Author: Buzzer Editor

ව්‍යාජ සහ වංචනික වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා පිරිනමමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්දියානු ඊ-වීසා ගැනීම සඳහා එම ව්‍යාජ අඩවි භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට දැනුම් දෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. එම ව්‍යාජ වෙබ් අඩවි ලැයිස්තුව පහත දැක්වේ. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා. ඒ අනුව වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ. මෙවර වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර මෙම වෙසක් සතිය ලබන 08 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. එසේම මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතයි.

Read More

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. සාකච්ඡාවලින් අනතුරුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට බයිඩන් සහ යූන් සුක් යූල් මාධ්‍ය හමුවකට එක් වූහ. උතුරු කොරියාව න්‍යෂ්ටික අවි භාවිතයට ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම්, ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානමින් සිටින බව එහිදී රාජ්‍ය නායකයෝ දෙදෙනා පැහැදිලි කළහ. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් ඇමෙරිකා බලා පැමිණියේ ජනාධිපති ආර්යාව ද සමඟය. ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් සහ ආර්යා ජිල් බයිඩන්ගෙන් දකුණු…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01 වැනිදා) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ වාගේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කිරීමට තීරණය කළේය. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කළ බවත් ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 333 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 365 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 330 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව…

Read More

සියලුම සේවකයන්ට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් 1886 දී කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්ව විරෝධතාවයක් ආරම්භ කළා. දින ගණනාවක් තිස්සේ පැවති මෙම විරෝධතාවයට එරට පොලීසිය ප්‍රහාර එල්ල කළ අතර විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත් වුණා. පසු කලෙක මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළා. ඒ අනුව ගත්කල අදට යෙදී ඇත්තේ 137 වන ලෝක කම්කරු දිනයයි.

Read More

සුඩානයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත රැගෙනවිත් ඇති තිබෙනවා. අදාළ පිරිස ජෙඩාහි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල් ජනරල් විසින් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ. කලින් අවස්ථාවකදී ද තවත් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු ජෙඩා නුවර වෙත ගෙන ඒමට කටයුතු කර තිබුණා.

Read More

උස්බෙකිස්තානයේදී පැවැත්වෙන 5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට මාරිස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩක තුශේන් සිල්වා පෙරේදා (27 වැනිදා) සමත් වූයේය. බාලක රිටි පැනීම ඉසව්වේ මීටර් 4.70ක දස්කමක් දක්වමින් ඔහු එම පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම නව යොවුන් ජාතික වාර්තාවක් ද වේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ආසියානු මට්ටමේ තරගාවලියක දී රිටි පැනීම පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ වසර 72කට පසු වන අතර අවසන් වරට එම ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට එම්. ඒ. අක්බාර් 1951 වසරේදී සමත් වී තිබුණේය. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

රුසියන් යුක්රේන අර්බුදය සමතයකට පත් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී, සකස් කළ සාම වැඩපිළිවෙළ අවතක්සේරු නොකරන්නැයි රුසියාව යුක්රේන රජයට දන්වා ඇත. රුසියාව මෙසේ පැවැසුවේ, එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ පළමු දුරකතන කතාබහ සිදුවීමෙන් අනතුරුවය. චීන රජය මෙම නව සාම සැලැස්ම සකස් කළේ, මීට මාස කීපයකට පෙරය. රුසියාව එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැමැත්ත පළ කර ඇති නමුත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලබන යුක්රේනය එය නොසලකා හැර තිබුණි. කෙසේ නමුත් චීන ජනාපධිතිවරයාගේ ඇමතුම ලබා ගනිමින් ඔහු සමඟ සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුක්රේන ජනාපධිති සෙලෙන්ස්කී කටයුතු කිරීම ඇමෙරිකාවේ පවා පැහැසුමට හේතුවක් වී…

Read More

මේ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බවත්, ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (30 වැනිදා) සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ට අධික තද වැසි ද ඇතිවිය හැකි අතර නැගෙනහිර පළාතේ සහ මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Read More