- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
2024 අප්‍රේල් 25 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ITC රත්නදීප සුපිරි හෝටලය විවෘත කිරීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු ද සහභාගි වෙති. කොළඹ 01 ගාලු පාරේ පිහිටා ඇති මෙම සුපිරි හෝටලය ITC හෝටල් හි පළමු ජාත්‍යන්තර හෝටලය වන අතර එහි ආරම්භය කොළඹ අගනුවර හි සිදුවේ. කීර්තිමත් ITC පුද්ගලික සමාගමෙහි හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය මෙය වේ. ITC රත්නදීප නම් වූ මෙම දේපල අක්කර 5.86 ක භූමි භාගයක පිහිටා ඇති Sapphire Residencies නම් සුඛෝපභෝගී නේවාසික සංවර්ධනයකි.…
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී ඊයේ (19) ආරම්භ කර තිබෙනවා. පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන්ගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර…
ඊශ්‍රායලය, ඉරානය අතර ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වයත් සමඟ අද (19) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.30% කින් ඉහළගොස් ඇති අතර එහි මිල දැක්වෙන්නේ ඩොලර් 84.63 ක් ලෙසයි. එසේම BRENT වර්ගයේ බොරතෙල් බැරලය මිල 2.15% කින් ඉහළගොස් ඇති අතර MURBAN වර්ගයේ බොර තෙල් බැරලයක මිල 1.76% කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඉරානය, මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඊශ්‍රායලයට පහර දීමක් කළේ පසුගිය 13 වැනිදාය. මෙය ඉරානය, සෘජුව ඊශ්‍රායලයට එල්ල කළ පළමු ප්‍රබල ප්‍රහාරයයි. ප්‍රහාරය වළක්වා ගැනීමට ඊශ්‍රායලයට හැකියාව ලැබුණු අතර, ඊශ්‍රායලය පවසා ඇත්තේ ‘සුදුසු වෙලාව’ උදා වූ සැණින්, ඉරානයට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන බවය. ඉරාන ජනාධිපති රයිසි, ඊට ප්‍රතිචාර දෙමින් පවසා ඇත්තේ, ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දෙන්න ඉරානය සූදානම් බවය. ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමක් කළේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා ඊශ්‍රායලය, සිරියාවේ ඩමැස්කස් අගනුවර,…
සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට e-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ආරම්භයේදී භාෂා පහකින් e-Visa අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ. මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම් www.srilankanevisa.lk වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන බවද සඳහන්. නව ක්‍රමවේදය හරහා සංචාරක වීසා මාස 6ක කාලයකට ලබා ගත හැකි බවයි හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.
ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ රෝම නුවර පැවති ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා. එම කාලය සඳහන් වන්නේ මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය ලෙසයි. මීට පෙර මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාවද යුපුන් අබේකෝන් සතුවීම විශේෂත්වක්. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
සංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රට ලෙස පාකිස්තානය නම් කිරීමට එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පියවර ගෙන තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා බහුල, අවි ගැටුඹ්, දේශපාලන සහ ආර්ථික අර්බුද පවතින සංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රටවල් ලෙස විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය රටවල් ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එහි ඉහළින්ම ඇත්තේ පාකිස්තාන බව විදෙස් මාධ්‍ය පවසයි. එම ලැයිස්තුවට තවත් රටවල් අටක් ඇතුළත්ය. ඇෆ්ගනිස්ථානය, බුර්කිනා ෆාසෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, හයිටි, ඉරාකය, ඊශ්‍රායලය, ලෙබනනය, ලිබියාව, මාලි, නයිජර්, උතුරු කොරියාව, සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව, වෙනිසියුලාව සහ යේමනය ආදිය ද එම ලැයිස්තුවට ඇතුළත් වෙයි. (AFP) Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර…
දෙවන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා Kristalina Georgieva තෝරාපත් කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඒකමතික තිරණයකට අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව Kristalina Georgieva ට ලබන ඔක්තෝම්බර් 1 වනදා සිට තවත් අවුරුදු 05ක් එම ධූරය හිමි වනවා. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
ස්කොට්ලන්ත කඳුකරයේ ඇති ලොක් නෙස් විලේ සිටිනවා යැයි විශ්වාස කෙරෙන, ‘නෙසී’ යන ආදර නාමයෙන් ද හැඳින්වෙන, යෝධ ඩයිනසෝරයකු වැනි පිහිනන උරගයා ඇත්තක් ද බොරුවක් ද සෙවීමට, ස්කොට්ලන්ත බලධාරීන් ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් සහාය ලබා ගැනීමට සූදානම් වෙයි. ලොක් නෙස් විල ලොව අතිශය ජනප්‍රිය වී ඇත්තේ ‘නෙසී’ නමැති මෙම ගුප්ත සත්වයා නිසාය. සත්වයා සෙවීමට ඇමෙරිකන් ‘නාසා’ විද්‍යාඥයන්ගේ සහාය ඉල්ල ඇත්තේ ‘ලොක් නෙස්’ මධ්‍යස්ථානය සහ ‘ලොක් නෙස් එක්ස්ප්ලොරේෂන්’ නමැති ගවේෂණ කණ්ඩායම යැයි ද පැවැසෙයි. Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට පෙරේදා (12) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. ඉන්ධන පිරවුම්හල වසා තිබූ අවස්ථාවේදී කඩුවෙල අතුරුගිරිය ප්‍රධාන මාර්ගයේ යතුරු පැදිය නවත්වා අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇතත් එය පුපුරා ගොස් නැතැයි ද පොලිසිය පවසයි. අදාල ඉන්ධන පිරවුම්හලෙහි හිමිකරුගේ නිවස ඉදිරිපිට ද දැනට මාස කිහිපයකට පෙර වෙඩි තබා පලා යාමේ සිද්ධියක් ද වී ඇති අතර මෙය විදේශගතව සිටින “කයිවාරු මුතූවා” නැමැත්තා මෙහෙයවනු ලබන සිද්ධීන් ජාලයක් බවට ද පොලිසිය සැක කරයි. කොරතොට “කයිවාරු මුතූවා” නැමැත්තාට කප්පම් ලබාදීම බොහෝ ව්‍යාපාරිකයින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් මෙලෙස කුලීකරුවන්…