Author: Buzzer Editor

අද දින (ජුනි 12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද…

Read More

වී වගාව සඳහා යොදන සියලුම කෘමි හා වල් නාශක 60% ක් ඉතිරි කරගනිමින්, කාලය, ධනය, ශ්‍රමය, ආරක්ෂා කරගෙන අක්කර දෙකහමාරකට විනාඩි 4 ක කාලයකින් දියර ඉසීමට හැකි ඩ්‍රෝන යානාවක් නිර්මාණය කර ශ්‍රී ලාංකිකයකු පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගලින් හමු විය. ඔහු නමින් සංකල්ප ද සිල්වා ය. බඩ ඉරිඟු, පොල්, කජු, උක්, ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට වැළඳෙන සියලුම රෝග සඳහාද මෙම ඩ්‍රෝන යානාව උපයෝගී කරගනිමින් දිය‍ර ඉසීමට හැකිවන පරිදි ඔහුව මෙම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි, 2015 වර්ෂයේ සිට විවිධ පර්යේෂණ මගින් නිර්මාණය කර ඇති මෙම කෘෂිකාර්මික ඩ්‍රෝන යානාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පුරා අක්කර නවසීයකට ආසන්න සංඛ්‍යාවකට අදාල කෘමිනාශක හා…

Read More

ලබන 2024 දී ජනාධිපතිවරණයකට නිසැකවම මුහුණදීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා. ඉන්පසු මහ මැතිවරණයකටද මුහුණදීමට සිදුවන බවයි ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ. මුලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් රටේ ස්ථාවරභාවයක් ඇතිවන බවත් එසේ රට ස්ථාවරවුවහොත් රටේ ආර්ථිකයද නිවැරදි ලෙස සකස් කළ හැකි බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් පසුව ඊයේ අලුයම 3.15ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගියේය. සිම්බාබ්වේ සත්කාරකත්වය දරන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රීඩකයින් 15 දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලදී. 1) දසුන් ශානක – නායක 2) කුසල් මෙන්ඩිස් – (Wk) උප නායක 3) දිමුත් කරුණාරත්න 4) පැතුම් නිශ්ශංක 5) චරිත් අසලංක 6) ධනංජය ද සිල්වා 7) සධීර සමරවික්‍රම (Wk) 8) වනිඳු හසරංග 9) චාමික කරුණාරත්න 10) දුෂ්මන්ත චමීර 11) කසුන් රාජිත 12) ලහිරු කුමාර 13) මහේෂ් තීක්ෂණ 14) මතීෂ පතිරණ 15)…

Read More

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. පසුගිය ‘කොවිඞ්’ වසංගත සමයේ, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, ජොන්සන් සෞඛ්‍ය අංහ පැනැවූ නීති උල්ලංඝනය කරමින් සිය නිවසේ මධුවිත සාද පැවැත්වීය. ඊට අප්‍රසාදය එල්ල වෙද්දී, පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද ජොන්සන්ට අහිමි විය. සෞඛ්‍ය නීති උල්ලංඝනය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට ජොන්සන් තීරණය කළේ ඒ නිසා යැයි මාධ්‍ය වාර්තා කර ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දින (ජුනි 11) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන…

Read More

කොරියාවේ නැව් හදන කම්හල් වලට ශ්‍රමිකයන් පුහුණු කරන මධ්‍යස්ථානයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය තුළ පිහිටුවීම සඳහා කොරියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියා ක්ලූලයිෆ් ආයතන අතර අවබෝධතා ගිවිසුම කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද අත්සන් කළේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන් යුං ලිම් යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මෙම අවබෝධතා ගිවිසුම අනුව…

Read More

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර කර තිබෙනවා. ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතයි.

Read More

මෙරට සම්මානනීය ප්‍රවීන රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 96 වැනි උපන්දිනය අදට (ජුනි 09) යෙදී ඇත. වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන කලා ක්ෂේත්‍රයන්හි සිය රංගන කෞශල්‍යය එළි දැක්වූ ඇය යශෝරාවය ටෙළි නාට්‍යයේ රගපෑ සුදු හාමිනේ චරිතය වාගේම දූ දරුවෝ නාට්‍යයද ප්‍රේක්ෂකයින්ගේ හදවත් හි සදාතනික බැදීමක්ව අදටත් පවතී. ජායාරූප මුලාශ්‍රය: Nipuni Wickramanayake Photography Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

කැනඩාවේ ප්‍රාන්ත රැසක දරුණු ළැව් ගිනි පැතිර යමින් පවතින බවත්, ළැව් ගිනි හේතුවෙන් මිලියන 100 කට බලපෑම් එල්ල වී ඇති බවත් කැනඩා රජය පවසයි. වසර ගණනාවකට පසු කැනඩාව මුහුණ දෙන දරුණුතම ළැව් ගිනි ව්‍යාසනය මෙය යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇත. කැනඩාවේ ළැව් ගිනි පැතිර යෑම ආරම්භ වූයේ මීට සති කීපයකට පෙර සිටය. වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්තිය සිදුවෙමින් පවතී. කැනඩා ගිනි නිවන භටයන් පෙරේදා (7) පැවැසුවේ පාලනය කළ නොහැකි ළැව් ගිනි 150 ක් මේ වනවිට කැනඩාව පුරා පැතිර යමින් පවතින බවය. ළැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් මිලියන 3.8 ක් සම්පූර්ණයෙන් අළු වී ගොස් තිබේ. ළැව් ගිනි…

Read More