Author: Buzzer Editor

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. අද (07) පෙරවරු 9.00 සිට හෙට (08) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල ප්‍රදේශවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Read More

ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම ජපානයේ තරග සංචාරයක් සඳහා මැයි මසදී සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. මෙම තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටක් වන ජපාන ජාතික කණ්ඩායම සමග විස්සයි-20 තරග 5 කට ක්‍රීඩා කිරීමට නියමිතය. 2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන ජපාන ජාතික කණ්ඩායම ලබන ජූලි මාසයේදී නැගෙනහිර ආසියානු කලාපීය අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගයට සහභාගිවීම සඳහා වන සූදානම, ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහි තරගාවලියේදී…

Read More

වසර ගණනාවක් බලා සිටි චාල්ස් කුමරු අවසානයේ III චාල්ස් රජු ලෙස කිරුළු පැළඳ ගත්තේය. වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති රාජාභිෂේක උත්සවය ලොව පුරා රාජකීය පවුලේ සාමාජිකයින්, ප්‍රභූවරුන් සහ අමුත්තන්ගේ සහභාගීත්වයෙන් විශාල උත්සවයක් විය. නව රජු එක්සත් රාජධානියේ ජනතාව ලබාදුන් සහයෝගයට සිය කෘතඥතාව පළ කර ඇති අතර ඔවුන්ට කැපවීමෙන් සහ පක්ෂපාතීව සේවය කිරීමට ප්‍රතිඥා දී ඇත. නූතන ලෝකයේ වෙනස්වන අවශ්‍යතාවලට අනුගත වෙමින් රාජාණ්ඩුවේ සම්ප්‍රදායන් සහ සාරධර්ම ආරක්ෂා කිරීමට ද ඔහු පොරොන්දු වී තිබේ. III චාල්ස් රජු සිංහාසනය ලබා ගන්නේ එක්සත් රාජධානියට විශාල අභියෝග සහ අවස්ථාවන් ඇති අවස්ථාවක ය. බෙදී ඇති රටක් එක්සත් කිරීම සහ බ්‍රෙක්සිට් හි සංකීර්ණතා සැරිසැරීම මෙන්ම දේශගුණික විපර්යාස, ආර්ථික…

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 50 ත් තද සුළං ලෙසට පත්විය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත. ලාංකිකයන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම, සූර්ය විදුලි බල ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම එම කඩිනම් ව්‍යාපෘති තුනයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කොට තිබේ. මෙරට පුරවැසියන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම සඳහා ආධාර කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාල කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින අතර එය කඩිනමින්…

Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඊට එක්වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද එක්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි. එසේම ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, දේශීය ඖෂධ ක්ෂේත්‍රයට යොමු වීමත් සමඟම සිය සියලුම සෞඛ්‍ය සේවා මෙහෙයුම් “DIMO Healthcare” නමින් නව මුහුණුවරකින් හඳුන්වා දෙන ලදී. DIMO දශක 7කට වඩා වැඩි කාලයක් පුරාවට විකිරණවේදය, අක්ෂි විද්‍යාව, ස්නායු විද්‍යාව, හෘදරෝග චිකිත්සාව සහ පිළිකා රෝග යන අංශයන්ට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සපයමින් රටේ සෞඛ්‍ය සේවා අංශයට සිය උපරිම සහයෝගය දක්වා ඇත. මෙම සේවා තවත් පුළුල් කරමින් DIMO ආයතනය, මෑතකදී ඖෂධ ක්ෂේත්‍රයට පිවිසෙන ලදී. සිය උපායමාර්ගික දැක්මට අනුව කටයුතු කරමින් ඖෂධ ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වෙමින් Mansel Ceylon (Private) Limited සහ Associated Laboratories (Private) Limited යන සමාගම් අත්පත් කර ගැනීමටද DIMO…

Read More

ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය නිව්යෝර්ක්හී SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී ගෙන තිබේ. එම ආයතනය කලම්බු පිල මිලදී ගැනීමත් සමඟම මෙවර එල්.පී.එල්. තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ නම කලම්බු ස්ට්‍රයිකර්ස් ලෙස වෙනස්ව තරග වදිනු ඇත. ඇමරිකානු එක්සත් ජනපදයේ වාණිජ ඉඩම් මිලදී ගනු ලබන SKKY ආයතනය ඊට අමතරව අවන්හල් මෙන්ම විනෝදාත්මක සේවා සපයන ප්‍රකට ආයතන රැසකටම සේවය ලබාදෙනු ලබන ආයතනයකි. මෙහි හිමිකරුවා වන්නේ සාගර් ඛන්නා වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්නෙකි. එම කරුණ ප්‍රධාන කොට ඔහු නිව්යෝර්ක්හි සුප්‍රසිද්ධ ක්‍රිකට් ෆ්‍රැන්චයිසයක් වන SKKY ස්ට්‍රයිකර්ස්හි සම ආරම්භකයාය. (දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත්…

Read More

පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ සර්දාරි, ඉන්දියාවේ ගෝව බලා පැමිණියේය. පාකිස්තාන විදේශ අමාත්‍යවරයකු මෙසේ ඉන්දියාවට පැමිණියේ වසර 12 කට පසු වීම විශේෂත්වයකි. පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ සර්දාරි, ඉන්දියාවට පැමිණියේ ඉන්දියාවේ පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවේ විදෙස් ඇමැති සැසියට සහභාගීවීමටය. බිලාවල් බූතෝ සර්දාරි යනු ඝාතනයට ලක්වුණු පාකිස්තාන අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝ සහ ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ අසීෆ් අලී සර්දාරිගේ පුතුය. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණුපළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්විටින් විට අද දින (මැයි 06) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 50 ත් තද සුළං ලෙසට පත්විය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More