- ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි
- ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි
- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
Author: Buzzer Editor
ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ ජනාධිපති ගුස්තාවෝ පේට්‍රෝ ඇමෙරිකා සංචාරයකට පැමිණියේය. ධවල මන්දිරයේ දී ඔහු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ‘හරිත බලශක්ති’ ප්‍රභවයන් සෙවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, තෙල්, ගල් අගුරු, වායු සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ද කොලොම්බියා ජනාධිපතිවරයා සහ ඇමෙරිකන් ජනාධිපතිවරයා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දින (21) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (21) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ. එහෙයින් එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු…
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත එජාප නියෝජිත කණ්ඩායමක් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියහ. දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය සංවර්ධනය, රාජ්‍ය අංශයට පෞද්ගලික අංශයේ මැදිහත්වීම යන මාතෘකා පිළිබඳව සංචාරයේදී මෙම නියෝජිත කණ්ඩායමට වැඩිදුරටත් හැදෑරීමට අවස්ථාව හිමිවේ. රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක්ද මෙම අවස්ථාවට එක්ව සිටිති. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
2019 වසරේ අප්‍රේල් 21 වෙනිදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් ගතවනවා. කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03ක් ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් ත‍්‍රස්තවාදීන් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කර තිබුණා. එදිනම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල ලැගුම්හලකද කුඩා පිපිරීම් සිදුවුණා. මෙම සියලු පිපිරීම්වලින් පුද්ගලයන් 269 දෙනෙක් පමණ මියගිය අතර විදේශිකයන් 45 දෙනෙක් සහ පොලිස් නිලධාරීන්ද ඇතුළුව අවම වශයෙන් 500 ක් පමණ මෙම සිදුවීමෙන් තුවාල ලැබුවා. ප්‍රහාරය සිදුවී වසර හතරක් ගතවන අද දිනයේදී දිවයින පුරා කතෝලික පල්ලි ඇතුලු විවිධ ස්ථාන වලදී මියගිය අය සිහිපත් කිරීම සඳහා…
ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන 25 වනදා ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 26 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ. එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන 27 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 28 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය මැයි මස 9 වනදා කාරක සභාව හමුවට කැඳවීමට නියමිත අතර 2023.03.23 වනදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක…
අයර්ලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට තෝරා ගත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයම තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා ද රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. දෙවැනි ටෙස්ට් තරගය 2023 අප්‍රේල් 24 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 1.) දිමුත් කරුණාරත්න – නායක2.) කුසල් මෙන්ඩිස්3.) ඇන්ජලෝ මැතිව්ස්4.) දිනේෂ් චන්දිමාල්5.) ධනංජය ද සිල්වා6.) කමිඳු මෙන්ඩිස්7.) නිශාන් මධුෂ්ක (WK)8.) සධීර සමරවික්‍රම (WK)9.) රමේෂ් මෙන්ඩිස්10.) ප්‍රභාත් ජයසූරිය11.) දුෂාන් හේමන්ත12.) ලසිත් ඇඹුල්දෙණිය13.) අසිත ප්‍රනාන්දු14.) විශ්ව ප්‍රනාන්දු15.) මිලාන් රත්නායක (Sri Lanka Cricket) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මහල් කීපයකින් සමන්විත රථගාලක් සහිත ගොඩනැගිල්ලක් හිටිහැටියේ කඩා වැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් සිවු දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිල්ල අභ්‍යන්තරයෙන් බිම් මහල තෙක් කඩා වැටී ඇතත් පිටත සැකිල්ලට කිසිඳු හානියක් සිදුවී නැතැයි නිව්යෝක් නගර බලධාරීහු පවසති. සමාජ මාධ්‍ය ගොඩනැගිල්ල කඩා වැටී තිබෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සංසරණය වන අතර, එහිදී කොන්ක්‍රීට් තට්ටු ඉරිතලා කඩා වැටීම හේතුවෙන් වාහන වලට හානි වී තිබෙන දැකගත හැකිය. මියගියේත් තුවාල ලැබුවේත්, රථ ගාලේ සිටි සේවකයන්ය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කිලිනොචිචි ධර්මපුරම් ප්‍රදේශයේදී පියා සහ පුතා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුතා එල්ල කළ මෝල් ගස් පහරකින් පියා මියගොස් ඇතැයි ධර්මපුරම් පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ පී රාමසාමි (66) නමැති වයෝවෘද්ධ පුද්ගලයෙකි. නිවසේදී පුතා සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. (ලංකාදීප)
රිලවුන් 100,000 ක් චීනය වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනය සඳහන් කර ඇත්තේ තමන් එවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් නොදන්නා බවයි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොටස්කරුවෙකු ලෙස චීනය 1988 දී දැනටමත් සංශෝධන කිහිපයක් සමඟ වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බවයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ. තානාපති කාර්යාලය නිකුත් කල Twitter පණිවිඩය පහතින්.