- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝ මීටර 40 ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදුලි ගාස්තු සියයට 3කින් අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඉන්ධන සහ අමුද්‍රව්‍ය මිල පහත වැටීම මෙන්ම විදුලි ඉල්ලුම අඩුවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. මහජන උපයෝගිතා කොමිසම මෙම යෝජනාව සමාලෝචනය කර ඉදිරි සතිවලදී එය අනුමත කරන්නේද යන්න තීරණය කිරීමට බලාපොරොත්තු වේ. එම යෝජනාව අනුමත වුවහොත් 2015 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු අඩු කළ පළමු අවස්ථාව එය වනු ඇත. ඉහළ යන ජීවන වියදමට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට විදුලි ගාස්තු අඩු කිරීම පිළිගත හැකි සහනයක් වනු ඇත.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව තිබෙනවා. ඒ අනුව රජරට විශ්ව විද්‍යාලයේ පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංචාරක උදාව 2023, සංචාරක ප්‍රදර්ශනය 10 වැනි වරටත් 2023 මැයි 19/20 දෙදින කොළඹ BMICH හිදී පැවැත්විණි. කුඩා හා මධ්‍යම සංචාරක සේවා සපයන්නන්ට ඔවුන්ගේ යෝජනා සහ ඉදිරිපත්කිරීම් ප්‍රදර්ශනය කිරීමට සහ වටිනා සම්බන්ධතා ඇති කර ගැනීමට වේදිකාවක් ලෙස සංචාරක උදාව හැදින්විය හැකිය. COVID-19 වසංගතය හේතුවෙන් අභියෝගවලට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ප්‍රදර්ශන කුටි 200කට අධික සංඛ්‍යාවක් සහ දහස් සංඛ්‍යාත නරඹන්නන් සමඟින්, සංචාරක උදාව 2023 ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ සහ මහජනතාවගේ ප්‍රශංසාවට ලක්විය. මෙහිදී සහභාගිවන්නන් සඳහා විවිධ ප්‍රතිලාභ ලබා දුන් අතර, අනාගත ගනුදෙනුකරුවන්ට වැඩි අවධානයක්…
උසස්පෙළ පිළිතුරු ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 32කදී අද සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරමින් කියා සිටිනවා. එසේම විෂයන් 05ක ඇගයීම් කටයුතු මේවනවිට අවසන් කර ඇති බවද සඳහන් කළේය. ඇගයීම් කටයුතු අවසන් කළ උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගෙන ඇති බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 100ට ආසන්න සංඛ්‍යාවකදී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. (දිවයින)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) උදෑසන 10.00ට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී ආරම්භ උනා. ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද මීට සමගාමීව පැවැත්වීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ඡන්ද විමසීමේ දී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලතල ඇතුලු ධූර කිහිපයක් සඳහා සාමාජිකයින් පත් කරගැනීමට නියමිතව තිබෙනවා. අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කමිටුව මගින් නිලවරණ කටයුතු මෙහෙය වේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍ර දෙකේ පළ වූ රෙගුලාසි ලබන…
ඉතාලියේ එමීලියා රොමාග්න පළාතේ නගර රැසක් ජලයෙන් පටවී ඇති බවත්, මහ වැසි සමඟ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. නගර සියල්ල ජලයෙන් යටවීමත් සමඟ උන්හිටිතැන් අහිමි වුණු දහස් ගණනක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. නගර ජලයෙන් යටවී ගියේ එමීලියා රොමාග්න පළාතේ ගංගා සියල්ල පටාර ගැලීමෙනි. එමීලියා රොමාග්න පළාතේ නායයෑම් 300 ක් ද සිදුවී නිවාස රැසකට හානි විය. මාර්ග 400 කට වැඩි ගණනක් හානියට පත් වුණු බව ද පැවැසෙයි. විපතට පත්වූවන්ට කඩිනමින් ආධාර ලබා දීමට බලධාරීන් කටයුතු කර ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් අද දින (20) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදි විවෘත කිරිමට තිබු අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය සඳහා රැගෙන විත් තිබූ ජල නල විශාල ප්‍රමාණයක් ඊයේ (19) හදිස්සියේ ගිනි ගැනිමකට ලක්ව ඇතයි වාර්තා වේ. කෝටිගනනක ජල නල මෙහි තිබූ බව ඉංජිනේරුවෝ පවසති. මෙම ජල නල අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන අතර අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් සියලුම ජල නල මෙහි තිබු බවද ඉංජිනේරුවෝ පවසති. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරයි. අරණායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි. (ලංකාදීප)
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අය කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 1993 වසරේද අග්‍රමාත්‍යවරයා ලෙස තමා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවයි. නමුත් 2023 දීත් තවමත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටීම කණගාටුවට කරුණක් බවත්, රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ යුතු නැති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ…