- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
නිරිත දිග මෝසම දිවයින හරහා සම්පුර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දින (09) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහකොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට…
මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංංකුව පවසයි. එම සංචිත වත්කම් ඉහළ යෑමේ ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයට සාපේක්‍ෂව සියයට 26.2 ක් බව කියන මහ බැංකුව අප්‍රේල් මාසයේ ඩොලර් වත්කම් ප්‍රමාණය මිලියන 2,761 ක් බව ද සඳහන් කළේය. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය මැයි මාසය තුළදී සියයට 27.9 කින් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව කියයි. චීන මහජන බැංකුව පිරිනැමූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක විදේශ විනිමය හුවමාරු පහසුකම් ලැබීම් ද මෙම සංචිතවලට ඇතුළත් බව…
ලංකා සතොස භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බව එම ආයතනය පවසනවා. ඒ අනුව මුං ඇට, වියළි මිරිස්, රතු පරිප්පු, රතු නාඩු, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කිරිමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. අඩු වූ මිල සහ නව මිල පහතින්.
රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමය වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදින්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය කරන ලද මෙම වැඩසටහන මීගමුව අමාගි ආරියා හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. විවිධ සූපවේදි ක්‍රියාකාරකම් හා වැඩසටහන් හරහා සූපවේදින්ගේ වෘත්තිමය කුසලතා වර්ධනයට අදාල විවිධ වැඩසටහන් මෙහි ක්‍රියාත්මක වු අතර මෙමඟින් මෙරට සූපවේදින්ට සිය දක්ෂතා ඔපමට්ටම් කරගැනීමට මහඟු අවස්ථාවක් උදාවීය. පැල්වත්ත සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.“ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනය කිරීම පැල්වත්ත…
විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර දී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බලපත්‍ර අහෝසි කිරීමට සහ ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදුකළ නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කරන ලෙස විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ. සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ දීමනා කඩිනමින් ගෙවා නිමකරන සැලසුම, නව විදුලිය මිලදී ගැනීමේ මිල සුත්‍රය, ඉදිරි මාස 18 තුළ විදුලිබල උත්පාදන සැලසුම මෙන්ම තාවකාලික බලපත්‍ර ලබා දී ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කරුණු පිළිබඳව අවධානය යෙමු කළ බව ද අමාත්‍යවරයා කීය. 2023-2026 සහ 2026-2030 වර්ෂ සදහා වන පුනර්ජනනීය බලශක්තිව්‍යපෘති ක්‍රියාත්මක…
18 වැනි ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ තහනම් උත්තේජක මර්දනය පිළිබඳ සමුළුව ලබන 12 සහ 13 දෙදින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වේ. ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායනය එම කටයුතු සැලසුම් කර ඇත. ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල් 39 කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයින්, රටවල් 9 ක ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු සාමාජිකයින් 10 දෙනෙක් ද මෙම සමුළුව නියෝජනය කිරීමට පැමිණිමට නියමිතය. ඒ පිළිබඳව ඊයේ (7) පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය අප කෙරේ තැබූ විශ්වාසය…
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ලන්ඩන් මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ, ගැටවර වියේ දී තමන්ගේ දුරකතනය ‘ටැප්’ කරමින්, තම දුරකතන කතාබහට හොරෙන් කන් දුන් බවට බි්‍රතාන්‍යයේ ‘මිරර්’ මාධ්‍ය ජාලයට චෝදනා කරමිනි. හැරී කුමරු ලන්ඩන් මහාධිකරණය හමුවේ පෙනී සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමටය. වසර 100 කට පසු බ්‍රිතාන්‍ය රාජකීයයකු අධිකරණයක් හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ. බ්‍රිතාන්‍යයේ පමණක් නොව, ලොව පුරා ප්‍රකට ‘ඕපාදූප’ ටැබ්ලොයිඩ් පුවත්පත් වන ‘ද මිරර්’ සහ ‘සන්ඩේ මිරර්’ ආදිය මුද්‍රණය කරන්නේ ‘මිරර්’ මාධ්‍ය ජාලයයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දින (08) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලටත් මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතු බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ…
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. ජනාධිපතිවරයා සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයින් අතර හමුවක් ඊයේ (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.