Author: Buzzer Editor

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ හට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබෙනවා. යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ශ්‍රී ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා පවසයි. ඔහු සදහන් කළේ මෙම අවදානම හේතුවෙන් මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බවය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ වාර්තා අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භු චලන 09ක් වාර්තා වී ඇත.මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ භූ චලන 09ක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද එම කාර්යාංශය පවසයි. (දිවයින)

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 489 ක් ලබා සිටිනවා කුසල් මෙන්ඩිස් අද දිනයේ සිය 9 වන ටෙස්ට් ශතකය සම්පුර්ණ කල අතර මෙහිදී ඔහු සිය ශතකය වාර්තා කිරිම සඳහා හතරේ පහර 7 ක් හා හයේ පහර 5 ක් එල්ල කර තිබුණා. නිශාන් මදුෂ්ක ද අද උදෑසන සිය මංගල 150 වාර්තා කළ අතර මේ වන විට ඔහු සිය ප්‍රථම අන්තර්ජාතික ද්විත්ව ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 202 ක් ලබා සිටිනවා. කුසල් මෙන්ඩිස්ද ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 160 ක් ලබා සිටිනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන්…

Read More

ජපානයේ ‘iSpace’ නමැති සමාගම සඳට යානයක් යැවූ නමුත් එය අසාර්ථක වී තිබේ. පෞද්ගලික සමාගමක්, අභ්‍යවකාශ යානයක් සඳට යැවීමට තැත් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ‘iSpace’ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන්ගේ ‘හකුටෝ ආර්’ චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට ගොස් සඳ මතුපිටට ගොඩබෑමට තැත් කළ බවත් එම අවස්ථාවේදී යානය සමඟ පැවැති සියලු සබඳතා බිඳ වැටුණු බවත්ය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (27) සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර පළාතේත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

මේ වනවිට අධිවේගී මාර්ගවල අයකරන සේවා ගාස්තුව සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ. (ලංකාදීප) අදාළ සංශෝධිත ගාස්තු සහිත ගැසට් නිවේදනය: http://documents.gov.lk/files/egz/2023/4/2329-17_S.pdf

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා දේශීය පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකදී දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙළීමට නිෂ්පාදකයින්ගේ එකඟතාව පළවී ඇති බවට සඳහන් වනවා. ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණය වූ අවස්ථාවේ දී යළි පහළ නොගිය බවත් මේ තත්ත්වය හේතුවෙන් මව්පියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. හැකි අවම මිලක් යටතේ තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඔවුන් එයට එකඟතාව පළකර ඇති ඇති බව සඳහන්. අදාළ නිෂ්පාදන කුමන ප්‍රතිශතයකින් පහත හෙළන්නේ ද යන්න…

Read More

සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් අද දින (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 119ක හිඟයක් පවතින අතර එය ඉකුත් මාසවල පැවැති ඖෂධ හිඟයට සාපෙක්ෂව යහපත් තත්වයකැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා පවසයි. රෝහල්වල සාමාන්‍යයෙන් ඖෂධවර්ග 383ක් පමණ භාවිතා කර අතර ඉන් ඖෂධවර්ග 25ක පමණ ප්‍රමාණයක් මේ වනවිට හිඟව තිබෙන බව ද සමන් රත්නායක මහතා කීය. රටපුරා සියලු රෝහල්වල ඖෂධ වර්ග 1347ක් භාවිත කරන අතර ඉන් ඖෂධ වර්ග 14ක් ජීවිතාරක්ෂක ඖෂධ බව ද පැවසු සමන් රත්නායක මහතා එම ජීවිතාරක්ෂක ඖෂධවල කිසිදු හිඟයක් මේ වන විට නැතැයි ද කීවේය. මේ වසරේ ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් කෝටි 115ක මුදලක් වෙන්කර තිබෙන බව…

Read More

අධික හිරු රශ්මියක් පතිතවන උදෑසන 11.00 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුළ එළිමහනේ ගමන් කිරීම අවම කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවට දැනුම්දෙනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න සඳහන් කරන්නේ කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා පිරිස් විජලනයෙන් වැළැකීමට පියවර ගතයුතු බවයි. ඒ සඳහා අනෙකුත් දිනවලට වඩා වැඩිපුර ජලය පානය කරන ලෙසත් පැණි බීම පානයෙන් වැළකිය යුතු බවත් ඇ​ය පෙන්වා දෙනවා. එසේම අත්‍යවශ්‍ය කාරණාවලට හැරුණුවිට උදෑසන 11.00 ත් පස්වරු 3.00 අතර කාලය තුළ අව් රශ්මියට නිරාවරණය වීම වැළැක්වීම මඟින් ශරීරගත වන තාප‍යෙන් වන හානිය වළක්වාගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා…

Read More