත්‍ර රටවල් අතර ද දැඩි අර්බුදයක් ඇතිවී වී තිබුණි. සැකකරු 21 හැවිරිදි ගුවන් හමුදා ආරක්ෂකයෙකු යැයි පැවැසෙයි. ඔහු ඩයිටන්, මැසචුසෙට්ස් හි ඔහුගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද දකින්න ලැබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට මාරවිල හොරගොල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් එම බස් රථයේ ගමන් ගත් මගී කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි. මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වීදුරු කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි. ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගිය පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. (ලංකාදීප)
ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පවසනවා. ඒ අනුව මේ සඳහා චීනයද සම්බන්ධ වන්නේ නම් එය ඉතා හොඳ බවයි G7 මූල්‍ය නායකයින්ගේ රැස්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර තිබෙන්නේ. මෙවර G7 රැස්වීමේදී ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවල ණය අවධානම පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
අද දින (14) දහවල් 12:11 ට කිරන්චි, කොකාවිල් සහ පුතුක්කුඩුරිප්පු යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ වාගේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චි, වවුනියා, මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම්…