- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editor
යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කර ඇත. මෙම ප්‍රකාශිකාව නියෝජනය කරන්නේ යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශයයි. අවශ්‍ය තොරතුරු ලබා දුන් සැණින්, පරිගණක ඇසුරින් නිර්මාණය කළ මෙම ප්‍රකාශිකාව, සැබෑ නිල ප්‍රකාශිකාවක ලෙස, යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන්, මාධ්‍ය ප්‍රකාශ ලබා දීම සිදු කරයි. AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, පරිගණක ආධාරයෙන් නිර්මාණය කළ තැනැත්තියක බැවින් ඕනෑම භාෂාවක් කතා කිරීමට ද ඇයට පුළුවනි. යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය “වික්ටෝරියා ෂී” යනුවෙන් මෙම ප්‍රකාශිකාව නම් කර ඇත. “වික්ටෝරියා ෂී” නිර්මාණය කර ඇත්තේ රොසලීන් නෝබ්‍රේ නමැති යුක්රේනයේ ජනප්‍රිය ගායිකාවකගේ රූපය…
ඉන්දුනීසියාවේ රුඅංග් ගිනි කන්ද පුපුරා යෑමටත් දුම් වලා පිට කිරීමටත් පටන් ගත්තේය. ගිනි කන්දෙන් නැගුණු දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කෙරුණු බව ද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගිනි කන්දෙන් නැගුණු දුම්වලා මැලේසියාව තෙක් විහිදී ගිය බවය. ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ ඒ අවට වැසියන් දහස් ගණනක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද පැවැසෙයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
බොහෝ රටවල, මැයි දිනය පුරාණ වසන්ත උත්සවයක් ලෙස සැලකෙන නමුත්, වර්තමානයේ එය ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සඳහා කම්කරු දිනය (හෝ ජාත්‍යන්තර කම්කරු දිනය) ලෙස හඳුන්වනු ලබයි. සෑම වසරක ම, වඩා යහපත් සේවා කොන්දේසි සහ වෘත්තීය සමිතිවලට වැඩි බලතල ඉල්ලා ලොව පුරා විරෝධතා පැවැත්වේ. මුල් කාලයේදී එය විවිධ සමාජවාදී, කොමියුනිස්ට් සංවිධාන සහ කම්කරු කණ්ඩායම් විසින් සමරන ලදී. මුල් විරෝධතා ඇමෙරිකාවේ පැවැත්වුව ද, එහිදී එය සමරනු ලබන්නේ, සැප්තැම්බර් මස එළඹෙන පළමු සඳුදා දිනයේදී ය. සියල්ල ආරම්භ වූයේ කෙසේ ද? 1886 වසරේදී, බ්‍රිතාන්‍ය සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වූ රොබට් ඔවන්ගේ අදහසක් මත පදනම්ව දිනකට පැය අටක සේවා…
මෙරට ප්‍රවීණ සංගීතවේදීයෙකු වූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවුනා. ප්‍රවීන ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන සංගීතවේදී ප්‍රේමදාස මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කරමින් සංගීත ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටුකල බව සැවොම දන්නා කරුණකි. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
බිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි. බිරිඳ බොගෝනාට දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි අධිකරණය නියෝග කළේ පසුගිය සතියේය. එම අවස්ථාවේදී, තමන් ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න ඊයේ (29) පවසන බව පේඩ්‍රෝ සැන්වේස් මාධ්‍ය හමුවේ කියා තිබුණි. ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජු ද හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ජනතාවගේ ඉල්ලීම සලකා තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමු නොගැනීමට තීරණය කළේ යැයි පේඩ්‍රෝ සැන්චේස් වැඩි දුරටත් පෙන්වා දුන්නේය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2022 වසරේ මිලියන 8.54ක් වූ ශ්‍රමබලකාය පසුගිය වසරේ මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බවත් ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතිකය ද සියයට 49.8 සිට 2023 වසරේ සියයට 48.6ක් දක්වා පහත වැටී ඇති බවත් මහ බැංකුව කියයි. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
කාම්බෝජයේ හමුදා කඳවුරක වෙඩි උණ්ඩ ගබඩාවක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් කාම්බෝජ සොල්දාදුවෝ 20 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. පිපිරීම සිදුවූයේ කම්පොංග් ස්පියු පළාතේ පිහිටි හමුදා කඳවුරක යැයි පැවැසෙයි. පිපිරුමෙන් කඳවුරේ සිටි තවත් සොල්දාදුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල්ගත කර ඇත. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ජපන් විදේශ කටයුතු අමාත්‍ය Yōko Kamikawa මැයි 04 සහ 05 දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරය අතරතුරදී ඇය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම නිල සංචාරයට එක්වීමට නියමිතයි. (එසැණ) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පෙරේදා (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඇලෙක්සිස් ටේලර් මහත්මිය දැනුවත් කළ අතර මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පරපුර ආකර්ශනය කර…
චීන සංචාරය නිමා කිරීමෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සෞදි අරාබියට පැමිණියේය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය සමඟ පවතින අර්බුදයට විසදුම් සෙවීමේ අරමුණින් කලාපීය නායකයන් කීප දෙනකු හමුවීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අපේක්ෂාවෙන් පසුවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.