Author: Buzzer Editor

පෙරේදා (26) පැවති පක්ෂ නායක රැස්වීමේ දී පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් හට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් වන අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එය ස්ථිර කර ඇති බවත් සඳහන් වන අතර පාර්ලිමේන්තුවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව අදාළ යෝජනාව අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා වෙත ලබාදීමට නියමිත බවත් සඳහන්. ඔහු පසුගියදා මෙරටට නීතිවිරෝධී ලෙස රත්‍රං, දුරකථන රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර පසුව රු. මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරීම යන කාරණය මුල් කරගෙන මෙම…

Read More

ලොව ජනප්‍රිය ගායිකාවක වන ටීනා ටර්නර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මිය යන විට ඇය 83 වැනි වියේ පසුවිය. ස්විට්සර්ලන්තයේ ඇයගේ නිවසේදී දීර්ඝ කාලයක සිට පීඩා විඳි රෝගී තත්ත්වයක් හේතුවෙන් ටීනා ටර්නර් මිය ගිය බව ඇයගේ නියෝජිතයා තහවුරු කර තිබේ. ඇය ඇගේ සංගීත ජීවිතය 1950 වසරේදී ආරම්භ කර ඇත. ටර්නර් ඇයගේ සංගීත ජීවිතයේදී ග්‍රැමී සම්මාන 8 ක් හිමිකර ගෙන ඇති අතර ඉන් 6 ක්ම 1980 දශකයේදී ටීනා ටර්නර් හිමිකර ගෙන තිබේ. 1980 දශකයේදී හොඳම ගීත 40 අතරට ටර්නර්ගේ ගීත 12 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුලත් වී තිබූ අතර 1988 වසරේදී රියෝ ඩි ජෙනයිරෝ නගරයේ පැවති සංගීත සංදර්ශනය 180000 ක…

Read More

වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී) විධායක කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් පත්වීම නීති විරෝධී බවත් ඒ පිළිබඳව කරුණු සොයා බැලීම සුදුසු බවත් නිර්දේශ කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රීඩා ඇමැති වරයාට ඊයේ (25දා) ලිඛිතව දන්වා ඇත. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (1) වගන්තිය යටතේ අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා ජාතික ක්‍රීඩා සභාව ස්ථාපිත කර ඇති බවත් එම පනතේ 4 (3) වගන්තියේ දැක්වෙන්නේ එම සභාවට පත් කරනු ලැබූ සාමාජිකයකු තමා…

Read More

දකුණු අප්‍රිකාවේ කොලරා වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී. දකුණු අප්‍රිකා වැසියන් රජයට චෝදනා කරන්නේ බීමට හෝ ගෙදරදොර කටයුතු කරගෙන යෑමට පිරිසුදු පානීය ජලය නිසි ලෙස නොලැබීම මෙම වසංගතයට හේතුවක් බවය. කොලරා වසංගත තත්ත්වය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇත්තේ ගුටෙන්ග් පළාතේය. දකුණු අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන පළාතක් ලෙස සැලකෙන්නේ ගුටෙන්ග්ය. ගුටෙන්ග් රෝහල් සියල්ල කොලරා රෝගීන්ගෙන් පිරී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ වනවිට කොලරා රෝගීන් 100 කට වැඩි දෙනකු ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, මරණ 20 ක් වාර්තා වන බවත් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී. රෝහල්ගත කළ 100 දෙනාගෙන් 37 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer…

Read More

අද දින (26) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read More

අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්ධන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ඊයේ (25) ගම්පහ නගරයේදී ආරම්භ කළේය. මෙහිදී උපකාරක පන්ති ඇතුලු ස්ථාන කිහිපයක මදුරු කීටයන් සිටින බවට හදුනා ගැණින. පළමුව නිරීක්ෂණ ඩ්‍රෝන කැමරා මගින් ඉහල ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීම සිදු කරමින් කීට නාශක යෙදීම සිදු කිරීම මෙහිදී සිදු කෙරිණි. ඉහල ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන ගණනාවක්ම මෙම පරීක්ෂාවේදී හදුනා ගත් අතර එම සියලුම ස්ථානයන්හි හිමිකරුවන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම පිනිස ඉදිරි කටයුතු කෙරෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රෝහණ රණසිංහ මහතා පැවසීය. (ලංකාදීප) මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති…

Read More

උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට සිදුවූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව 70% ක් දක්වා උපරිමයකට ගිය උද්ධමනය මේ වන විට 30% මට්ටමට පැමිණ ඇති බවත් මෙම වසරේ සිව්වන කාර්තුව හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බවට සහතික කරන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්න්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව රට තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මූලික දැනුමක් කාන්තාවන්ට ලබා දීම සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. මූලික අදියරයේ සිට පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවට සහභාගිවීමට කැමැති වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන්ට මේ සඳහා අයැදුම් කළ හැක. මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු කාන්තාවන්ට අමතරව දිවයින පුරා පාසල්වල සේවය කරන ශාරීරික පුහුණු උපදේශිකාවන්ට සහ කාන්තා ක්‍රීඩා පුහුණුකාරිණියන්ට ද මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත. ශ්‍රී ලංකාවේ පළාත් 4 ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වේ. එහිදී මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද වයඹ, උතුරු මැද සහ…

Read More

රුසියන් අග්‍රාමාත්‍ය මිහායිල් මිස්ෂුස්ටින් චීනයේ ෂැංග්හායි නුවරට මීට දින කිහිපයකට පෙර පැමිණියේය. රුසියන් අග්‍රාමාත්‍යවරයා මෙසේ චීනය බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් රජය නියෝජනය කරමින්, චීනය සමඟ නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම් කීපයකට අත්සන් තැබීමටය. රුසියන් අග්‍රාමාත්‍යවරයාට චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රුසියන් චීන ව්‍යාපාර සන්සදයේ විශේෂ සමුළුවක් ෂැංග්හායි නුවරදී පැවැත්වුණු අතර, රුසියන් අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගී විය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිනයේ (25) නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More