Author: Buzzer Editor

2023 මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ 05 වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. පස්වැනි ස්ථානය දිනා ගැනීම නිමිත්තෙන් කිරිගිස්තානය සමග පැවති තරගය තරග වට 3-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ස්ථානය හිමිකර ගත්හ. තරගාවලිය පුරාවට තරග පහකට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරග දෙකේදී පරාජයට පත්වූ අතර අනතුරුව පැවති තරග තුනම ජයග්‍රහණය කරමින් දස්කම් දැක්වීය. ශ්‍රී ලංකා මෙම තරගාවලිය යටතේ මීට පෙර බංග්ලාදේශය මාලදිවයින පරාජය කිරීමට සමත් වූයේය. පළමු වටය : ලකුණු 25-11 ක් දෙවැනි වටය : ලකුණු 25 -20ක් තෙවැනි වටය : ලකුණු 25-14ක් Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ…

Read More

උතුරුදිග පාකිස්තානයේ සිදුවුණු හිමකඳු නායයෑමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනකු හිම තට්ටු අතරේ සිරවී සිටින බව පැවැසෙයි. මියගියේත් හිම තට්ටු අතරේ සිරවී සිටින්නේත් ගෝත්‍රික වැසියන් පිරිසක් බව ද පැවැසෙයි. හිම තටට්ු අතරේ සිරවුණු පිරිස මුදා ගැනීම ගැටලුවක් වී ඇතැයි පැවැසෙයි. හිම කඳු නායයෑම සිදුවූයේ පාකිස්තාන පාලනයට නතු කාශ්මීරයේ ගිල්ජිට් බල්ටිස්ටාන් පළාතේ කඳුකරයේය. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දින (29) දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

එළඹෙන ජූනි මස සිට ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට තීරණය කර ඇති බව ඇවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව ලබන මස මුල කරන ඉන්ධන මිල සංශෝධනයත් සමගම ඉන්ධන කෝටාව ප්‍රමාණයද ඉහළ දමන කරන බව අමාත්‍යවරයා කීය. වැලිගම ප්‍රදේශයේ පැවති පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙලෙස පවසා ඇති බවට ප්‍රකාශ වනවා. ට්විටර පණිවිඩයක්ද සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුනා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වනවා. ඒ අනුව අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 08 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568කදී පැවැත්වීමට නියමිත විභාගය සඳහා අපේක්ෂකයින් 472,553 ක් පෙනීසිටීමට නියමිතයි. විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතුව යන ලෙසත් විභාග ප්‍රවේශ පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කරගෙන යන ලෙස සහ ජාතික හැඳුම්පත රැගෙන යා යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙක් වූ ආචාර්ය ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට 85 වැනි වියෙහි පසුවිය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.

Read More

මෙවර IPL තරගාවලියේ අවසාන අදියරේ තරගවලදී පන්දු යවන්නන් විසින් යවනු ලබන එක් නිලකුණු පන්දුවකට ගස් 500 බැගින් රෝපණය කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු යොදා ඇත. ඒ අනුව පසුගිය අඟහරුවාදා චෙන්නායි කණ්ඩායම සහ ගුජරාට් කණ්ඩායම අතර පැවැති තරගයේ චෙන්නායි ඉනිමේදී නිලකුණු පන්දු 34 ක් සහ ගුජරාට් ඉනිමේ නිලකුණු පන්දු 50 ක් ලෙස සමස්ත තරගයේ නිලකුණු පන්දු 84 වාර්තා වූයේය. ඒ අනුව එම තරගයේ ක්‍රියාත්මක වූ නිලකුණු පන්දු අනුව රෝපණය කිරීමට නියමිත ගස් ගණන 42000 කි. එම තරගයේදී චෙන්නායි කණ්ඩායම නියෝජනය කළ මහීෂ් තීක්ෂණ නිලකුණු පන්දු 8ක් යොමු කළ අතර ඊට අදාළව රෝපණය වීමට නියමිත ගස් ගණන 4000 කි. මතීෂ පතිරණ එහිදී…

Read More

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ, පාකිස්තාන ජාතික බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන, මානව ක්‍රියාකාරිනී මලාලා යූසොෆ්සායි සැමියා ද සමඟ බ්‍රසීලයේ සංචාරයක නියැලෙයි. 25 හැවිරිදි මලාලා යූසොෆ්සායි විවාහ වී සිටින්නේ පාකිස්තාන ජාතික අසීර් මලීක් සමඟය. 27 හැවිරිදි අසීර් මලීක්, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයෙකි. විවාහයෙන් පසු මලාලා බ්‍රසීලයේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. බ්‍රසීලයේ ආදිවාසී ගෝත්‍රික දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද මලාලා අවස්ථා ගණනාවකදී හඬ නගා ඇත. ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ලෙසය. කුඩා කළ මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේය. මලාලාගේ පියා ගුරුවරයෙකි. ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක වූයේ පාකිස්තාන තලේබාන්වරුන්ගේ ආධිපත්‍යය සහ ඔවුන්ගේ ෂරියා නීතියයි. ඒ අනුව බාලිකා…

Read More

අද දින (28) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, වයඹ, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය. තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවට එක් වෙමිනි. නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන පැවැත්විණි. (ලංකාදීප)

Read More