- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර සඳහා වන ‘විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම’ ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. තරගාවලිය නියෝජනය කිරීමට කැමැති විදේශීය ක්‍රීඩකයින් https://srilankacricket.lk/lpl-playerregistration-portal/යන වෙබ් පිවිසුම හරහා කාණ්ඩ දෙකක් යටතේ ලියාපදිංචි විය හැක. මෙහි එක් කාණ්ඩයක් ජාත්‍යන්තර තරග නියෝජනය කළ ක්‍රීඩකයින් වෙනුවෙන්ද (Capped) අනෙක් කාණ්ඩය දේශීය තරගවලට පමණක් ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ට (Uncapped) ද ලියාපදිංචි විය හැක. Capped ක්‍රීඩකයින් මෙම කාණ්ඩය යටතේ අවම වශයෙන් තම රට වෙනුවෙන් ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 යන ආකෘති තුනෙන් එක් අංශයක් එක් වරක් හෝ නියෝජනය කර ඇත්නම් ඔහු “Capped” ක්‍රීඩකයකු ලෙසින් සලකනු ලැබේ. Uncapped ක්‍රීඩකයින් මෙම කාණ්ඩය…
යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පළාතට යළි පැමිණ සිටින ජනතාවට සහ එම පළාතේ පදිංචි ජනතාවට පවතින ගැටළු විසදීම සදහා විශේෂ ජංගම සේවාවක් මෙම මස 26 සහ 27 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය පියවර ගෙන ඇත. මෙම ජිගම සේවය විෂය භාර අමාත්‍ය ජනාධිපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පැවැත්වේ. (දිවයින)
ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) සවස පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. 30 වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
ඇමෙරිකාව මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් සිටී. ඒ, එරට භාණ්ඩාගාරයේ ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් පාලක ඩිමොක්‍රටික් පක්ෂය සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය අතර පවතින මත ගැටුම් දිනෙන් දින උත්සන්න වීමත් සමඟය. අර්බුදයට කඩිනමින් විසඳුමක් සොයා නොගතහොත්, ඇමෙරිකාව බංකොලොත්වීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන්වරුන් අතරේ හටගත් මත ගැටුම් කඩිනමින් අවසන් කර නොගතහොත්, ඇමෙරිකාව බැඳුම්කර සඳහා මුදල් ගෙවීම තාවකාලිකව අත් හිටුවීමට ඇති අවස්ථාව තවත් ඉහල යනු ඇතැයි පැවැසෙයි. ජනාධිපති ජෝ බයිඩන් සහ කොංග්‍රසය (පාර්ලිමේන්තුව) එකඟතාවයකට පැමිණීමෙන් බැඳුම්කර සඳහා මුදල් ගෙවීම තාවකාලිකව අත් හිටුවීම වළක්වා ගැනීමට හැකිවේවි යැයි ඇමෙරිකන් ආර්ථික විශ්ලේෂකයන් බලාපොරොත්තු වන බව…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද දින (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනවාවගෙන් ඉල්ලා සිටිනවා.
රටේ පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දැමූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ භෞතික අධ්‍යයන කටයුතු මේ මස 22 වන සදුදා දින ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි. එමනිසා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ සිසු සිසුවියන් මේ මස 21 වන ඉරුදින පෙරවරු 8.00 සිට සිය නේවාසිකාගාර වලට පැමිණිය හැකි බවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සිසුනට දැනුම් දී සිටි. (ලංකාදීප)
එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර ඇත. ඒ අනුව ඒ සම්බන්ධ නඩු විභාග සම්මන්ත්‍රණයක් මැයි 15 වන දින සිදු වූ අතර මීළඟ කැඳවීම ජුනි 01 වනදා සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් අද දින (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අද (17) ලෙඩ නිවාඩු වාර්තා කර සේවය නොපැමිණසිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රටපුරා දිස්ත්‍රික් කාර්යාල දහසයේම නිලධාරීන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පවසා සිටියේය. (ලංකාදීප)
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙම මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුව විභාග ප්‍රවේශපත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාවද මෙම මස 18 වනදා සිට ලබාදෙන බවයි සඳහන් වන්නේ. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන (www.doenets.lk) වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.