Author: Buzzer Editor

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක ඊයේ (13) දිනයේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දැනට පවතින බාධාවන් සහ අවස්ථාවන් හඳුනා ගනිමින් එකී බාධා ඉවත් කොට පවතින අවස්ථාවන් උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් අමාත්‍යවරුන් හය දෙනකුගේ සහභාගීත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරිණි. එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ 25ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර එකී නිර්දේශ ක්‍රියාත්මක…

Read More

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (13) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වනවා. ඒ අනුව ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

කැනඩාවේ ළැව් ගිනි වලින් නැගෙන විෂ දුම, මේ වනවිට නෝර්වේ රාජ්‍යය තෙක් පැතිර ගොස් ඇතැයි, නෝර්වේ දේශගුණික, පාරිසරික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පවසති. නෝර්වේ රාජ්‍යය ඇත්තේ කැනඩාවේ සිට කිලෝ මීටර් 5,850 ක් දුරින් යුරෝපා මහද්වීපයේ කෙළවරේය. ළැව් ගිනි දුමාරය නෝර්වේ වැසියන්ට පමණක් නොව, සෙසු යුරෝපා රටවල වැසියන්ට ද අහිතකර බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. මේ වනවිට, ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ද එරටේ ළැව් ගිනි වලින් නැගෙන විෂ දුමාරය හේතුවෙනි. ඇමෙරිකාව සහ නිව්යෝක් නුවර ඇත්තේ කැනඩාවට පහළිනි. එරටේ ළැව් ගිනි ආරම්භ වී මේ වනවිට මාසයකට වැඩි කාලයක් ගත වී ඇත.…

Read More

අද දිනයේදී (ජුනි 13) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…

Read More

ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ සඟරාව, මෙම 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නම් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකු ඇතුළත්ය. සාගර ජීව විද්‍යාඥවරියක මෙන්ම, ‘ඕෂන්ස්වෙල්’ නිර්මාතෘ ආශා ඩි වෝස්, වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග ශ්‍රී ලංකාවෙන් එම ලැයිස්තුවට ඇතුළත් වූ විද්‍යාඥවයන් සිවුදෙනාය. ආශා ඩි වෝස් නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. ඇය සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික විද්‍යාඥවරියයි. ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ව විද්‍යාවෙන් 2022 ලිනියානු පදක්කම දිනාගත් අතර, එම පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයාය. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ඔහුගේ නිරන්තර පර්යේෂණ, ලේඛන…

Read More

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව ඔහු විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ.

Read More

ඕමානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කෙරූ යුරියා පොහොර තොගයන් බෙදාහැරීමේ කටයුතු අද දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ මෙරටට පැමිණ තිබුණා. ඒ අනුව අද (12) දිනයේ සිට දිවයිනේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහො​ර බෙදාහරින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට එරට දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවයක් පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) දහවල් කාලයේ දී එම හෝටලය වෙත පැමිණ තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමට මොහොතකට පෙර තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් එම හෝටලය වෙත පැමිණ තිබූ අතර, එම කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝටලයට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය (check-in) ඒ වන විට සිදු වෙමින් පැවැති බවයි එම ආයතනය සඳහන් කරන්නේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම්…

Read More

ස්කොට්ලන්තයේ හිටපු නායිකා නිකොලා ස්ටෲජන් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඒ, හිටපු නායිකාවට එරෙහිව මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත්, එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමගය. 52 හැවිරිදි ස්ටෲජන්, නියෝජනය කරන්නේ ස්කොට්ලන්ත ජාතික පක්ෂයයි. පොලිසිය දිගින් දිගටම ඇයගෙන් ප්‍රශ්න කරන බව ද වාර්තා වේ. පසුගිය අප්‍රේල් මාසයේ ස්ටෲජන්ගේ සැමියා පීටර් මුරෙල් පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ මූල්‍ය අක්‍රමණිකතා සම්න්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙනි. පීටර් මුරෙල්, ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයාය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More