- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබේ. මේ අනුව නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත. ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය. අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු…
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී ඇති අතර ඒ අනුව ඊයේ සහ අද යන දින දෙක තුළ සිරකරුවන් සඳහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. රැඳවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රසකැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත්…
රුසියානු යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට වතිකානය සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පැවැසුවත්, තමන් එවැනි සාම සැලැස්මක් ගැන කිසිවක් නොදන්නා බව රුසියාව පැහැදිලි කර තිබේ. එවැනි සාම සැලැස්මක් පිළිබඳ කිසිවක් තමන්ට වතිකානය දැනුම් දී නොමැති බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කෙසේ නමුත් රුසියන් යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීම සම්බන්ධයෙන් පාප්තුමන් උනන්දුවෙන් පසුවන තමන් හොඳින් දන්නා බව ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම අද දින (05 වැනිදා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැයට කිලෝ මීටර 40 ත් 50 ත් අතර අගයක් විය හැකි බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
වෙසක් පුර පසළොස්වක පොහොය, වෙසක් දිනය හෝ බුද්ධ පූර්ණිමා ලෙසද හැඳින්වේ, ලොව පුරා මිලියන සංඛ්‍යාත බෞද්ධයන් විසින් සමරනු ලබන බුද්ධාගමේ වඩාත්ම වැදගත් නිවාඩු දිනයකි. මෙම උතුම් දිනය බුදුදහමේ නිර්මාතෘ වූ සිදුහත් ගෞතමයන් පසුව හැඳින්වූ බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරනු ලබයි. වෙසක් පුර පසළොස්වක පොහොය චන්ද්‍ර දින දර්ශනයට අනුව මැයි මාසයේ පුර පසළොස්වක පොහොයට යෙදී ඇත. මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය 2023 මැයි 05 වන දින සමරනු ලැබේ. ශ්‍රී ලංකාව, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය සහ ඉන්දුනීසියාව ඇතුළු බොහෝ රටවල මෙම දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස සමරනු ලැබේ. බුදුන් වහන්සේගේ උපත බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේ මීට වසර…
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දන්සැල් අද දින (5) සිට (7) දින දක්වා දින තුනක් පරීක්ෂා කිරීම සිදුකරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම් .සාමබන්දු කුමාර මහතා පැවැසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 15 හි සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රාත්‍රි දෙකෙහිම දන්සැල් සෝදිසි කිරීම සිදු කරගෙන යන බව ද ඒ මහතා කියා සිටියි. මේ වන විට දන්සල් පවත්වාගෙන යන සංවිධාන හා පුද්ගලයන් ඔවුන්ට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ලියාපදිංචිවෙමින් සිටින බව ද හෙතෙම කීය . දන්සල් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව එම ලියාපදිංචි වන දන්සල් පවත්වන්නන් හට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී ඇති බව පවසන…
වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර ඇති බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්.
මේ වනවිට හටගෙන ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තිරික්ක වල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ. පෙරේදා දින (02) පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් හා රාජගිරිය ගේට්වේ පාසලේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ වයස අවුරුදු 16න් පහළ “ඒ” කාණ්ඩයේ පාසල් පැසිපන්දු තරගාවලියේ අවසාන මහා තරගයෙන් ගේට්වේ පාසල ලකුණු 84 – 66 කින් පරාජය කරමින් කොළඹ ශාන්ත ජෝශප් විදුහල ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේය. රාජගිරිය ගේට්වේ පාසල් පැසි පන්දු පිටියේදී පෙරේදා (29 වන දින) අවසාන මහා තරගය පැවැත්වුණු අතර, එහිදී තරගාවලියේ වටිනාතම ක්‍රීඩකයා ලෙස ඩැරන් බර්නාඩ් (සාන්ත ජෝශප්), දක්ෂතම ආක්‍රමණශීලී ක්‍රීඩකයා ලෙස බිලාල් සෆ්රාස් (ගේට්වේ) හා දක්ෂතම ආරක්ෂාකාරී ක්‍රීඩකයා ලෙස ඒරන් ජෙරල්ඩ් (සාන්ත ජෝශප්) යන ක්‍රීඩකයන් පදක්කම් කුසලාන හා සහතික පත් හිමිකර ගත්හ. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා…
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ෆින්ලන්තයට පැමිණියේය. ඒ, ෆින්ලන්තයේ පැවැත්වෙන රාජ්‍ය නායක හමුවකට සහභාගී වීමටය. ස්වීඩන, නෝර්වේ, අයිස්ලන්ත සහ ඩෙන්මාර්ක රාජ්‍ය නායකයන් ෆින්ලන්තයේ හෙල්සින්කී නුවරට රැස් වෙයි. ඒ නෝඩික් Nordic රරටවල රජ්‍ය නායක සමුළුව වෙනුවෙනි. ස්වීඩනය, නෝර්වේ රාජ්‍යය, අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය අයත් වන්නේ නෝඩික් රටවල් අතරටය. මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයයි. හටගත් යුද්ධයේ දී නෝඩික් රටවල සහාය ලැබෙන්නේ යුක්රේනයටය. යුද්ධය ඉක්මනින් අවසන් වී සාමකාමී වාතාවරණයක් නිර්මාණය වනු දැකීම තම අරමුණ බව නෝඩික් නායකයෝ පෙන්වා දී ඇත. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.