- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
ඉන්දීය අයි.පී.එල් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ අනුමැතියකින් තොරව, නීති විරෝධී ලෙස, තරග විකාශය කිරීමේ සහ ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාලව, දකුණු ඉන්දීය සුපිරි නිළියක වන තමන්නා භාතියා ට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් තමන්නා බාතියාට සිතාසි යවා ඇති බවත්, හෙට (29) වැනිදා ඇය අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් දැනුම් දී ඇත. නඩුවට අදාළව ප්‍රවීණ බොලිවුඩ් නළු සංජේ දත්ට ද පසුගිය 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද ඔහු අධිකරණයට පැමිණ තිබුණේ නැත. තම ප්‍රකාශය සටහන් කර ගැනීමට ඔහු…
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ පෙරේදා (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවෙමින් පැවැසුවේය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා චීනයේ නිල සංචාරයක නියැලෙන්නේ, චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්ය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් බ්ලින්කන් මෙසේ චීනයට ගියේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වී, යුක්රේනයට, ඊශ්‍රායලයට සහ තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ආධාර ලබා දීමට සූදානම් වෙද්දීය. ආධාර ලබා දීමට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී ඇත. වෙනම රටක් වුවත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ගේ කොටසක් යැයි චීනයේ පිළිගැනීමය. එහෙයින් සෙසු රටවල් තායිවානය සමඟ ඇයිහොඳයිකම් පැවැත්වීම චීනයේ විරෝධයට…
අද (27) පස්වරු 5.00 සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 5, කොළඹ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව යන නගර සභා බල ප්‍රදේශ ද, ජයන්තිපුර හා පැලවත්ත යන ප්‍රදේශවලට ද අද පස්වරු 5 සිට පසුදින පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි සඳහන් වන්නේ. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් නිසා මේ ආකාරයෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2024 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය විසින් පියවර ගත යුතුව තිබෙන බව රජය පවසනවා. මේ අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටිය සකස් කිරීම පිණිස 2023 මාර්තු මාසයේදී අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව අපරාධයකින් උපයා ගත් දේපල පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති ගැටුම්පත් සම්පාදකට උපදෙස් දීම…
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් පෙරේදා (24) නියෝග කළේය. අධිකරණ නියෝගයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් පවසා ඇත්තේ, බිරිඳ බොගෝනා ගෝමස්ට එල්ල වන එම චෝදනා මුල්කොට ගනිමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම කෙරෙහි තම අවධානය යොමු වී ඇති බවය. ‘ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මා ඉදිරියේ දී තීරණයක් ගන්නවා.’ යැයි අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් පවසා ඇත්තේ සිය එක්ස් ගිණුම ඔස්සේය. ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න තමන් ලබන සඳුදා දිනයේ ප්‍රකාශ කරන බව ද අග්‍රාමාත්‍ය සැන්චේස් අවධාරණය කර ඇති අතර, එතෙක් සියලු රජකාරි කටයුතුවලින් ඉවත්…
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද්‍යාඥයන් පැහැදිලි කළේ, සහරා කාන්තාරයෙන් ආ දූවිලි වලා හේතුවෙන් අහසේ පැහැය තැඹිලි පැහැයට හරුණු බවය. මීට පෙර 2018 වසරේ දී ද මේ අයුරින් සහරා කාන්තාරයෙන් ගසා ගෙන ආ දූවිලි හේතුවෙන් ඇතන්ස් අගනුවර අහසේ වර්ණය වෙනස් විය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි අද (24) උදෑසන දිවයිනට පැමිණුනා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙදෙනා ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය පවසයි. ඉන්දු පාකිස්තාන කාශ්මීර අර්බුදය ද ගාසා අර්බුදයට සමාන යැයි ඉරාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවේ පෙන්වා දුන්නේය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යෝධ සර්පයෙකුගේ පොසිල අස්ථි කැබලි ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් හමුවී ඇත. බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පතලකින් සොයාගත් මෙම යෝධ සර්පයාගේ පොසිල අස්ථි කැබලි අනුව උගේ දිග අඩි 36ත්, 50ත් අතර සහ බරින් ටොන් එකක් වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම සර්පයා ‘වාසුකි ඉන්ඩිකස්’ යන නමින් නම් කර ඇත. වාසුකී යනු, ශිව දෙවියන්ගේ ගෙළ වටා සිටින නාග රාජයාය. පිඹුරු විශේෂයකට අයත් බව පැවැසෙන මෙම පැරණි යෝධ සර්පයා වසර මිලියන 47කට පෙර ඉන්දියාව පුරා වාසය කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර, මෙතෙක් ජීවත් වු විශාලතම සර්පයන්ගෙන් එකෙක් විය හැකි බවයි විද්‍යාඥයන් මත පළ කරන්නේ. Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත්…
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර හෝ නැත. පසුගිය සති අන්තයේ ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ ද පහර දෙන බව ඇමෙරිකාවට දැනුම් දෙමිනි. කෙසේ නමුත් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය කඩිනමින් සමථයකට පත් කර ගන්නැයි ඇමෙරිකාව ඊශ්‍රායලයටත්, ඉරානයටත් දන්වා ඇත. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.