- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (මැයි 4) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර, ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර 40 ක 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.…
උතුම් සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට මේ දිනවල පැවැත්වෙන බුද්ධරශ්මි ජාතික වෙසක් කලාපයට සමගාමීව සාමණේර හිමිවරුන් සියක් නමක් ගේ සහභාගිත්වයෙන් පිඬුසිඟා වැඩීමේ පින්කමක් ඊයේ (03)පෙරවරුවේ පැවැත්විය. කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට කොළඹ මහ නගර සභා පරිශ්‍රය දක්වා වැඩම කළ මෙම පිණ්ඩපාත චාරිකාවේදී ගංගාරාමයට ආසන්න පිහිටි බිෂොප් විද්‍යාලයේ සිසුවියන්ද සාමනේර හිමිවරුන්ට දානය පිරිනැමීම විශේෂ සිදුවීමක් විය. (ලංකාදීප)
ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
දිවයින පුරා මේ වනවිට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (මැයි 03) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වලද ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියාව පවතිනවා. ගිගුරුම්…
ගම්පොල, අම්බුළුවාව රක්ෂිතයෙ දින තුනක කාලයක් තිස්සේ සිට නිරුවතින් කෑකෝ ගසමින් සිටියේ යැයි කියන කාන්තාවක් ගම්පොල මූලස්ථාන පොලිසිය විසින් අද සොයා ගනු ලැබුවාය. දින තුනක කාලයක් තිස්සේ සිට රක්ෂිත වනාන්තරය තුළින් කාන්තාවක් වරින් වර කෑකෝ ගසන හඬ ඇසුණු ප්‍රදේශවාසීන් පිරිසක් ඒ ගැන රක්ෂිත වනාන්තරය තුළට ගොස් විපරම් කර බලා ඇත. ඇඟේ නූල් පොටක් වත් නොමැති කාන්තාවක් සිටින අයුරු දුටු එම ප්‍රදේශවාසීන් පිරිස මේ බව බව ගම්පොල මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ. ගම්පොල මූලස්ථාන පොලීසියේ කාන්තා නිලධාරිනියන් කණ්ඩායමක් පැමිණ මෙම කාන්තාවට ඇඳුම් අන්දවා ඇය එම නිලධාරිනියන්ගේ බාරයට ගෙනඇත. පොලිස් නිලධාරිනියන්ගේ බාරයට ගත් කාන්තාව ගම්පොල රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස්…
Bharti Airtel Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ විසින් කොළඹ වෙළෙඳපොළ දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඩයලොග් ආයතනය විසින් නිකුත් කල එම නිවේදනය පහත දැක්වේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඒ අනුව මැයි 1 වැනිදා ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ. ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී ගාස්තු ඉහළ දැමූ ආකාරයෙන්ම ඉන්ධන මිල පහත දමන අවස්ථාවේදීද යම් මුදලක් අඩු කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 49 වැනි එක්දින මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සාන්ත ජෝශප් කණ්ඩායම සමත්විය. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 156ක් රැස් කළ අතර ශාන්ත ජෝශප් කණ්ඩායම පන්දු වාර 41යි පන්දු 5 කදී කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරු ලෙස පැමිණ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ නේතන් ඩේවිඩ් පන්දු 79ක් තුළ ලකුණු 53ක් ලබා සිටිය දී අවින්තගේ පන්දුවකට දැවී ගියේ සාන්ත පීතර ක්‍රීඩකයින් දැඩි අසීරුතාවකට පත් කරමිනි. කැපී පෙනෙන පන්දු…
ඇමෙරිකා සංචාරයක නියැලෙන පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මකෝස් ජූනියර් ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ෆර්ඩිනැන්ඩ් මකෝස් ජූනියර් යනු පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මකෝස්ගේ පුත්‍රයාය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ෆර්ඩිනැන්ඩ් මකෝස් ජූනියර් ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවන පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකාවත් පිලිපීනයත් අතර හමුදා සහයෝගීතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු විය. ඊට අමතරව ද්වී පාර්ශ්වීය සබඳතා ද වර්ධනය කර ගැණුනි. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02 වැනිදා) සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු පළාත්වල සහ යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා…