Author: Buzzer Editor

සුඩාන හමුද්‍රා රජය සහ ‘රැපිඩ් සපෝට් ෆෝස් (Rapid Support Forces)’ අතිරේක හමුදා බලඇණිය අතර ගැටුම් උත්සන්න වෙමිනි පවතී. සුඩානය යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘සුඩාන ජනරජය’ යනුවෙනි. සුඩානය පිහිටා ඇත්තේ වයඹදිග අප්‍රිකාවේය. සුඩානයේ අසල්වැසි රටවල් වන්නේ චැඩ්, ඊජිප්තුව, එරිත්‍රියාව සහ ඉතියෝපියාවය. සුඩානයේ අගනුවර කර්ටෝම් වන අතර, 2021 වසරේ ලෝක බැංකු වාර්තා අනුව, සුඩානයේ ජනගහනය මිලියන 45.66 කි. එරට භාවිතා කෙරෙන මුදල් ඒකකය වන්නේ සුඩාන පවුම් ය. අරාබි සහ ඉංග්‍රීසි සුඩානයේ නිල භාෂා වෙයි. සුඩානයේ බල අරගලයක් නිර්මාණය වී ඇත්තේ සුඩාන හමුදාවට නායකත්වය දෙන ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් සහ සුඩාන නියෝජ්‍ය නායක මොහොමද් හම්දාන් ඩගලෝ අතරේය. ‘රැපිඩ් සපෝට්…

Read More

අද දින (18) සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දපොර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති දරුවා ය. අනතුරින් තුවාල ලැබූ මියගිය දරුවාගේ මව පියා සහ සහෝදරයකු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. නුගේගොඩ සිට මාදුලාව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇත. මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි. (ලංකාදීප)

Read More

දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා. ඒ අනුව පෙරේදා (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. එසේම මැයි මස 01 වනදායින් පසු මේ වන විට පනවා ඇති පාලන මිලෙන් පහළට පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය (COYLE) සිය 24 වැනි සංවත්සර සැමරුම 2023 මාර්තු 10 වැනි දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන; ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනපද තානාපති, එච්. ඊ. ජූලි චන්ග් සහභාගී වූ අතර තවද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු. මෛත්‍රීපාල සිරිසේන; ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා; කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්; පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්; ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන්; රජයේ නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් සහභාගී විය. ශ්‍රී ලංකාවේ බලයලත් සමාගම් කිහිපයක සභාපතිවරුන් සහ පාලන කොටස් හිමියන් ලෙස කටයුතු කරන පුද්ගලයින් 116 කට අධික සංඛ්‍යාවකින් COYLE සමන්විත…

Read More

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අද (17) සිට නැවතත් විශ්වවිද්‍යාල දේශන ඇතුළු අධ්‍යයන කටයුතුවලට සහභාගී වන බව පවසනවා. කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්වී සිටින බවයි එම සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේ. අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටලු කිහිපයකට විරෝධය පල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 9 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

Read More

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ මෙතෙක් නොකියූ කතා පුවතක් වන ‘800’ කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය නිකුත් වී තිබෙනවා. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ඉහළට යන ආකාරය දැක්වෙන චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ M.S ශ්‍රීපති විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා මුත්තයියා මුරලිදරන් ලෙස මධූර් මිත්තල් (Madhur Mittal) ඇතුළත් වේ. සංගීතය නිර්මාණය කර ඇත්තේ ගිබ්‍රන් (Ghibran) විසිනි.

Read More

පළමු වරට තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායමට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී ඉතා වෙහෙසකර දිනයක් උදා කර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ අංක 03 පිතිකරු කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 281 ක සම්බන්ධතාවක් වාර්තා කළහ. ඒ මතින් ගොඩනැගුණු ශ්‍රී ලංකා ඉනිම ඊයේ (16 වැනිදා) දිනයට නිමා වූයේ පන්දු වාර 88 කදී කඩුලු 4ක් දැවී ලකුණු 386 ක් ලෙසිනි. දිමුත් කරුණාරත්න ද්විත්ව ශතකයට ලකුණු 21ක් මෙපිටින් දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 150ට ලකුණු 10ක් මෑතින් දැවී ගියේය. දිවා ආහාරයට තරඟය නවතන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලුකුනු 503 ක්…

Read More

ඇමෙරිකාවේ, ඇලබාමා ජනපදයේ උපන් දින සාදයක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි. උපන් දිනය සැමරුවේ 16 හැවිරිදි දැරියකි. මොන්ටගොමරි නගරයේ ඩේඩ්විල් නමැති උත්සව ශාලාවේ උපන් දින සාදය පැවැත්වුණු අතර ඊට සහභාගී වූවන් නටමින් විනෝද වෙද්දී, එහි කඩා වැදුණු තරුණයකු වෙඩි තබා පලා ගොස් තිබේ. පොලිසිය පසුව පැවැසුවේ වෙඩි තැබීම කළ තරුණයා ජීවග්‍රහයෙන් අල්ලා ගත් බවත්, වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදු කරන බවත්ය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දින (17) සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More