Author: Buzzer Editor

මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි. එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික චර්යාවේ කොටසක් විය යුතුය. නිරෝගී කෙස් කළඹක් සතු වීම අපගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට මෙන් ම සමාජය සමඟ හොඳින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ද ලබා දෙයි. වර්තමානයේ බොහෝ දෙනෙක් ඉස්සොරි වදයෙන් පීඩා විඳින අතර එම ගැටලුව හේතුවෙන් සැහැල්ලුවෙන් සමාජගත වීමට නොහැකි වී තිබේ. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රැකියාව ඇතුළු දෛනික කටයුතුවල දී මානසිකව පීඩා විඳින ගැටලුවක් බවට ඉස්සොරි පත්ව ඇත. උරහිස් මත ඉස්සොරි වැටී තිබීම, අන් අය තමන් පිරිසිදු නොවන බව සිතීම, තමන්ට පහසු, කැමති කොණ්ඩ විලාසිතා කිරීමට නොහැකි වීම යනාදී කරුණු…

Read More

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව සැත්කම් කිරීමෙන් පසු සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට අක්ෂි ‍රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දැමීමට තීරණය කර තිබුණා. මේ වන විට සංකූලතා ඇතිවූ ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Read More

මධ්‍යම ආසියා කාන්තා අභියෝග වොලිබෝල් තරගාවලිය මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තනය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. අදාළ තරගාවලිය සඳහා ආසියානු කලාපයේ රටවල් 8ක් තරග වැදීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ එහිදී ”බී” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර උස්බෙකිස්තානය, මාලදිවයින සහ කසකස්තානය ඊට අයත් සෙසු රටවල් වෙයි. ”ඒ” කාණ්ඩය යටතේ නේපාලය, කිරිගිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව තරග වදී. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

රුසියාවේ, බෙල්ගරොඩ් නගරයේ ජනතාව ඉවත් කිරිමට නගර බලධාරීන් සහ පොලිසිය කටයුතු කළේය. ඒ බෝම්බ බියක් හේතුවෙනි. මීට දින දෙකකට පෙර රුසියන් හමුදා යානයක් අත්වැරදීමකින් බෝම්බ හෙලුවේ ද මෙම නගරයටය. එයින් නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුවිය. බෝම්බ බිය හේතුවෙන් ඉවත් කෙරුණු වැසියන් ජීවත් වූයේ ද එම බෝම්බ හෙලූ ප්‍රදේශයේ යැයි පැවැසෙයි. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී අද (23 වැනිදා) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…

Read More

රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ,ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. එසේ බදවා ගනු ලබන සේවකයන් අතරට,නම් දෙක බැගින් එවන ලෙස අදාළ අධිකාරිය අයත් අමාත්‍යාංශය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ. එම අධිකාරියේ දැනටද ඉතා විශාල සේවක පිරිසක් අතිරික්ත ව සිටින බව ද දැනගන්නට ඇත. එසේ තිබියදී මේ ආකාරයට අලුතින් සේවකයන් බදවා ගැනීම බරපතල ගැටලුවක් බව එම ආයතනයේ සේවකයෝද සඳහන් කරති. රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් දැඩි…

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පෙබරවාරි මාසයේදී 49% ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 42.3% ක් දක්වා අඩුවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම පෙබරවාරි මාසයේ 57.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 54.9% ක් දක්වා අඩුවී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි දී උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් පසුගිය දා පැවැත්විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදියාකි මහතා මෙම අවස්ථාවට ආරාධිත කථිකයා ලෙස සහභාගී වූ අතර, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ සඳහා සහභාගී විය. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ (CMTA) සභාපති චාරක පෙරේරා මහතා සැසිය අමතමින්, පාරිභෝගිකයා, පරිසරය සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම උදෙසා මෝටර් රථ කර්මාන්තය නියාමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. පසුගිය වසර කිහිපය තුළ සිදු කරන ලද අත්‍යවශ්‍ය නොවන බොහෝ ආනයනයන් නිදසුන්…

Read More

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද ගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුත්‍රයා වන මලීෂ යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් අඩංගු පැකට් 400 ක් සොයාගෙන ඇත. (දිවයින)

Read More

මෙම වසරේ අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රග්බි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතා වෙත ප්‍රතිඥා දී ඇත. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා පත්කළ ස්ථාවරකරණ කමිටුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආසියානු රග්බි සභාපතිවරයා හමු වූ අවස්ථාවේදී ක්‍රීඩා ඇමැතිවරයා විසින් එම ප්‍රතිඥාව ලබාදී ඇත. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පෙරේදා (19 වැනිදා) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි මහතා හමුවිය. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More